Loading...
Twitter Blue Subscription එ​ක සඳහා iPhone පරිශීලකයන් හට $11 ක් ගෙවීමට සිදුවන බවට වාර්තා ​වේ

ගෙවීගිය කාලය තුළ ලොව සිදුවූ ප්‍රධානතම සිද්ධියක් වූයේ ලොව අංක එකේ ව්‍යාපාරිකයා වන Elon Musk විසින් Twitter සමාගම මිලදී ගැනීමයි. ලොව පුරා පුවත් රැසක් ඇතිකළ මෙම සිද්ධිය මෑතකදී තවදුරටත් තීව්‍ර වූයේ Apple සමාගම හා සම්බන්ධ හේතූන් කිහිපයක් නිසා බව පාඨක ඔබ මේ වන විටත් දැනුවත් ඇත.

එසේම Twitter යෙදවුම තුළ සත්‍යාපනය වීම (Verify වීම) සඳහා පෙර පැවති Verification ක්‍රියාවලිය අනුගමනය කිරීමකින් තොරව ගිණුම් හිමියන් හට $8 ක පමණ මුදලක් ගෙවා එම Verification Blue Tick එක ලබාගැනීමට අවස්ථාව ලබාදීම පිළිබඳව විශාල ආන්දෝලනයක් පසුගිය දිනවලදී ඇතිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව ජනප්‍රිය පුද්ගලයන් රැසක් මෙම සමාජ මාධ්‍ය වෙතින් ඉවත් වීම සහ ඒ සඳහා විවිධ ආකාරයේ සෘණාත්මක අදහස් දැක්වීම සියල්ලන්ටම නිරීක්ෂණය විය.

Source: www.bgr.com

පසුගියදා Twitter වෙතින් ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ මේ වන විට Twitter Verification ලබාගැනීම සඳහා ගෙවීමට නියමිතව තිබූ $7.99 ක මුදල iPhone පරිශීලකයන් සඳහා $11ක් ලෙස ඉහළ නංවන බවයි. එසේම Web පරිශීලකයන් සඳහා එම මුදල $7 ක් වේ.

මෙයට ආසන්නතම හේතුව ලෙස සඳහන් වන්නේ Apple සමාගම මගින් සිය Appp Store හි පවතින යෙදවුම් වල ආදායමෙන් 30% ක ප්‍රමාණයක් කප්පාදු කිරීමයි. මේ පිළිබඳව Elon Musk සඳහන් කර ඇත්තේ Apple සමාගම විසින් මෙලෙස සිය App Store හි පවතින යෙදවුම් මත දැඩි නීතිරීති පැනවීම සහ ඔවුන් විසින් ගෙන යන ව්‍යාපාරික සැලැස්ම ඉතාම අසුභදායී බවයි. Musk ගේ මෙම ප්‍රකාශයත් සමග විවිධ පාර්ශවයන් ද මෙම ව්‍යාපාරික සැලසුම් පිළිබඳව දැඩි විවේචනයන් සිදුකර ඇත.

එමෙන්ම වෙනත් සමාගම් විසින් ද App Store හි පළකර ඇති යෙදවුම් සඳහා නියම කර ඇති ගාස්තු මේ වන විට මෙන්ම ඉදිරියේදීත් සංශෝධනය කිරීම මගින් ඉහළ නැංවීමට අදහස් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

Source: www.techtelegraph.com

පසුගිය දිනවලදී Apple සමාගම හා Twitter අතර පැවති මතගැටුමේදී මතුවූ කරුණක් වන්නේ ඉදිරියේදී App Store වෙතින් Twitter ඉවත් කිරීමට සූදානම් වන බවයි. කෙසේ නමුත් Twitter සඳහා Apple App Store වැනි ලොව පරිශීලකයන් විශාල ප්‍රමාණයක් භාවිතා කරනු ලබන මූලාශ්‍රයක් අහිමි වීම සැලකිය යුතු මට්ටමේ අලාභයක් වන අතර පසුව Musk විසින් සිය Twitter ගිණුමේ සටහනක් දක්වමින් ප්‍රකාශ කර සිටියේ Apple සමාගම විසින් එලෙස Twitter ඉවත් කිරීම කෙරෙහි අවධානයක් යොමු නොකරන බවයි.

Elon Musk on Twitter

එලෙස සඳහන් කරනු ලැබූවේ Apple සමාගමේ විධායක නිලධාරියෙකු වන Tim Cook සමග සිදුකළ සාකච්ඡාවකින් අනතුරුවයි. නමුත් මෙම සාකච්ඡාව Twitter හි තරමක මතභේදාත්මක තත්ත්වයකට තුඩු දුන්නේ පසුගිය දිනවල සමාගම් දෙක අතර පැවති උණුසුම් අදහස් හුවමාරු කරගැනීමේ සංවාදයන් වල ප්‍රතිඵලයක් ලෙසයි.

කෙසේ නමුත් Verification Blue Tick ලබාගැනීම සඳහා iPhone පරිශීලකයන් හට කිසිඳු ආකාරයේ බාධාවක් නොමැති නමුත් අප හට ඉදිරිය පිළිබඳව පුරෝකථනයක් සිදුකිරීමට තරමක් අපහසුය. මන්දයත් Elon Musk ගේ ක්‍රියාකලාපය තරමක් වෙනස් අන්දමේ ස්වරූපයක් ගන්නා බැවිනි.

දිනෙන් දින අලුත්වන තාක්ෂණික ලෝකය තුළ යාවත්කාලීන වන පාඨක ඔබ සඳහා අදහස් දැක්වීමට හැකියාව ඇත. මෙවැනි නවතම පුවත් පිළිබඳව දැනුවත් වීම සඳහා Android වැඩකාරයෝ අප සමග රැඳී සිටින්න.

Sources: www.macrumors.com www.theverge.com techcrunch.com