Loading...
Twitter හරහා මුදල් ඉපයීමට හැකියාව ඇති Super follower සහ Facebook Groups වලට සමාන Communities පහසුකම් Twitter සමාගම නිවේදනය කරයි

ලොව සමාජ ජාල අතුරින් ඉදිරියෙන්ම සිටින සමාජ ජාලයක් ලෙස හැඳින්වෙන Twitter සමාජ ජාලය තුල Twitter සමාගම හරහාම එහි පරිශීලකයන්ට මුදල් ඉපයීමේ පහසුකම මේ වන තෙක්ම ලබා දී තිබුණේ නැත. නමුත් මෙය වෙනස් කරමින් Twitter සමගම Super Follower නම් පහසුකම සමඟ Twitter පරිශීලකයන්ට ඒ හරහා ඍජුව මුදල් ඉපයීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බව නිවේදනය කර තිබෙනවා.

මෙහිදී සිදු වන්නේ Twitter පරිශීලකයන්ට තම followersලා හට පිවිසීමට අවශ්‍ය විශේෂ අන්තර්ගතයන් වේ නම් ඒවා සඳහා පිවිසීමට යමු මුදලක් අය කිරීමේ අවස්ථාව ලබා දීමයි. එමෙන්ම මේ සඳහා ඔවුන්ගේ කැමැත්ත අනුව විවිධ groups create කර ඒවා වෙත එකතු වීමේ හැකියාවද පිළිබඳවද ඔවුන් විසින් නිවේදනය කර තිබෙනවා.

Super Follower පහසුකම හරහා යම් පුද්ගලයෙකුට තම followersලාට අවශ්‍ය කෙරෙන අතිරේකයන් මුදල් අයකිරීමකින් යුතුව ලබා දීම කල හැකිය. මෙහිදී Bonus tweets, community group access, newsletter subscriptions සහ තමන්ට සහය දක්වන අයට badge එකක්ද ලබා දීමේ පහසුකම් හැඳින්විය හැකිය. මෙම පහසුකම් පිලිබඳව Twitter සමාගම විසින් screenshot එකක්ද පල කර තිබෙනවා.

පසුගිය කාලය පුරාවටම සමාජජාලයන්හි ක්‍රියාකාරීන් වෙත ඍජුව මුදල් ඉපයීමේ අවස්ථාවන් ලබා දෙමින් Facebook, YouTube, GitHub වැනි ආයතන direct creator payment පහසුකම් සලසනු ලැබුවා. මීට අමතරව Patreon වැනි ක්‍රමද ලොව ඉතාම ජනප්‍රිය මාධ්‍යන් වුනා. මෙය සඳහා Twitter සමාගමද එකතු වන අතර එහිදී අදාල ගෙවීම් තම ගිණුම් වල බැරකර ගන්නා විට Twitter ආයතන එම සේවාව සැපයීම වෙනුවෙන් කොපමණ ගාස්තුවක් අය කරන්නේද යන්න පිලිබදව නම් මෙතෙක් සඳහන් කර නෑ.

මීට අමතරව Twitter සමාගම විසින් Facebook Groups වලට සමාන පහසුකමක් ලෙස Communities නම් පහසුකම හඳුන්වා දීමට යන බව නිවේදනය කර තිබෙනවා. Facebookහි ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන පහසුකමක් වන Groups පහසුකමට සමාන මෙම පහසුකම Twitterහි නොමැති වීම අඩුපාඩුවක් ලෙස සැලකුනා.

There’s no timeline yet for when either of these features will launch. Twitter listed them as “what’s next” for its platform during a presentation for analysts and investors this afternoon.

Twitter සමාගම විසින් මෙම පහසුකම් ලබා දෙන බවට නිවේදනය කරත් මෙම පහසුකම් නිකුත් කරන දිනයක් නම් පැහැදිලිව සඳහ්න් කර තිබුනේ නැහැ. ඔවුන් විසින් එය විශ්ලේෂකයන්ට සහ ආයෝජකයන් වෙත ඉදිරිපත් කිරීම සිදු කල අතර එය පිලිබඳව නිවේදනය කර ඇත.

Source: The Verge