Meta සමාගම විසින් මාස කිහිපයක සිට WhatsApp වෙත UI Changes වගේම අලුත් පහසුකම් ද දිගින් දිගටම ලබා දෙන අතර ඒ සියලුම දේවල් නිකුත් වීමට පෙරම Android වැඩකාරයෝ අපි ඔබට වාර්තා කළා. එසේ වාර්තා කළ සියලුම පුවත් ඔබට මේ ඔස්සේ නැවත කියවිය හැකියි.
Google Play Store වෙත නිකුත් කරන ලද WhatsApp beta for Android 2.23.9.16 සංස්කරණය මඟින් පහත Screenshot එකේ පරිදි WhatsApp Incoming Call Notification එකෙහි UI එක Redesign කොට තිබෙනවා.

කෙසේ වෙතත් මේ Call Notification UI Redesign එක සිදු කොට තිබෙනුයේ Android Version එකට සඳහා පමණි.
මෙය ඉතා සුළු වෙනස්කමක් වුවත් මේ ආකාරයෙන් WhatsApp යෙදවුමේ ඇති විවිධ වූ කොටස් Redesign කරමින් පරිශීලකයන්ට නව අත්දැකීමක් ලබා දීමට Meta සමාගම සූදානම් වන බව මෙමඟින් පැහැදිලි වනවා.
Beta පරිශීලකයන් Google Play Store වෙත නවතම Beta Version එක වෙත Update කිරීමෙන් මෙම වෙනස්කම ලබා ගත හැකි අතර ඉදිරි දින කිහිපය තුළදි සියලුම පරිශීලකයන් වෙත මෙය නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි වනවා.
Source: wabetainfo.com