Loading...
Instagram වෙබ් අඩවියේ Dark mode එක activate කරන්නේ කෙසේද?

Dark mode කියන්නේ වර්තමානයේ වඩාත්ම ඉල්ලූමක් සහිත යෙදුම් විශේෂාංග වලින් එකක්. Google සමාගම සහ Apple සමාගම ඔවුන්ගේ Android 10 සහ iOS 13 සදහා dark mode පහසුකම එකතු කල දා පටන් බොහෝමයක් app developersලා විසින් මෙම dark mode එකට සහය දැක්වීමේ හැකියාව ඔවුන්ගේ යෙදුම් සදහා එක් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Google Plays store සහ Apple store තුළ තිබෙන බොහෝමයක් යෙදුම් සදහා දැනටමත් dark mode සදහා සහය දැක්වීමේ හැකියාව ලබාදී තිබෙන බව නොරහසක්. උදාහරණයක් විදිහට Facebook, Twitter, Instagram, සහ WhatsApp කියන සමාජ ජාල යෙදුම් සියල්ලටම dark mode සදහා සහය දැක්වීමේ හැකියාව තිබෙනවා. මේවායේ Android හෝ iOS යෙදුම් වලට අමතරව Instagram හැර අනෙකුත් ඒවායේ web versions වල පවා Dark mode පහසුකම දැක ගැනීමට පුලුවන්.

Instagram යෙදුමේ dark mode පහසුකම තිබුනත් web version එකේ අපිට Dark mode පහසුකම දැක ගැනීමට හැකි වන්නේ නැහැ. මෙය ලබා ගැනීම සදහා ?theme=dark යන parameter එක Instagram URL එක අවසානයේ එක් යුතු වෙනවා. ඒ අනුව සම්පුර්ණ URL එක පහත සදහන් වෙනවා.

https://www.instagram.com/?theme=dark

මෙම parameter එක මගින් Instagram වෙබ් අඩවියේ pre-activated dark mode එක ලබා දෙන අතර මෙය Alessandro Paluzzi විසින් සොයා ගෙන තිබෙනවා.

මතකතබා ගත යුතු කාරණය වන්නේ මෙම pre-activated dark mode එක ක්‍රියාත්මක වන්නේ URL එකෙහි ඒ අදාළ parameter එක තිබෙන විට පමණයි. වෙබ් පිටුව reload වන සෑම විටම නැවත්ත light theme එක වෙත මාරු වෙනවා. මෙය වලක්වා ගැනීමට නම් parameter එක සහිත ඉහත සදහන් කළ URL එක bookmark කර තබා ගන්න.

Dark Mode on Instagram website

Source: XDA