Loading...
WhatsApp View Once විශේෂාංගය Voice Messages සඳහාද ලබා දේ

WhatsApp View Once විශේෂාංගය මුලදී Photos Videos සඳහා පමණක් ලබා දුන් අතර පසුව එය Text Messages සඳහාද ලබා දුන්නා. මෑතකදී නිකුත් කර ඇති නවතම Update එකක් තුළින් Voice Messages ද View Once ලෙස යැවීමේ හැකියාවක් තිබෙනවා.

ඔබ Voice Message එකක් සාමාන්‍ය පරිදි Record කර එය යැවීමට පෙර Send Button එකට වම් පසින් ඇති View Once icon එක Click කර ඉන් පසුව Send කිරීමෙන් මෙය View Once Voice Message එකක් බවට පත්වනවා.

WhatsApp is introducing view-once voice message to Android and iOS - Neowin
Source: neowin.com

මෙහිදී Photos Videos හි ද මෙන්ම Voice Message එකට එක් වරක් සවන් දුන් පසු යවන්නාට හෝ ලබන්නාට නැවත ඇසිය නොහැකි අතර ලබන්නා Read Receipts On කර තිබේ නම් එහි Opened ලෙසින් දිස්වනවා.


මෙම Update එක මේ වන විටත් ගෝලීය වශයෙන් නිකුත් කර ඇති අතර ඔබට තවම ලැබී නැත්නම් ඉදිරි දින කිහිපය තුළදී අනිවාර්‍රයෙන්ම ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වනවා.

Source: blog.whatsapp.com