Loading...
Tweetbot සහ Twitterrific වැනි තෙවන පාර්ශවීය යෙදුම් නිල වශයෙන් අවසන් ගමනේ

මෑත කාලය තුළ මුළු ලෝකයක් පුරා පුවත් මැවීමට ඉවහල් වූ මාතෘකාවක් වූයේ Elon Musk විසින් අධික මුදලක් වැය කරමින් ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාලයක් වූ Twitter මිලදී ගැනීමයි. ව්‍යාපාරික ලොව තුළ කිරුළු පැළඳ සිටි ව්‍යාපාරිකයෙකු විසින් මෙවැනි ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍යයක් හිමි කරගැනීම පිළිබඳව ලොව නන් දෙසින් විචාරකයන්ගේ දෝශාරෝපණ එල්ල වූයේ එමගින් ඉදිරියේදී මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා සීමා ඇති වනු බවට හටගත් බිය හේතුවෙනි.

එය සාක්ෂාත් කරමින් සමාගමේ සේවය කළ විධායක ශ්‍රේණියේ නිළධාරීන් ඉවත් කිරීමේ පටන් නොයෙකුත් සිදුවීම් මේ වන විට Twitter සමාගම තුළ හා සමාජ මාධ්‍ය ජාලය තුළ සිදුවීම පිළිබඳව අප විසින් ඔබව දැනුවත් කළෙමු. එවැනිම වැදගත් වන පුවතක් ඔබ වෙත ගෙන ඒමට තීරණය කළේ පසුගිය සති කිහිපය තුළ Twitter යෙදවුම සඳහා භාවිතා කරන්නාවූ තෙවන පාර්ශවීය නැතහොත් Third-Party යෙදවුම් සඳහා තහනමක් පැනවීම හා සම්බන්ධ පුවතක් නිසාවෙනි.

Source: mobilescout.com

එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට Twitter විසින් තෙවන පාර්ශවීය යෙදවුම් සිය App එක තුළ භාවිතය නිල වශයෙන් තහනම් කර ඇත. මෙම කරුණ පිළිබඳව අදහස් දක්වා පළ කර තිබූ Twitter සටහනක් පහත වේ.

පසුගිය සතියක පමණ කාලය පුරා තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතා කරන්නාවූ පරිශීලකයන් හට Twitter app එක සමග එම යෙදවුම් හි ක්‍රියාකාරීත්වයේ යම් දෝශ කිහිපයක් පැනනැගී ඇත. ඒ පිළිබඳව පූර්ව නිවේදනයක් නිකුත් නොකළ නමුත් Twitter සමාගම විසින් Tweetbot සහ Twitterrific වැනි තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතය නිල වශයෙන් තහනම් කර ඇත.

එයින් අදහන් වන්නේ මින් පසු ඔබ මේ වන විටත් Tweetbot සහ Twitterrific භාවිතා කරන්නේ නම් ඒ හරහා ඔබගේ Twitter ගිණුම පරිශීලකනය කළ නොහැකි වනු ඇත යන්නයි.  කෙසේ නමුත් මෙම තෙවන පාර්ශවීය යෙදුම් භාවිතය තහනම් කිරීම සමග ඉදිරියට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව Twitter සමාගම තවමත් නිවේදනයක් සිදුකර නොමැත.

තෙවන පාර්ශවීය යෙදවුම් ඉවත් කරන්නේ ඇයි?

Tweetbot හා Twitterrific වැනි තෙවන පාර්ශවීය යෙදවුම් ඉවත් කිරීම ඇතැම් විට බොහෝ දෙනෙකුට වැටහෙනු ඇත්තේ පරිශීලකයන්ගේ ආරක්ෂාව පිණිස ඒවායේ භාවිතය ඉවත් කළ බවයි. නමුත් මෙය එයට සම්බන්ධ කරුණක් නොවන බව බොහෝ විචාරකයන්ගේ මතයයි. මේ වන විට උඩුදුවමින් පවතින Twitter හා සම්බන්ධ මතභේදාත්මක සිද්ධීන් සඳහා යම් අත්වාරුවක් තැබීම සඳහා Musk විසින් මෙම සිදුවීම් සියල්ල සිදුකළා යැයි අනුමාන කළ හැක.

Source: digitalmomblog.com

එයට හේතුව වන්නේ මෙම පරිශීලකයින් තෙවන පාර්ශවීය යෙදවුම් භාවිතා කර Twitter පරිශීලනය කරන්නේ නම් සියලුම පරිශීලකයන් සඳහා ads පෙන්වීම සඳහා යම් යම් බාධක පැවතීමයි. යම් හෙයකින් Twitter ගිණුම සඳහා සියලුම පරිශීලකයන් එකම මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන්නේ නම් (තෙවන පාර්ශවීය යෙදවුම් වලින් තොරව) සියල්ලන් සඳහාම ads දර්ශනය කිරීමේ ප්‍රවණතාවය ඉහළ වීමයි.

එක හේතුව මුල්කොටගෙන මේ වන විට සිටින් පරිශීලකයන්ට වඩා වැඩි ප්‍රමාණයක් Twitter Blue Subscriber විමේ අවස්ථාවන්ද ඉහළ යනු ඇත. එසේ සලකන විට මෙය හුදෙක් තම දැන්වීම් සහ ප්‍රචාරණ ඉහළ නංවා ගැනීමට යොදවා ඇති උපක්‍රමයක් ලෙසද අප හට අනුමාන කළ හැකිවේ.

නමුත් මේ සිදුවන වෙනස් වීම සමගම අපහට ඉතා ඉක්මණින් තීරණ වලට එළඹීම සිදුකළ නොහැකි නමුත් ඉදිරියේදී මෙම සමාජ මාධ්‍ය ගණනාවක් අතරින් Twitter ඇතැම් විට අනෙක් සියල්ලන්ටම වඩා ඉහළ කැපී පෙනෙන ධනාත්මක දියුණුවක් ලබගනු ඇතැයි අපගේ විශ්වාසයයි. මෙවැනිම තාක්ෂණික පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග සම්බන්ධ වී සිටින්න.

Sources: bgr.com www.theverge.com