Loading...
Mobile data වැය නොකර Facebook යන්න ලබා දෙන නවතම විශේෂාංගය, Text only mode ගැන දැන ගනි​මු

මොකද්ද මේ Facebook Text-only mode එක කියන්නේ?

ඔබ Mobile data තුළින් Facebook භාවිතා කිරීමේදී ඔබට Photos සහ Videos බැලීමට ඔබ unlimited package එකක් පාවිච්චි කරන්නේ නැත්නම් ඔබගේ සාමාන්‍ය data quota එකෙන් data වැයවෙනවා. නමුත් මේ Text Only Mode එක භාවිතා කර ඔබට text පමණක් ඇති post දැමීම, comment, like, upload photos සහ වෙනත් posts වල ඇති text පමණක් නැරඹීම සිදු කළ හැකියි. මේකේ තියෙන විශේෂත්වය තමයි text only mode එකේදී කිසිදු data charge එකක් නොවීම.

Text only mode එක settings වලවත් පෙන්නන්නේ නැහැනේ?

දැනටනම් මේ text only mode එක තියෙන්නේ Airtel සහ Hutch වලට විතරයි. ඔයා dialog, mobitel වගේ නම් භාවිතා කරනේ මේ text only mode එක ඔයාට access කරන්න බැහැ.

කොහොමද මේ Text Only Mode එකට මාරු වෙන්නේ?

ඔබගේ facebook app එකෙහි උඩ ඇති bar එකෙහි Go to text only button එක click කර ඒ වෙත මාරු විය හැකියි. එසේත් නැතිනම් ඔබගේ Facebook settings වෙත ගොස් එහි mobile center හි ඇති මේ option එක තුළින් text only mode එකට මාරු විය හැකිය.

Text Only Mode එකෙහි සිටින විට external link එකක් click කරොත් ඔබට ඔබගේ සාමාන්‍ය data quota එකෙන් data වැයවන අතර ඒ පිළිබඳව දන්වමින් ඔබට ඒ සැණින් warning message එකක් එනවා.

මේ mode එක disable කරන්නේ කොහොමද?

  • පියවර 1: Settings & Privacy වෙත යන්න.
  • පියවර 2: ඔබගේ ISP ගේ නාමය මත click කරන්න (ex. Hutch/Airtel)
  • පියවර 3: Settings Icon මත click කරන්න.
  • පියවර 4: Turn off Facebook modes මත click කරන්න.

හරි මම හිතනවා ඔයාට මේ text only mode එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්න ඇතියි කියලා. එහෙනම් තවත් මෙවැනිම ලිපියකින් හමුවෙමු. සුභ දවසක්!