Loading...
YouTube Shorts වලට watermark එකක්?

YouTube Shorts වඩාත් ප්‍රචලිත කිරීම ‌සඳහා TikTok අනුකරණය කරමින් YouTube Shorts සඳහා Water Mark එකක් එක් කිරීමට මේ වෙනකොට කටයුතු කරමින් පවතිනවා. ඉදිරියේදී අප විසින් Download කරගන්නා Shorts වලට මේ Water Mark එක එක් වනවා.

පසුගිය වසර කිහිපය පුරාවටම TikTok විසින් Short-form Videos වල ආධිපත්‍ය තමන් සතු කරගෙන සිටිනවා. අනෙක් ප්‍රධාන තරඟකරුවන් වෙන Google සමාගම විසින් YouTube Shorts සහ Meta සමාගම විසින් Instagram Reels ලෙසින් සේවාවන් TikTok සමග තරඟ කිරීමට හඳුන්වා දෙනු ලැබුවත් TikTok වලට විශාල තරඟයක් ලබා දීමට තවමත් මේවාට හැකිවී නොමැති වනවා. ඒ සඳහා හේතුවක් වනුයේ TikTok තුළ පළ කරන videos අනෙක් Short form platforms තුළත් Creators ලා විසින් පල කිරීමයි. තවද TikTok තුළ Creator අවසර ලබාදෙනවනම් TikTok videos පරිශීලකයන්ට Download කරගැනීමේ පහසුකමත් අඩංගු වීමත්ය.

TikTok Videos on YouTube Shorts

මෙලෙස TikTok මගින් Download කරගන්නා Videos තුළ හැම වෙලාවකම Water Mark එකක් දැකගන්න පුලුවන්. සමහර TikTok videos Water Mark එක සහිතවම Instagram Reels සහ YouTube Shorts මත දැකගන්න හැකිවීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි. මේක පරිශීලකයන්ට පහසු වූවත්, එකිනෙකට තරඟකාරී සේවාවන් මෙයට කැමත්තක් නොදක්වනවා. මේ නිසා Instagram තුළ අනෙක් platforms promote කරන Water Marks සහිත videos හඳුනාගෙන ඒවා Post කිසීමට අවසර නොදෙන ආකාරයේ Algorithm එකක් පවා මේ වන විට සංවර්ධනය කර තිබෙනවා.

මෙලෙස Shorts වලට watermark එකක් එකතු කිරීමෙන් බලාපොරොත්තු වනුයේ Shorts වෙනත් platforms තුළ share වුවහොත් ඒ තුළින් තම සේවාවට ප්‍රසිද්ධියක් ලබා ගැනීමයි. මේ වෙනස්කම තුළින් පෙනීයනුයේ YouTube විසින් Shorts වලට ලොකු අවධානයක් යොමු කරන බවයි.

Source: variety.com