Loading...
තම ප්‍රියතම Twitter පරිශීලකයන් වෙත මුදල් ප්‍රදානය කිරීමේ TipJar පහසුකමට Bitcoin සහය ලබා දීමට සූදානම් වේ

Twitter වෙත මෑතක සිට නව විශේෂාංග එකතු කිරීමට කටයුතු කරමින් සිටින අතර මෙහි තවත් එක් විශේෂාංගයක් ලෙස Twitter ගිණුම් හරහා BitCoin හුවමාරු කිරීම අත්හදා බැලීමට සුදානමින් සිටින බව Twitter සමාගම විසින් නිවේදනය කරලා තිබෙනවා.

Twitterහි සේවය කරන Alessandro Paluzzi විසින් සඳහන් කොට ඇත්තේ TipJar පහසුකම සක්‍රීය කරගෙන ඇති පරිශීලකයන්ට තමන්ගේ Follwersලාට හට Pay කිරීමට හැකි පරිදි තමන්ගේ BitCoin ලිපිනයන් මෙයට ඇතුළත් කළ හැකි බවයි.

Twitter විසින් මෙම ගනුදෙනු කටයුතු සඳහා විකල්ප ගෙවීම් Protocol එකක් වන Lightning Network එක භාවිත කරන බවත් සඳහන් වෙනවා.

Twitterහී නිෂ්පාදන ප්‍රධානී Kayvon Beykpour විසින් Paluzzi Tweet එක Lightning සහ Soon emoji (⚡?) සමඟ නැවත Re-Tweet කිරීම සිදු කරන ලද්දේ Twitter විසින් සත්‍ය වශයෙන්ම මෙම විශේෂාංගය ලබා දීමට සුදානම් නිසා බව කිව හැකියි.

තවමත් මෙම පහසුකම පරිශීලකයින් සදහා ලබා දෙන දිනයක් පිළිබඳ Twitter සමාගම විසින් සඳහන් කර නොමැති වෙන අතරම, කෙසේ වෙතත් ඉක්මනින්ම මේ විශේෂාංගය එළිදක්වනු ඇතැයි අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්.

Source: 9to5mac