දැනට අප සියලු දෙනාම භාවිතා කරන WhatsApp Desktop App එකෙහි User Interface එක, එහි ඇති Features සහ එම යෙදවුමේ Performance පිළිබඳව ඔබ සෑහීමකට පත් නොමැති බව නොඅනුමානයි.
මේ නිසා මේ සඳහා Stable App එකක් සියලු දෙනාම බොහෝ කලක සිට බලාපොරොත්තුවෙන් සිටියා. ඉතාලි ජාතික Aggiornamenti Lumia විසින් පළ කරන ලද Tweet එකෙහි WhatsApp හි Beta App එකක් පිළිබඳව Screenshots හා Gifs ඇතුළත් වනවා.
Scoop! Sneak peek at the upcoming Whatsapp (UWP) Beta app for Windows https://t.co/L2vaR3dL4b pic.twitter.com/mpzWBTqCDK
— Aggiornamenti Lumia (@ALumia_Italia) November 15, 2021

මෙම යෙදුම Windows 10 සිට ඔවුන්ගේම app ධාවනය කිරීම සඳහා Microsoft සමාගම විසින් හඳුන්වාදුන් UWP (Universal Windows Platform) මත සාදා ඇති අතර ඒවාට පොදු transparency effects යනාදිය සහිතව මෙය නිර්මාණය වී ඇති බව බලාගත හැකියි. තවද අපි WhatsApp App එකෙන් ඉවත්ව සිටියදීත් මෙය Background Run වන අතර ඒමඟින් අපට WhatsApp Desktop App එකෙහි නොසිටින විටදීත් Notifications ලබා ගත හැකියි.
ඒ වගේම Touch display සඳහා සහාය වෙන පරිදි, drawing feature එකක්ද මෙම App එකට ඇතුළත් වෙනු ඇති බව ද මේ Screenshots වලින් අපට දැකගත හැකි වනවා.
මෙහි Settings General, Account, Chats, Notifications, Storage, Help යන category 6 කින් ඇති අතර දැනට ඇති WhatsApp web version එකට log වීම සඳහා තත්පර කීපයක්ම වැය වෙන නමුත්, මෙම App එක ඔබට තත්පරයකටත් වඩා අඩු කාලයකදී Open කර log වීමට හැකියාව ලැබෙනවා.
මේ වන විට නිකුත් කර ඇති මෙහි Beta App එක ඔබට මේමඟින් Download කරගත හැකිය.
Source - WABetaInfo, GSMArena