අප විසින් එදිනෙදා භාවිතා කරන සමාජ මාධ්‍ය මෙවලමක් වන Whatsapp මගින් අප විසින් සන්නිවේදනයන්ට අමතරව අනෙකුත් වැදගත් කාර්‍යයන් ගණනාවක් සිදුකරනු ලබනවා. කෙසේ වෙතත් මෙම සමාජ මාධ්‍ය ජාලා වල පවතින පෞද්ගලිකත්ව ගැටලුව මීට වසර ගණනාවකට පෙර සිටම ඉස්මතු වූ කාරණාවක් ලෙස දක්වන්න පුලුවන්.
විශේෂයෙන්ම ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා පෞද්ගලිකව හුවමාරු කිරීම හෝ ඉතා වැදගත් වන එවැනි මාධ්‍ය හුවමාරු කරගැනීම සුලභව සිදුවන වාතාවරණයක පසුගිය කාලයේදී Whatsapp විසින් සිය පරිශීලකයන් වෙතට "View Once" නම් නව Feature එකක් හඳුන්වා දෙනු ලැබීය. මෙයින් සිදු කරන්නේ තවකෙකුට යවන ලද ඡායාරූපයක් හෝ වීඩියෝවක් View Once යටතේ යවනු ලැබූ විට එය එක් වරක් පමණක් විවෘත කර බැලීමට ඇති හැකියාවයි.
කෙසේ වෙතත් මෙම Feature යටතේ වුවද පණිවුඩය ලබන්නා හට එම මාධ්‍යයේ Screenshot එකක් හෝ Screen recording එකක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා. මෙය යම්තාක් දුරට පෞද්ගලිකත්වය හා සම්බන්ධ කරුණක් වන බැවින් පරිශීලකයාගේ දත්තවල සුරක්ෂිතතාවට තහවුරු කිරීමේ අභිලාෂයෙන් පසුගිය අගෝස්තු මස දී WhatsApp නිවේදනය කරනු ලැබුවේ තම සමාජ මාධ්‍ය තුළ එම ක්‍රියාවලිය සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන බවත් එම ක්‍රියාවලිය යටතේ View Once පණිවුඩ සඳහා Screenshots සහ Screen Recording ලබාගැනීමට ඇති හැකියාව වලකා දමන බවත් ය.
මෙලෙස ලබා දීමට අදහස් කරන Feature එක Android Beta Version එකක් ලෙස මෙන්ම iOS Beta Version එකක් හරහාද ලබාදීමට තීරණය කර තිබෙන අතර මෙම Feature එක ඉදිරියේදී නිල වශයෙන් WhatsApp සඳහා ලබාදීමට සූදානම් වන බව සඳහන් වේ.
📝 WhatsApp beta for Android 2.22.22.3: what's new?
— WABetaInfo (@WABetaInfo) October 3, 2022
WhatsApp is releasing screenshot and screen recording blocking for view once images and videos to some beta testers!https://t.co/KJC3jRTlXf pic.twitter.com/9uxPzfTdc6
මෙම පහසුකම ඔස්සේ පණිවුඩය ලබන්නා හට View Once ආකාරයේ පණිවුඩයක අන්තර්ගත වන කිසිඳු ඡායාරූපයක් හෝ වීඩියෝවක් කිසිඳු ආකාරයකින් පටිගත කිරීමකට හෝ නැවත Screenshots ආධාරයෙන් ලබාගත නොහැකි වනවා. කෙසේ වෙතත් වෙනත් උපාංගයක් මගින් ඡායාරූපගත කරගත හැකිවන නමුදු මෙම විශේෂාංගය මගින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය මෙන්ම රහස්‍යභාවය ආරක්ෂා වන බවට අපට නිරීක්ෂණය කළ හැකියි. එලෙස යම් පරිශීලකයෙක් ලබාගැනීමට උත්සාහ කලහොත් පහත ආකාරයේ පණිවුඩයක් දිස්වීම සිදු වනවා.

කෙසේ වෙතත් මෙම පහසුකම තවමත් ස්ථිරවම WhatsApp සඳහා ලබා දී නැති අතර තවමත් Android සහ iOS පරිශීලකයන් තුළ පරීක්ෂණ මට්ටමේ පවතී.
Sources: androidpolice.com 9to5mac.com