Loading...
Tweet එකක් පළ කිරීමෙන් පසුවත් reply කල හැකි අයව තේරීමේ පහසුකම ලබා දීමට Twitter විසින් කටයුතු කරයි

Twitter විසින් නව විශේෂාංගයක් එළිදැක්වීම ආරම්භ කර ඇති අතර එමඟින් පරිශීලකයින්ට ඔවුන්ගේ Tweet පළ කළ පසුව ඒවාට පිළිතුරු දිය හැක්කේ කාටද යන්න වෙනස් කිරීමට ඉඩ සලසයි. Twitter විසින් මෙම විශේෂාංගය නිවේදනය කළේ පරිශීලකයින් හට වැඩි පාලනයක් ලබා දීම සහ Micro Blogging Platform එක තුල සිදුවිය හැකි Cyber හිරිහැර කිරීම් තුලින් පැන නඟින අවදානම තවදුරටත් අඩු කිරීම සඳහාය.

Twitter සමාගම පසුගියදා නිල Tweet පණිවිඩයක් මගින් මෙම විශේෂාංගය පිළිබඳව නිවේදනය කළේය. ඇතැම් පුද්ගලයින් හට Reply කිරීම වළක්වාලීම සඳහා ඔවුන්ට Tweet වලට ප්‍රවේශ වීමේ හැකියාව වෙනස් කිරීමට මෙම විශේෂාංගය මඟින් පරිශීලකයින්ට ඉඩ දෙයි. ඒ කියන්නේ පරිශීලකයන්ට ඔවුන්ගේ Tweets, අනෙක් අය සමඟ බෙදාගත් පසු Reply දිය හැක්කේ කාටද යන්න දැන් වෙනස් කළ හැකිය. පහල ඇති Tweet එක බලන්න.

මේ පිලිබඳව නොදන්නා අය සඳහා, ඔබට දැනටමත් Tweet Conversation Settings වෙනස් කළ හැකි අතර එයට පිළිතුරු දිය හැක්කේ කාටද යන්නද ඔබට තෝරා ගත හැකිය. 2020 දී මහජනයා අතරට මෙම විශේෂාංගය නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, මෙයට අදාල Setting එක Main Composition Window එක තුළින් පමණක් ලබා ගත හැකිය. එබැවින් මේ සඳහා පරිශීලකයන්ට, Twitter පණිවුඩයක් බෙදා ගැනීමට පෙර තම Audience සැකසීමට අවශ්‍ය වේ.

මෙම Update එකත් සමඟම, පරිශීලකයන්ට ඔවුන්ගේ Tweet Share කරගත් පසු Reply කල හැක්කේ කාටද යන්න වෙනස් කිරීමට හැකි වේ. එබැවින්, ඔබ Tweet එකක් Share කල පසු, විශේෂිත Tweet එකක් සඳහා නව “පිළිතුරු දිය හැක්කේ කාටද” යන Option එක දැකගැනීම සඳහා Overflow Menu එක Open කිරීමට ඔබට Dots 3 මත Tap කළ හැකිය.

මෙම විශේෂාංගය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර පරිශීලකයින්ට ඔවුන්ගේ Tweets පළ කිරීමේදී ඒ සඳහා වැඩි පාලනයක් ලබා දේ.

Twitter හි පරිශීලකයින්ගේ සමාජ අත්දැකීම් වැඩිදියුණු කිරීම සහ හිරිහැර සිදුවීම් අවම කිරීම සඳහා Twitter සමාගම තවත් Privacy Features එකතු කිරීමට උත්සාහ කරන බවට වාර්තා වේ.

ඉතින්, Twitter ලා එකතු කරපු මෙම නව Feature එක ගැන ඔයා හිතන්නේ මොකක්ද?

Sources: Latestly, The Verge