WhatsApp හි Windows Client එක සඳහා නව විශේෂාංග කිහිපයක් එක් කරමින් Update එකක් නිකුත් කර තිබෙනවා. ඒ සමඟින් මීට පෙර Beta මට්ටමේ පැවති විශේෂාංග රැසක් ද Public Version සදහා නිකුත් කර තිබෙනවා.
එහිදී මීට පෙර Beta මට්ටමේ පැවති Multi Device පහසුකම (දුරකථනය ක්‍රියා විරහිත වුවද web/desktop මඟින් WhatsApp භාවිතා කිරීමට හැකියාව) Public Version සදහා නිකුත් කර තිබෙනවා.

තවද මීට අමතරව Group Calls සඳහා Video Call එකක් නම් එකවර පුද්ගලයින් 8ක් ද, Voice Call එකක් නම් එකවර පුද්ගලයින් 32ක් ද සම්බන්ධ කරගැනීමේ හැකියාව WhatsApp Desktop for Windows සඳහා ලබා දී තිබෙනවා.
Source: techcrunch.com