Twitter සමාජ ජාල වෙබ් අඩවියේ තිබෙන ලෝකයේ ප්‍රසිද්ධ වෙළඳ ආයතන සහ ප්රසිද්ධ පුද්ගලයින්ගේ verified accounts හරහා bit coin scam එකක් promote කරමින් Twitter platform එකේ සිද්ද උන දැවැන්තම hack එක ඊයේ දිනයේ (ජූලි 15) සිදු වුනා.
ඇමෙරිකාවෙ හිටපු ජනාධිපති Barack Obama, ඇමෙරිකාවෙ හිටපු උප ජනාධිපති සහ Democratic පක්ෂයේ ජනාධිපති අපේක්ෂක Joe Biden, Elon Musk, Bill Gates, Kanye West, Michael Bloomberg, Jeff Bezos, Mr. Beast, Wiz Khalifa සහ Apple වගේ ලෝකප්‍රකට පුද්ගලයින්ගේ සහ වෙළඳ ආයතනවල verified Twitter accounts මේ Bitcoin scam එක සඳහා හැකර්වරු විසින් යොදා ගැනුනා.

ඉතින් මේක සිද්ද වෙලා තියෙන්නේ කලින් කීව වගේ ජූලි 15 වැනිදා යි. වෙනත් විදිහකට කීවොත් Twitter public launch එකේ 14 වන සංවත්සරය දවසේ! ඉතින් ඔවුන් users ලට උපදෙස් දීලා තියෙන්නේ දීලා තියෙන cryptocurrency wallet code එකට Bitcoins එවන ලෙසයි.

එවිට ඔවුන් පොරොන්දු වී තිබෙන්නේ එවන ප්රමාණයට වඩා දෙගුණයක් ඔවුන් නැවත User වෙත එවීමට කටයුතු කරන බවයි.
ඉතින් ගැන තොරතුරු දැනගත් වහාම ඒ විදිහට compromise උන Twitter accounts තාවකාලිකව shutdown කරන්නට Twitter සමාගම කටයුතු කොට තිබෙනවා.
We are aware of a security incident impacting accounts on Twitter. We are investigating and taking steps to fix it. We will update everyone shortly.
— Twitter Support (@TwitterSupport) July 15, 2020
We have locked accounts that were compromised and will restore access to the original account owner only when we are certain we can do so securely.
— Twitter Support (@TwitterSupport) July 16, 2020
ඉතින් මේ වෙද්දී එම Twitter accounts restore කරලා තියෙනවා වගේම ඒ ගැන පරීක්ෂණ කරමින් යන බවත් Twitter සමාගම් දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරි පියවර ගැනත් ප්‍රකාශ කරලා තිබෙනවා.
Most accounts should be able to Tweet again. As we continue working on a fix, this functionality may come and go. We're working to get things back to normal as quickly as possible.
— Twitter Support (@TwitterSupport) July 16, 2020
We detected what we believe to be a coordinated social engineering attack by people who successfully targeted some of our employees with access to internal systems and tools.
— Twitter Support (@TwitterSupport) July 16, 2020
Twitter සමාගමේ CEO, Jack Dorsey මහතාද Twitter පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ ඔවුන් මේ ගැන දිගටම සොයා බලමින් පවතින බවයි.
Tough day for us at Twitter. We all feel terrible this happened.
— jack (@jack) July 16, 2020
We’re diagnosing and will share everything we can when we have a more complete understanding of exactly what happened.
? to our teammates working hard to make this right.
ඒ වගේම Bill Gates මහතාගේ ප්‍රකාශකයෙකු ද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබෙන්නේ මේ Twitter පණිවුඩය ගැන කිසිදු දැනුවත් භාවයක් නොමැති බවත් මෙය Twitter ජාලයේ දෝෂයක් විය හැකි බවත් ය.
NEW — statement from a spokesperson for Bill Gates.
— Teddy Schleifer (@teddyschleifer) July 15, 2020
"We can confirm that this tweet was not sent by Bill Gates. This appears to be part of a larger issue that Twitter is facing. Twitter is aware and working to restore the account.” pic.twitter.com/v37Jvs76Jl
දැනට Twitter විසින් confirm කරලා තියෙන විදිහට මේ hack එකට භාවිතා වෙලා තියෙන්නේ Twitter සමාගමේ employee tools. කෙසේ වෙතත් ඒ ගැන වැඩි විස්තරයික් පවසන්නට තවම ඔවුන් සමත් වෙලා නෑ.
Source : Techcrunch