ගොඩක් අය crypto currency ගැන දන්නව. නැත්නම් අඩුමගානේ ඒක මොනවගේ දෙයක්ද කියල දන්නව. හැබැයි ගොඩක් අය දන්නේ නැත්තේ මොකක්ද මේ “Crypto Mining” කියල.

දැනට තියනවනේ සියගානක් ක්‍රිප්ටෝ මුදල් ඒකක. හැම එකේම වගේ මයින් වෙන ක්‍රමය මූලිකව එකයි. යම් යම් වෙනස්කම් තියනව එකින් එකට. ඒනිසා මං ජනප්‍රියම හා වටිනාම ක්‍රිප්ටෝ ඒකකය වෙන බිට්කොයින් මයින් වෙන විදිහ කියන්නම්. එතකොට අනිත් ඒව වෙන්නෙ කොහොමද කියල අදහසක් ගන්න පුළුවන්.

මේක රත්තරන් ගරනව වගේම වැඩක්. මහපොලොවේ රත්තරං තියනවනේ. ඒක හාරල පිරිසිදු කරල ගන්න එකනෙ අමාරු.

පොලොවෙ රත්තරං තියනව වගේම බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් තියනව. ප්‍රොටෝකෝල් එකෙන් බිට්කොයින් නිපදවීම තමා මයිනින්ග් කියල කියන්නේ.

(බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ බිට්කොයින් උපරිම මිලියන 21ක් දරාගන්න පුළුවන්.)

බිට්කොයින් බ්ලොක් චේන් එක කියන්නේ මොකක්ද කියල සමහරුන්ට ප්‍රශ්නයක් වෙන්න ඇති.

බ්ලොක්චේන් කියන්නේ අතිශය සුවිශේෂී තාක්ශණයක්. Satoshi Nakamoto කියන ෆේක් නේම් එකෙන් හිටපු කෙනාගේ නිර්මාණයක් තමා බ්ලොක්චේන් කියන්නේ. (මෙයා තමා බිට්කොයින් නිර්මාණය කලේ. අදටත් මේ කව්ද කියල දන්නෑ. බිට්කොයින් වල අඩුම මුදල් ඒකකය සටොශි කියල නම් කරල තියෙන්නෙ මෙයා වෙනුවෙන්.)

බ්ලොක්චේන් එකක් වැඩ කරන්නේ මෙහෙමයි.

හිතන්න ඔයාගාව ලෙජර් එකක් තියනව. ඔයා ඒකේ 100% නිවරදි කොපියක් කීප දෙනෙක්ට දෙනව. එයාල ඒක තවත් කීප දෙනෙක්ට කොපි කරල දෙනව. මේ කොපිවල නිවරදි බව තහවුරු කරන්න මෙයාලා තම තමංගෙ කොපි අනිත් අය එක්ක සසඳනව. අව්ලක් තියනවනම් තියන මුලු කොපි වලින් 51%ක තියන දත්ත නිවරදි දත්ත ලෙස සලකල අනිත් කොපි වල දත්ත නිවරදි කරනව.

හිතන්න දැවැන්ත ඩේට බේස් එකක් මේ විදිහට මිලියනයක් අතර බ්ලොක්චේන් ක්‍රමේට බෙදල දුන්න කියල. එතකොට කව්රුහරි සිතාමතා ඩේටාබේස් එක විකෘති කලා කියල හිතන්න. එතකොට ඒක පට්ගාලා අහුවෙනව. මොකද මේ ඔක්කෝම ඩේට බේස් එකිනෙකා සමඟ සම්බන්ධ නිසා නිතරම ඩේට නිවරදිද කියල චෙක් කරන නිසා. ඒනිසා බ්ලොක්චේන් එකක තියන ඩේට බේස් එකක් විකෘති කරන්න බැහැ. (හැබැයි තනි කෙනෙක් මේ ඩේටාබේස් වලින් 51%ට වඩා ප්‍රමාණය පාලනය කරනව නම් ඔහුට පුළුවන් වෙනස් කරන්න. මේකට අපි කියනව 51% Attack කියල)

මේකේ තේරුම තමා බ්ලොක්චේන් කියන්නේ කාටවත් අයිතියක් නැති දෙයක්. තනි පුද්ගලයකු විසින් පාලනය නොකරන දෙයක්. විසිරී පවතින්නක්.

Decentralized | Peer-to-Peer | Digital

බිට්කොයින් බ්ලොක්චේන් එක කියන්නේ බිට්කොයින් ගනුදෙනු, ප්‍රොටෝකෝලය වගේ දත්ත තියන ඩේටා ස්ට්‍රක්චර් එකේ බ්ලොක්චේන් එක. මේ හේතුව නිසා බිට්කොයින් කව්රුහරි පාලනය කරන දෙයක් නෙවෙයි.

බිට්කොයින් නෙට්වර්ක් එකේ තියනව “Nodes” කියල දෙයක්. මේව සාමාන්‍යය කම්පියුටර්. මේවයි තමා අර බිට්කොයින් ලෙජර් එක තියෙන්නෙ. මෙයාල බිට්කොයින් බ්ලොක්චේන් එකේ කොටසක්.

ඕනම කෙනෙක්ට බිට්කොයින් නෝඩ් එකක් වෙන්න පුළුවන්. බිට්කොයින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඊටපස්සේ ඕන වෙන්නේ 145GB හිස් ඉඩක් විතරයි. (මේක ඩවුන්ලෝඩ් කරන්න නෙට්වර්ක් කනෙක්ෂන් එකක් ඕන. ඊට පස්සේ එච්චර ඩේට යන්නේ නෑ). (145GB තමා බිට්කොයින් ස්ට්‍රක්චර්/ලෙජර් එක)

කෙනෙක් මෙහෙම නෝඩ් එකක් හදාගත්තම ඒ නෝඩ් එක තවත් නෝඩ් කීපයක් එක්ක කනෙක්ෂන් එකක් හදාගන්නව. අන්න බ්ලොක්චේන් එකට කනෙක්ට් උනා. දැන් මේ ඩේට වෙනස් කරන්න බැහැ තනි කැමැත්තට. වෙනසක් උන ගමන් අනිත් නෝඩ් වලින් අහල වැරැද්ද නිවරදි කරගන්නව.

බිට්කොයින් වල මේ ලෙජර් එක තියෙන්නෙ බ්ලොක් බ්ලොක් විදිහට. (වගුවක වගේ) මේ නෝඩ්ස් වලින් සමහර නෝඩ්ස් තියනව මයිනින්ග් නෝඩ්ස්. මේන් මේව තමා බිට්කොයින් මයින් කරන්නේ.

එතකොට කොහොමද මයින් වෙන්නේ?

සරලව කිව්වොත් බිට්කොයින් ප්‍රොටෝකෝල් එකේ තියම ගණිතමය ගැටලුවකට අවශ්‍ය සංක්‍යාත්මක පිලිතුර පරිඝණකයෙ CPU,GPU පාවිච්චි කරල ගණනය කිරීම. ලේසී වගේ නේ?

අපොයි නෑ. මේක පට්ටම සංකීර්ණයි.

මේ අගය බ්ලොක් එකට සෙට් කරල හෑශ් ෆන්ශන් එකක් ඇතුලෙන් රන් කලාම එන අගය 0ත් 4,294,967,296ත් අතර පිහිටන අගයක් වියයුතුයි. (මේ රේන්ජ් එක බිට්කොයින් වලට. අනිත් ඒවට වෙනස් රේන්ජ් එකක් එන්නෙ)

මේ අගය හොයන්නේ අහඹු අගයන් දම දමා බලල. හෑශ් එකෙන් ගියාම එලියට එන අගය අනුමාන කිරීම කරන්න බැරි වැඩක්. ඒනිසා කණා පොල්ලන් ගහ ගහ බලල තමා අගය හොයන්නේ. මුලින් නිශ්චිත බිංදු ගානක් දෙනව ප්‍රොටෝකෝල් එකෙන් මේන් මේකෙන් පටන් ගනින් කියල.

එකම මොහොතේ එකම බ්ලොක් එකට මයිනර්ල කීපදෙනෙක් ට්‍රයි කරනවනේ. එතකොට මුලින්ම මේ අගය හොයාගන්න කෙනා ක්ශණිකව බ්ලොක්චේන් එකට කියනව එයා අගය හොයාගත්ත බව. එතකොට අනිත් මයිනර්ල ඒ බ්ලොක් එක ඇතෑරලදාලා ඊලඟ එක පටන් ගන්නව. අර අගය හොයාගත්ත කෙනාට යම් බිට්කොයින් ප්‍රමාණයක් ලැබෙනව.

කාලයත් එක්ක මේ දෙන බිංදු ගාන වෙනස් කරනව. එතකොට මේ ගැටලුව විසඳන එක අමාරු වෙනව. ඒකයි දැන් එන්න එන්නම බිට්කොයින් මයින් කරන්න අමාරු.

ඒවගේම බ්ලොක් එකක් විසඳුවාම විසඳපු කෙනාට දෙන බිට්කොයින් ප්‍රමාණය කාලෙන් කාලෙට අඩුවෙනව. ඉස්සරහ නම් දුන්න ලොට් එකක්. දැන් නම් ලැබෙන්නෙ බිට්කොයින් 12.5ක් විතරයි. තව කාලෙකින් මේක 6.25ක් වෙනව.

මේකට හේතුව තමා අතිශය ඉක්මනින් සම්පූර්ණ බිට්කොයින් බ්ලොක් ඔක්කෝම පිරෙන එක නවත්තන එක. මේ නිසා බිට්කොයින් චේන් එක පිරෙන්නේ 2140දි විතර!

නමුත් කාලයත් එක්ක මේ මයිනින්ග් අමාරු වෙන නිසා සාමාන්‍යය කම්පියුටර් වලින් බිට්කොයින් මයින් කරන්න බැරිවෙලා තියනව. දැන් බිට්කොයින් මයින් කරන්න දැවැන්ත ප්‍රොසෙසින් පවර් එකක් ඕන. අනාගතයේදී මේක තව අමාරු වෙනව.

එතකොට වැයවන විදුලි බිල, උපාංග වියදම කවර්කරගන්න ලැබෙන බිට්කොයින් වලින් බැරිවෙනව සාමාන්‍යය යූසර්ලට. එතකොට මයින් කරන්න වෙන්නේ පූල් වලින්. පූල් කියන්නේ සාමාන්‍යය කම්පියුටර් දහස් ගානල් එකතුකරල හදපු නෙට්වර්ක් එකක්. මේවයින් බ්ලොක් බෙදාගෙන විසඳනව.

සමහරු මැල්වෙයා පාවිච්චි කරනව පූල් හදන්න. නැත්නම් වෙබ්සයිට් වල ස්ක්‍රිප්ට් පාවිච්චි කරනව යූසර්ල වෙබ් පේජ් එක ඕපන් කලාම එයාගේ CPU එක පාවිච්චි වෙලා Mine වෙන්න. (උදා: Piratebay)

සමහර ක්‍රිප්ටෝ කොයින් තියනව අඩු හීප් එකක් (අඩු ප්‍රොසෙසින් පවර් එකක් ඕන) තියන. මේව මයින් කරන්න පාවිච්චි කරන්න පුළුවන් Smart Phones. සමහර ඇප්ස් වල මේ වගේ ක්‍රිප්ටො මයිනර් බයින්ඩ් කරල එවනව. ඩිවයිස් මිලියනයක පූල් එකකින් හොඳට ගරන්න පුළුවන්…