Loading...
Calls සඳහා වන tab එකක් WhatsApp Desktop beta වෙත හදුන්වා ​දේ

Meta සමාගම විසින් WhatsApp වෙත පසුගිය දින කිහිපය පුරාම නව විශේෂාංග රැසක් හදුන්වා දීම සිදුකළේය. එලෙස නිකුත් කිරීමට නියමිත තවත් නව පහසුකම ලෙස WhatsApp Desktop සඳහා Calls tab එකක් හදුන්වාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

පසුගිය දිනෙක Windows වෙත නිකුත් කළ WhatsApp 2.2240.1.0 Update එකත් සමග නිකුත් වූ Side Bar එකත් සමගම යාවත්කාලීන වීමේ දී එම Side Bar එකෙහි Chat List, Status Update සහ Settings යන tabs අන්තර්ගත වේ. එසේම මෙලෙස නිකුත් වන Calls ලබාගැනීමේ පහසුකම සමග එම Side Bar එකෙහි Call History ලෙස නව tab එකක් එකතු වීම සිදුවේ. එහි Screenshot එකක් පහත සඳහන් වේ.

අලුතින් එකතු වන Call History Tab එක සඳහන් වන Screenshot එකක්.

මෙම පහසුකම ඔස්සේ පරිශීලකයන් සඳහා WhatsApp Desktop භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් Voice Calls සහ Video Calls ලබාගැනීමටත් Call History නිරීක්ෂණය කිරීමටත් අවස්ථාව උදාවේ.

කෙසේවෙටත් මෙහි පවතින ගැටලුව වන්නේ WhatsApp Desktop හි පවතින WhatsApp ගිණුම Sync වී පවතින වෙනත් Devices වල Call History හි තොරතුරු WhatsApp Desktop හරහා නිරීක්ෂණය කිරීමට හැකියාවක් නොමැති වීමයි. එමෙන්ම WhatsApp Desktop භාවිතයෙන් ලබාගන්නා ඇමතුම් වල තොරතුරු අනෙකුත් Devices හරහා නිරීක්ෂණය කළ නොහැකි වනවා.

මෙම පහසුකම Windows සඳහා Microsoft Store හි 2.2246.4.0 Update එකත් සමග නිකුත් වීමට නියමිත අතර එය ඉදිරියේදී සියලුම පරිශීලකයන් සඳහා එම පහසුකම ලබාගත හැකි වේ. එලෙසම ඉදිරියේදී WhatsApp Desktop සඳහා අමතර ආරක්ෂාවක් ලබාදීමට Screen Lock පහසුකමක් හඳුන්වා දීමට සූදානම් වන අතර ඒ පිළිබඳ අප ඔබ වෙත ගෙන ආ ලිපිය මෙතැනින් කියවන්න.

මෙලෙස ඉදිරියේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන සහ නිකුත් වන තාක්ෂණික තොරතුරු පිළිබඳව දැනුවත් වීම සඳහා ඉදිරියේදීත් Android වැඩකාරයෝ අප සමග එක්වී සිටින ලෙස ඔබ සියල්ලන්ටම ආරාධනා කරන්නෙමු.

Source: wabetainfo.com