Loading...
WhatsApp සහ iMessage හි User Data, FBI සමඟ බෙදා ගන්නා බවට අන්තර්ජාලයට නිකුත් වූ ලිපියකින් හෙළිවේ

ලොව බොහෝ ජනප්‍රිය සමාජ මාධ්‍ය අතුරින් Chat කිරීම සඳහා ඇති ප්‍රමුඛ Platform දෙකක් ලෙස WhatsApp සහ  iMessage හඳුන්වා දිය හැකිය. මෙම App වල ඇතැම් විට පරිශීලකයාට පුද්ගලිකව තබා ගැනීමට අවශ්‍ය ඉතා ආරක්ෂිත තොරතුරු අඩංගු විය හැකි අතර මේවා WhatsApp සහ iMessage විසින් FBI (Federal Bureau of Investigation) සමඟ බෙදා ගන්නා බව අන්තර්ජාලයට නිකුත් වූ ලේඛනයකින් හෙළි වී තිබෙනවා.

එම ලිපියට අනුව WhatsApp, iMessage, සහ Line සියල්ලම FBI වෙතින් නීතිමය ඉල්ලීමක් මත "සීමිත" පණිවිඩ අන්තර්ගතයක් ලබා දී ඇත. කෙසේ නමුත් Signal, Telegram, Threema, Viber, WeChat, සහ Wickr වැනි අනෙකුත් Platforms කිසිදු පරිශීලක දත්තයක් හෙළි නොකළේ ය.

සරලව කිවහොත්, FBI හට සෙවුම් වරෙන්තුවක් ඇත්නම් ඔවුන්ට දත්ත ලබා ගැනීමට අවශ්‍ය පුද්ගලයාගෙන් සහ ඔවුන්ගේ සම්බන්ධතා යන මූලාශ්‍ර දෙකෙන්ම දත්ත ලබා ගැනීමට හැකි වනවා. ඔවුන්ට අදාළ සේවාවෙන් එවන ලද පණිවිඩවල මූලාශ්‍රය සහ ගමනාන්තය පවා නිරීක්ෂණය කළ හැකිය. එනම්, ඔබ අදාළ සේවාවේ Cloud Servers හි සම්බන්ධතා තොරතුරු සුරකින ලද්දේ නම්, ඔබේ Address Book එක FBI වෙත ප්‍රවේශ වීමේ හැකියාවද ඇත.

මෙය iMessage සේවාව සඳහා විශාල බලපෑමක් එල්ල කරයි. iMessage භාවිතා කරන්නන් iCloud මත ඔවුන්ගේ පණිවිඩ Backup කරන්නේ නම්, iMessage භාවිතා කරන්නන්ගේ පණිවුඩ වෙත පිවීසීමට අවශ්‍ය කරන iCloud Encrypt Key එක සෙවුම් වරෙන්තුවක් හරහා ලබා ගැනීමේ හැකියාව ඇත. ඒ හරහා ඍජුවම ඔවුන්ගේ පණිවඩ වලට පිවිසීමේ හැකියාව FBI එකට හිමි වේ.

කෙසේ නමුත් iMessage සහ WhatsApp යන සේවාවන් End to end Encrypted ලෙස හඳුන්වා තිබුණත් මෙසේ FBI හට පරිශීලකයන්ගේ පණිවිඩ පිළිබඳ දැන ගැනීමට හැකිවීම විමතියට කරුණක්.

Source - GIZMOCHINA