Loading...
ඔබ විසින් ඔබගේ Android ජංගම දුරකතනයේ සිදු නොකලම යුතු දෑ 10ක්

Smart phone එක කියන්නේ මේ වෙනකොට අපේ එදිනෙදා ජීවිතයේදී විශාල වැඩ ප්‍රමාණයක් සපුරා ගන්න භාවිතා කරන උපකරණයක් බව අවිවාදයෙන්ම පිලිගත යුතු දෙයක්. මේ නිසාම අපි ගොඩක් වෙලාවට අපේ Smart Phone එක වැඩි battery life එකක් පවත්වාගෙන යන්න, වැඩි වේගයක් පවත්වාගෙන යන්න විවිධාකාරයේ උපක්‍රම භාවිතා කරනවා.

ඒ ආකාරයට අපි භාවිතා කරන ගොඩක් උපක්‍රම වලින් විශාල ප්‍රමාණයක් ඇත්තටම නොකල යුතු වර්ගයේ ඒවා. සමහරක් උපක්‍රම භාවිතා කිරීමෙන් ඇත්තටම අපේ අරමුණ ඉටුවෙනවාට වඩා සිදු වන්නේ ඒකේ අනිත් පැත්තයි.

අපි අද බලමු අපි භාවිතා කරන, ඒත් භාවිතා නොකල යුතු උපක්‍රම 10ක් ගැන. මෙහිදී කතා කරන්නේ Android devices වලට අදාල දෑ පමණක් බව කරුණාවෙන් සලකන්න.

01. Apps manually kill කිරීම

Android device එක භාවිතා කරන සෑම කෙනාම වගේ කරන දෙයක් තමයි recent apps වලට ගිහිං අපි මීට කලින් open කරපු ඇප්ස් ටික ක්ලියර් කරල දාන එක. එහෙමත් නැත්තම් kill කරන එක. ඇත්තම මේකෙන් වෙන්නේ device එකේ performance අඩු වෙන එක.

මේ දේ ඇත්තම ප්‍රයෝජනවත් උනේ අපි Android KitKat, Lollipop වලින් ආපු devices වලට වෙනකන් විතරයි. ඒ උනත් KitKat, Lollipop වලින් පස්සේ ආපු Android version වල මේ විදිහට Apps background එකේ run වෙන එකෙන් අපිට වැඩි කාර්‍යක්ෂමතාවයක් ලබා ගන්න පුළුවන්.

Things You are Doing Wrong on Your Android Device

2014 වර්ෂයේදී Google සමාගම විසින් එතෙක් Androidහි memory allocation එක සඳහා භාවිතා කරමින් පැවති Dalvik cache ක්‍රමය ඉවත් කර Android Run Time හෙවත් වැඩි දියුණු කල වර්ථමානයේ භාවිතා වන ART නම් ක්‍රමය හඳුන්වා දී ඇත. මෙහිදී memory management system එක සඳහා ART විසින් භාවිතා කරන්නේ ahead-of-time හෙවත් AOT compilation method එක නිසා apps background run වීමේදී වැඩි කාර්‍යක්ෂමතාවයක් පෙන්නුම් කරයි.

නමුත් ඔබ නිරතුරුවම Apps kill කිරීමේදී, ART ක්‍රියාවලියට බාධා ඇති වීම සිදුවන අතර එමඟින් ජංගම දුරකථනයේ performance වලට සහ බැටරි ආයූ කාලයට ඍජුව බලපානු ලබයි. එම නිසා Apps kill කිරීම හෝ ඒ සඳහා තෙවනපාර්ශවීය app භාවිතා කිරීම යන දෙකෙන්ම වැලකී සිටීමෙන් ඔබගේ Android device එක වඩා හොඳ කාර්‍යක්ෂමතාවයකින් ක්‍රියාකරනු ඇත.

02. Antivirus App install කිරීම

ඇත්තටම Android device එකකට antivirus app එකක්, එහෙමත් නැත්තම් virus guard එකක් අවශ්‍යද? මේ වෙනකොට Google එකෙන් Play Store එකට Google සමාගමෙන් 2018දී හඳුන්වලා දුන්න Google Play Protect කියන feature එකෙන් අපිට ඕනම ඇප් එකක් ස්කෑන් කරා තමයි install කරන්නේ. ඒ නිසා ඔයා ඔයාගේ Android Device එකට ඇප්ස් install කරන්නේ Playstore එකෙන් විතරක් නම් ඔයාගේ ෆෝන් එකට Malware හරි virus හරි එන්න විදිහක් නෑ.

2. Installing An Antivirus App

ඇත්තටම Antivirus එකක් install කරන එකෙන් වෙන්නේ device එකේ resources අනවශ්‍ය විදිහට භාවිතා කරන එක. ඒක නිසා ඔයාගේ බැට්‍රි එක ඉක්මනින් බහින්න තියෙන ඉඩ කඩ වැඩී. Google වල තියෙන machine learning algorithms නිසා දිනෙන් දිනම Google Play Protect කියන feature එක වැඩි දියුණු වෙනවා. ඒ නිසා Google Play Protect එක විතරක් හොඳටම ඇති.

03. Cache clear කිරීම සඳහා App Cleaners භාවිතා කිරීම

සාමාන්‍යයෙන් ටිකක් පරණ ඩිවයිස් එකක් පාවිච්චි කරනව නම් මේ වෙනකොට ඒකේ internal storage එක මදි නිසා ඔයා Cache clear කරනව නම් මේක අදාල කරගන්න එපා. මේ දේ කියන්නේ අළුතෙන් devices අරගෙන්න ලොකු ප්‍රමාණ වලින් internal storage manage කරන අයටයි.

මේ වෙනකොට ඔයා පාවිච්චි කරන්නේ Android 8 වලින් උඩ device එකක් නම් ඔයාට මේ වෙනකොට ලොකු internal storage එකක් නම් තියෙන එක අනිවාර්‍යයි. ඉතින් ඔයා cache clear කරන එක කරන එකේ කිසිම ඵලක් නෑ. Cache data වෛන් කරන්නේ ඇත්තටම ඔයාගේ app එකක් හරි service එකක් හරි හිර වෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය මූලික දත්ත ටික ඉක්මනින් access කරන්න පුළුවන් විදිහට internal storage එකේ store කරලා තියා ගන්න එක.

Cache කොච්චර clear කරත් කිසිම තේරුමක් නෑ, හේතුව එකක් ආයෙම app එකෙන් හරි service එකෙන් හරි ආයෙම Cache හදාගන්නවා. ඒකට වෙනම process එකක් යනවා සහ වෙනම data වැය වෙනවා. ඒ වගේමයි Cache clear කරන කරන වාරයක් පාසා ආයෙම cache කරගන්න වෙනම උත්සාහයක් දරණ නිසා ඒ වෙලාවට ආයෙම ෆෝන් එක පොඩ්ඩක් slow වෙනවා.

3. Using App Cleaners to Clear Cache

උදාහරණයකට ගමු WhatsApp එක. WhatsApp එකේ contacts වල profile pictures සහ ඔයාට එවපු media files (Gallery එකට save කරන option එක on කරල නැත්තම්) මේ කියන cache memory එකේ තමයි store වෙන්නේ. Cache clear කරලා ආයෙම ඔයා app එක open කරන කොට අර කිව්ව data ටික ආයෙම පාරක් device එකට cache කරගන්නවා. ඉතිං ආයෙම cache වෙලා ඉවරයි. වෙන වැඩකට ගන්න තිබ්බ data ටිකත් නිකන් බොරුවට ඉවර කරගෙන.

04. නිරතුරුවම Battery Saver Mode එක on එකේ තබා ගැනීම

බොහොමයක් Android පරිශීලකයන් විසින් හැම වෙලාවේම වගේ තමන්ගේ ජංගම දුරකථනයේ battery saver mode එක turn on කරගෙන ඉන්නවා. මේක ඒ තරම් හොඳ ක්‍රියාවක් නෙවෙයි. ඒකට හේතුව වෙන්නේ battery saver mode එක turn on කරාම Android OS එකෙන්ම CPU එකේ high-performing cores disable කරනවා.

Things You are Doing Wrong on Your Android Device

මේ වෙලාවට ඔයා ඔයාගේ device එකේ ටික බර වැඩක් කරන කොට phone එකෙන් පාවිච්චි වෙන්නේ less-power cores ටික විතරයි. මේ හේතුව නිසා ඔයාගේ device එක slow performance, ඉක්මනට battery drain වෙන එක වගේම heating issues වලටත් මූණ දෙනවා. මෙතනදී ඔයාගේ battery save වෙනවාටත් වඩා ඉක්මනින් battery එක drain වෙනවා වගේම ඔයාගේ CPU එකට ලොකු හානියක් වෙනවා.

ඉතින් නිතරම battery saver එක on අරගෙන ඉන්නවාට වඩා, battery එක 15%ත් 20%ත් අතර වගේ ප්‍රමාණයකදී battery saver mode එක on කරගන්න. ඒත් ඔයා දුර ගමනක යනව නම්, ඒ අතර තුරේදී ජංගම දුරකතනය වැඩි භාවිතාවක් නොකරනව නම් battery saver එක on කරගත්තට කමක් නෑ.

5. ජංගම දුරකතනය Rebooting නොකිරීම

සාමාන්‍යෙන් ඔයා ෆෝන් එක on කරාම ෆෝන් එක restart හරි කරන්නේ කොච්චර කාලෙකට පස්සෙද?ෆෝන් එක on කරාම off කරන දවසක් නම් මතක නැතුවත් ඇති. ඒ වගේම මතයක් තියෙනවා හැමෝම අතරේ, ෆෝන් එක on කරාම off කරන්න අවශ්‍ය නෑ, ඒක ඔහොම්ම තිබ්බට කමක් නෑ කියල. ඒත් ඇත්තම කතාව ඒක නෙවෙයි.

මේකට හොඳම උදාහරණය තමයි Samsung Galaxy S7 එකේ ඉඳලා මේ වෙනකන් එන හැම One UI build එකකම feature එකක් තියෙනවා schedule auto restart කියලා option එකක්. අපි මේ විදිහට එක දිගට ෆෝන් එක off නොකර භාවිතා කිරීමත් Android device එකක් slow වෙන්න හේතු වෙනවා.

Things You are Doing Wrong on Your Android Device

මේ හරහා වෙන්නේ, ඔයාගේ ෆෝන් එකට fresh start එකක් දෙන එක. එක reboot එකකින් ඔයාගේ ෆෝන් එකේ මේ වෙනකොට තියෙන අනවශ්‍ය process සේරම නවත්තලා දානවා. මේක සතියකට සැරයක් හරි, දිනපතා රාත්‍රී වෙලාවක ජංගම දුරකතනය භාවිතා නොකරන වෙලාවක කරන්න පුළුවන් ඔයාට කිසි කරදරයක් නැතුව.

06. Applications සඳහා ලබාදෙන permission පිළිබඳව සැලකිලිමත් නොවීම

Google PlayStore එක කියන්නේ හිතනවටත් වඩා විශාල Apps ප්‍රමාණයක් තියෙන app store එකක් කිව්වොත් මං නිවැරදියි. Google PlayStore එකට app ඕන තරම්ක් දාන්න developer කෙනෙක්ට යන්නේ ජීවිත කාලෙටම $25ක් විතරයි. මේ හේතුව නිසා ඕන තරම් apps හදලා PlayStore එකට දානවා.

මෙතනදි අපිට ඕන app එකක් ජංගම දුරකතනයට install කරගන්න ඉඩකඩ හම්බෙනවා. මේ apps හැම එකකටම වගේ app permissions කියල කොටසක් තියෙනවා සහ ඒක අපි විසින් ලබාදෙන්න ඕනේ. මේ ගැන ජංගම දුරකතන භාවිතා කරන අයගේ තියෙන දැනුම බොහොම අඩුයි. උදාහරණයකට ගත්තොත් photo editing app එකකට contacts හරි messages වලට හරි access කරන්න permission අවශ්‍ය නෑ. නමුත් සමහර photo editing app වල මේ දේවල් පවා ඉල්ලනවා සහ ඒ permission බොහොමයක් අය ලබා දීලා තියෙනවා. ඒකට හේතුව උඩ කියපු දැනුම අඩු වීම.

Things You are Doing Wrong on Your Android Device

අපි recommend කරන්නේ app එකකට permission එකක් දෙන්න කලින් එන prompt message එක හොඳට කියවලා බලලා අදාල permission විතරක් දෙන්න. මේක කරදරයි වගේ නම් ඔයාට පුළුවන් Bouncer කියන app එකෙන් ඔයා app එකක් භාවිතා කරාට පස්සේ ඒ permission ඉවත් කරන්න. නැවතත් ඒ app එකට permission හම්බෙන්නේ ඒ app එක open කරාම විතරයි. මේක PlayStore එකේ $1.99කට මිලදී ගන්න පුළුවන්.

07. Default Apps පමණක් භාවිතා කිරීම

සාමාන්‍යෙන් ජංගම දුරකතනයක් මිලදී ගැනීමේදී අපිට Google සමාගමෙන් හෝ අදාල ජංගම දුරකතනය නිපදවන සමාගමෙන් Android මෙහෙයුම් පද්ධතිය සමඟ install කර එවන default Android apps පවතී. මෙම Default apps වලින් ලැබෙනවාට වඩා හොඳ අත්දැකීමක් සහ ඉහල සේවාවක් ලබා ගැනීමට හැකි වෙනත් ආදේශක apps පවතී. Default apps වෙනුවට මෙවැනි apps භාවිතා කර Android දුරකතනය customize කරගැනීම හරහා ඔබට වඩාත් සිත් ඇදගන්නා සුලු පහසුකම් ඇතුව ඔබගේ ජංගම දුරකතනය භාවිතා කල හැක.

උදාහරණයකට, Google Messages වෙනුවට SMS Organizer නම් text-messaging app එක භාවිතා කල හැක. මීට අමතරව Android Launchers භාවිතා කිරීමෙන් අපිට තවත් customization ලබා ගත හැක.

8. Gestures තියාගෙන Navigation buttons භාවිතා කිරීම

වසර දෙකකට කලින් Google සමාගම විසින් Android වලට gestures system එක හඳුන්වා දෙනු ලැබුවා. ඒ උනත් තවමත් බොහොමයක් Android පරිශීලකයන් විසින් තවමත් සාම්ප්‍රදායික navigation system එක භාවිතා කරනවා. ගොඩක් ඩුරට පරිශීඅකයන් එයට හේතු ලෙස ගෙන දක්වන්නේ gestures වලට වඩා navigations ඔවුන්ට පහසු වීමයි.

Things You are Doing Wrong on Your Android Device

නමුත් මේ වන විට Google සමාගම විසින් Android 10 සහ Android 11 හරහා Android වෙත නව gestures හඳුන්වා දී තිබෙන අතර පෙරට වඩා ලෙහෙසියෙන් ඒ හරහා අපගෙ navigations කටයුතු කර ගැනීමේ හැකියාව පවතිනවා. එබැවින් සාම්ප්‍රදායික navigations වලින් ඉවත්ව gestures වෙත මාරු වීම සුදුසු වන අටහ්‍ර පහසුවෙන් සහ ඉක්මනින් අපට අපගේ වැඩ් swipe එකකින් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

උදාහරණයකට ගතහොත්, screenshot ලබා ගැනීමට hardware keys භාවිතා කරනවාට වඩා ඉක්මනින් gestures හරහා screenshots ලබා ගත හැක.

9. Using Shady File-sharing Apps අනාරක්ෂිත File-sharing apps භාවිතා කිරීම

මෑතකදී ලෝකයේ ආන්දෝලනාත්මක ලෙස file-sharing apps කිහිපයක් තම app stores වලින් ඉවත් කිරීමට Google සහ Apple සමාගම කටයුතු කලේ ඒවායේ ඇති අනාරක්ෂිතබව සහ එ හරහා ජංගම දුරකතන හිමියාගේ දත්ත අනවසරයෙන් ලබා ගැනීම නිසයි.

මේ වෙනකොට Android සඳහා Nearby පහසුකම ලබා දී ඇති අතර Apple ජංගම දුරකතන සඳහා කාලයක පටන් AirDrop පහසුකම ලබා දී තිබෙනවා.

Things You are Doing Wrong on Your Android Device

යම්හෙයකින් ඔබට File-sharing app එකක් හරහාම අදාල කාර්‍ය සිදු කරගැනීමට සිදුවන අවස්ථාවකදී ඒ සඳහා Google සමාගම විසින් නොමිලේ ලබාදී ඇති Files by Google නම් App එක භාවිතා කරන්න.

10. Unknown Sources හරහා Apps sideload කිරීම

Android මෙහෙයුම් පද්ධතියේ ඇති සුවිශේෂීතාවය වන්නේ බොහොම පහසුවෙන් apps sideload කිරීමේ හැකියාවයි. මේ හරහා අපට ලෙහෙසියෙන් සහ පහසුවෙන් cracked apps වැනි දෑ ජංගම දුරකතනයට ස්ථාපනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙහිදී අපට unknown sources හරහා apps install කිරීමට අවසර ලබා දීම සිදුකරන්න වෙනවා.

මේ ආකාරයට unknown sources හරහා apps install කිරීමට අවසර ලබාදීම Android ජංගම දුරකතනයේ ආරක්ෂාවට බලපාන කාරණාවක් වනවා. ඒ හරහා අප නොදන්නා app එකක් වුවද install කිරීමේ හැකියාව ලැබෙනවා.

10. Sideloading Apps from Unknown Sources

එහිදී අපට අදාල app එක පිළිබඳව verification එකක් කරගැනීමට හැකියාවක් නොපවතින නිසා ජංගම දුරකතනයට හානිදායක කේතයන් සහිතව ලබා දෙන cracked apps නිසා malware වැනි හානිදායක දෑ ඇතුලත් වීමේ ඉඩකඩ බොහෝසෙයින් පවතී.


මෙන්න මේ දේවල් කිරීමෙන් වැලකී සිටීමෙන් ඔබගේ Android ජංගම දුරකතනය වැඩි කාලයක් භාවිතා කල හැකි වීම, ඉක්මනින් බැට්‍රි බැස යාම වැලකීම, ජංගම දුරකතනය වේගවත් බවට හානි නොවීම, ජංගම දුරකතනයේ ආරක්ෂාව තහවුරු කර ගැනීම වැනි දෑ සිදු කරගත හැක.

මීට අමතරව අපට මෙහිදී මගහැරුණු, එහෙත් ඔබ දන්නා තවත් කරුණු වේ නම් පල්ලේහා තියෙන comments section එකේ සටහන් කරන්න.