මීට පැය කිහිපයකට පෙර සිටම WhatsApp සමාජ ජාලා යෙදවුමේ දෝශ හේතුවෙන් ලොව පුරා සිටින් පරිශීලකයන් වෙත එය භාවිත කිරීමට හැකියාවක් නොලැබුණ අතර Meta සමාගම විසින් එම දෝශයන් නිරාකරණය කර නැවතත් WhatsApp යෙදවුම සක්‍රීය තත්ත්වයට පත් කර ඇත.


කෙසේ වෙතත් පැය දෙකක් පමණ කාලයක් පැවති මෙම බිඳවැටීම ලොව පුරා පරිශීලකයන් විශාල ප්‍රමාණයක් කෙරෙහි මහත් අපහසුතාවයක් ඇති කිරීමට හේතු වූ බව වාර්තා වේ. මෙලෙස ලොව පුරා සිටින පරිශීලකයන්ගෙන් Downdetector වෙත ලැබී තිබූ මෙම බිඳ වැටීම සම්බන්ධ ගැටලු 70,000 කට පමණ අධික බව සඳහන් වේ. මෙම බිඳ වැටීම පිළිබඳව පළ කළ ලිපිය නැරඹීමට ඔබට හැකියාව ඇත.
මෙම දෝශයන් යථාතත්වයට පත් වීමත් සමග නැවතත් WhatsApp පරිශීලකයන් හට ඒ වෙත පිවිසීමට හැකියාව උදා වී තිබීම වැදගත් කරුණකි. ලොව පුරා පරිශීලකයින් බිලියන 2.5 කට අධික ප්‍රමාණයක් භාවිතා කරනු ලබන සහ දිනකට බිලියන ප්‍රමාණයක පණිවුඩ හුවමාරු වන මෙම WhatsApp යෙදවුමේ බිඳවැටීමෙන් පසුව බොහෝ පරිශීලකයින් වෙනත් Messaging Apps සඳහා අවධානය යොමු කිරීම සිදුවී ඇත.
මෙම බිඳ වැටීමත් සමගම ඉතාමත් වේගයෙන් Twitter සමාජ මාධ්‍ය ඔස්සේ #whatsappdown සහිත Tweets ව්‍යාප්ත වීම සිදුවිය. ඒ සමගම මෙම සිදුවීම ඔස්සේ Twitter හරහා Memes ව්‍යාප්ත වීම ද කැපී පෙනෙන කරුණක් විය. තාක්ෂණික ලෝකයේ සමාජ මාධ්‍යයන්හි දැවැන්තයෙකු වන Meta සමාගමට ගැසූ කනේ පහටක් සේ මෙය සැලකිය හැකිවේ. මෙලෙස #whatsappdown ලෙස සඳහන් Tweets මෙම කෙටි කාලය තුළ 90,000 කට අධික ප්‍රමාණයක් ව්‍යාප්ත වී ඇති බව සඳහන් වේ.
පහත සඳහන් වන්නේ එලෙස Twitter මාධ්‍යයේ පල වූ Tweets කිහිපයකි.
Everyone who noticed #whatsapp is down have come to twitter to confirm it.#WhatsAppDown pic.twitter.com/0GJDDU7mRx
— Heer Sapariya (@HeerSapariya) October 25, 2022





