Elon Musk විසින් ඩොලර් බිලියන 44 කට Twitter මිලදී ගත් බව ඔබ දැනටමත් දන්නවා ඇති. ඒ වගේම, මෑතක සිට Twitter වෙත බොහෝ නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කළ අතර, පරිශීලකයින්ගේ අමතර ආරක්ෂාව සඳහා Twitter හි DM Messages සදහා End to end Encrypt පහසුකම ලබා දිමටත් සූදානම් වනවා.
Twitter හි DM Messages සඳහා වැදගත් වෙනසක් පිළිබඳ ඉඟියක් Elon Musk විසින් Tweet එකක් පළ කරමින් ප්‍රකාශ කර සිටි අතර ඒ Twitter හි DM Messages වෙනත් අයෙකු කියවීමෙන් වලක්වා ගැනීම සඳහා End to end encrypt කළ යුතු බවයි.
Twitter DMs should have end to end encryption like Signal, so no one can spy on or hack your messages
— Elon Musk (@elonmusk) April 28, 2022
WhatsApp, Microsoft Teams, Signal, Telegram සහ වෙනත් සෑම සන්නිවේදන වේදිකාවකම End to End Encrypted පහසුකම භාවිත වන අතර Twitter DMs සදහා End to End Encrypted පහසුකම ලබා දිමට මෙතෙක් කකටයුතු කර නොමැති වෙනවා. මෙයින් අදහස් කරන්නේ Twitter සමාගම හට ඔවුන්ගේ අරමුණු සඳහා පරිශීලකයන්ගේ DM Messages පහසුවෙන් කියවිය හැකි බවයි. සත්‍ය වශයෙන්ම, Twitter සමාගම විසින් මෙය පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, Elon සමඟින් අනාගත දිනයකදී Twitter හී DM Messages සඳහා End to End Encrypt පහසුකම හදුන්වා දෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. මේ පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු හෙළිවී නොමැති අතර, ඉදිරියේදි මේ පිළිබඳ වැඩි තොරතුරු බලාපොරොත්තු විමේ හැකියාව තිබෙනවා.
Source - Beebom