WhatsApp හි ඇතිවූ Privacy ගැටලුව හා මෑතකදී Meta ආයතනයේ සිදුවූ DNS Issue එකත් සමඟ බොහෝ පරිශීලකයන් WhatsApp හැර වෙනත් Messaging Apps වෙත මාරු වන බවක් පෙනී යනවා. ඉතින් මේ හේතුව නිසා නැවත WhatsApp සඳහා පරිශීලකයින් ගෙන්වා ගැනීම සඳහා WhatsApp විසින් ඒ සඳහා නවතම පහසුකම් රැසක් මේ දින වල එකතු කරමින් පවතිනවා.
එහි තවත් පියවරක් ලෙස බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අවශ්‍ය Contacts සඳහා පමණක් WhatsApp වෙත අප අවසාන වරට Online පැමිණීමේ වෙලාව අනෙකුත් පරිශීලකයන්ට Hide කිරීමේ හැකියාව ලබා දීමට කටයුතු කරන බව WABetaInfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

දැනට WhatsApp හි අපට මේ සඳහා තිබෙනුයේ Everyone, My Contacts, Nobody ලෙසයි එයට මෙම Update එකෙන් පසුව My Contacts Excepted යනුවෙන් මෙම පහසුකම මේ සඳහා එකතු වනවා.
මෙම 'My Contacts except...' පහසුකම Profile Picture එක Hide කිරීමට හා About එක Hide කිරීමට ලබා දීමට ද කටයුතු කරන බව මෙම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් වනවා.
මෙම පහසුකම දැනට තෝරාගත් Beta පරිශීලකයන් සඳහා පමණක් ලබා දී ඇති අතර තවමත් මෙය සියලුම පරිශීලකයන් වෙත ලබා දෙන දින පිළිබඳව සඳහනක් නම් නැහැ.
Source - Gizmochina, WABetaInfo