Loading...
WhatsApp සඳහා වන security update එකක් හේතුවෙන් multi device පහසුකම යටතේ link කර ඇති devices, logout වීමට ලක් වේ

මීට පෙර දිනයකදී WhatsApp සඳහා නුදුරේදීම Multi devices login පහසුකම ලබා දුන් බව සහ එය සක්‍රීය කරගන්නා අයුරු ඔබ වෙත ගෙන ආවා.

WhatsApp හි ඔබ දැනට Multi Devices Login පහසුකම මඟින් Link කර ඇති Devices වලට නිවැරදිව Messages Sync කිරීම සඳහා Security Fix එකක් ඇතුළත් නව Update එකක් නිකුත් කර ඇති අතර මේ Update එක නිසාවෙන් දැනට Link කර ඇති Devices සියල්ලම Log Out විය හැකි වෙනවා.

Source - WABetaInfo

ඔබ Log Out වී ඇත්දැයි දැන ගැනීමට WhatsApp හි 3 Dot Menu එක Click කර එහි Linked Devices වෙත යා යුතු වෙනවා. එහි සාමාන්‍ය ආකාරයට ඔබේ Devices පෙන්වන්නේ නම් එයින් අදහස් වන්නේ තවමත් ඔබගේ Devices Log Out වී නැති බව සහ මේ Security Fix එක සහ Multi Device Bug Fix එක ඇතුළත් Update එක ලැබි නොමැති බවයි.

“Your devices were logged out due to an unexpected issue,”  ලෙස Error Message එකක් ඔබගේ තිරයේ ඉහලින් ඔබ දුටුවහොත් ඔබට එම Update එක ලැබී තිබෙනවා.

කලින් සඳහන් කළ පරිදි Linked Devices Log Out වූ පසු ඔබට පෙර පරිදිම QR Code එක Scan කර පහසුවෙන් නැවත Log වී Messages Sync කර ගත හැකිය. මෙම Security Fix එක සහ Multi Device Bug Fix එක ඇතුළත් Update එක Android Beta Users ලාට නිකුත් කර ඇති නමුත් තවමත් මෙය iOS සඳහා පරීක්ෂා මට්ටමෙන් පවතින බවට දක්වා තිබෙනවා.

Source - XDA Developers