Loading...
වසර තුනකට පෙර නවතා දැමූ Twitter verification program එක 2021 වර්ෂයේ මුලදී ආරම්භ කිරීමට Twitter සමාගම සැරසේ

මීට වසර 3කට පෙර Twitter සමාජ ජාලය විසින් Twitter පරිශීලකයන්ගේ ගිණුම් verify කිරීම සඳහා වන Twitter Verification Program එක තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරා. නැවත වතාවක් එම වැඩසටහන ආරම්භ කිරීමට කටයුතු කරන බව Twitter සමාගම විසින් දැනුම් දීලා තියෙනවා. එහිදී blue verified badge එකට අමතරව නව twitter ගිණුම් වර්ග සහ ගිණුම් සඳහා labels හඳුන්වා දීමට කටයුතු කරන බවයි වාර්තා වෙන්නේ.

Twitter සමාගම විසින් දක්වලා තියෙන verification policy එකට අනුව ඔවුන් විසින් ඉදිරියේදී verification requests සඳහා සලකා බැලෙන ගිණුම් වර්ග ලෙස government, companies, brands and non-profit organizations, news, entertainment, sports, activists, organizers, සහ other influential individuals ලෙස වර්ග කර තිබෙනවා.

Twitter සමාගම විසින් මෙවර verification සඳහා සුදුසුකම් ලබන නිර්ණායකය ඔවුන් විසින් මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ සඳහා වන සියළුම දේවල් Twitter විසින් ඔවුන්ගේ About verified accounts එක යටතේ දක්වා තිබෙනවා.

එමෙන්ම Twitter සමාගම විසින් ප්‍රකාශ කර ඇති ආකාරයට මේ වන විට අනවශ්‍ය පුද්ගලයන් රැසකට verification ලබා දී ඇති අතර ඉදිරියේදි සක්‍රීයව ක්‍රියාත්මක නොවන verified twitter ගිණුම් verified මට්ටමින් ඉවත් කිරීමට කටයුතු කරන බව දන්වා තිබෙනවා. එමෙන්ම නිසි පරිදි සම්පූර්ණ කර නොමැති twitter ගිණුම වලින්ද verified සලකුණ ස්වයංක්‍රීයවම ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරන බව දන්වා තිබෙනවා. ඊට අමතරව දිගින් දිගටම twitter rules කඩ කරන verified accounts වලද verified සලකුණ ඉදිරියේදී ඉවත් කරනු ඇත.

We know we can’t solve verification with a new policy alone — and that this initial policy won’t cover every case for being verified — but it is a critical first step in helping us provide more transparency and fairer standards for verification on Twitter as we reprioritize this work.

මේ වන විට Twitter සමාගම විසින් ඔවුන්ගේ Verification policy එක පිළිබඳව twitter පරිශීලකයන්ගේ අදහස් විමසීමට survey එකක් සිදු කරන අතර, ඔබට #VerificationFeedback hashtag එක භාවිතා කරමින් ඔබට Twitter verification policy එක පිළිබඳව ඇති අදහස් දෙසැම්බර් 08 වන දිනය තෙක් යොමු කල හැකිය. Twitter සමාගම විසින් ඔවුන්ගේ අවසාන verification policy එක දෙසැම්බර් 17 වන දින එලි දැක්වීමට නියමිතය.

Source: Twitter Blog