Loading...
2020 මිලදී ගන්න හොදම Smartphones 15

2020 දී smartphone එකක් ගන්නවා කියන්නේ ලොකු වියදමක් ඔයා මොන brand එකකින් ගත්තත්. මේ වෙනකොට 2020 මුල් භාගයේ ආව ඔක්කම Smartphone අපිට දැකගන්න පුලුවන් උනා ඒත් මේ top list එක එන එන දවස ගානේ වෙනස් වෙනවා ඉතිං අලුත් smartphone එකක් ගන්න ඉන්න කෙනෙක්ට මේක ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම මේ ලිස්ටි එක World Top Rank List එකක් නිසා ලංකාවට නොගැලපෙන Device කීපයක් තියෙන්න පුලුවන්.

කොටසක්  Apple device වල imessage නැත්තන් Camera එක නැත්තන් වෙන iOS වලට තියෙන කැමැත්ත නිසා Apple device එකක් ගන්න හදනවා වෙන්න පුලුවන්. ඒ වගේම android customizable නිසා නැත්තන් google assistant වගේ දෙවල් නිසා android device එකක් හොයනවා වෙන්න පුලුවන් ඉතිං මොන දේ උනත් iOS Android කියන මේ operating system දෙකෙන් එකක් ඔයාලට තෝරගන්න පුලුවන්.

ඒ වගේම දැනට තියෙන top smartphones ඔක්කම වගේ $1000 ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් එක් ලක්ශ අසූ දාහකට වැඩි වෙනවා ගොඩක් දුරට ඉතිං මේ නිසාම ඔයා ගෙවන ගානට ඔයාගේ අවශ්‍යතා ඉටුවෙන හොද device එකක් තොරගන්න එක වටිනවා.

ඒ වගේම මේ හැම එකකම හොද camera එකක් top of the range performance වගේ ගොඩක් දෙවල් තියෙන එක සාමාන්‍ය දෙයක් ඒත් එක එක device වල විශෙෂ හැකියාවන් වගේම කැපීපෙනෙන වෙනස්කම් දකින්න පුලුවන්. ඒ වගේම 2020 smartphone ගොඩක් අනාගත 5G තාක්ශනයට පලමු අඩිතාලම දකින්න පුලුවන් ඒත් ගොඩක් එවගේ සම්පුර්ණ 5G පහසුකම් නෑ මේ ගැනත් හිතන්න ඔනේ 2020 දි.

  1. Samsung Galaxy S20 / S20 Plus
  2. iPhone 11
  3. Samsung Galaxy Note 10 Plus
  4. iPhone 11 Pro / Pro Max
  5. OnePlus 8 Pro
  6. iPhone SE 2020
  7. Samsung Galaxy S20 Ultra
  8. Samsung Galaxy S10 / S10 Plus
  9. OnePlus 7 Pro
  10. Google Pixel 4 XL
  11. Samsung Galaxy S10e
  12. iPhone XR
  13. iPhone XS / Xs Max
  14. Huawei P30 Pro
  15. Moto G7 Power

Samsung Galaxy S20 / S20 Plus

Release date: March 2020

Weight: 186g

Dimensions: 166.9 x 76 x 8.8mm

OS: Android 10

Screen size: 6.7-inch

Resolution: 3200×1440

CPU: Snapdragon 865

RAM: 12GB

Storage: 128/512GB (up to 1TB with card) Battery: 4,500mAh

Rear camera: 12MP + 64MP + 12MP

Front camera: 10MP

මේ S20 හා S20 Plus කියන්නේ ගොඩක් සමාන device දෙකක් S20 එක $999 ක් වෙනකොට S20 Plus එක $1199ක් වෙනවා. ඉතිං මේ device එකේ specs අනුව නම් 2020 දි top android phone එකකට තියෙන්න ඔනේ හැම option එකක්ම දකින්න පුලුවන් ඒ වගේම 5G තාක්ශනයත් expandable storage වගේ වෙන device වල දකින්නට අඩු features ගොඩක් තියෙන හොද all rounder එකක් කීවොත් නිවැරදී

මේ device එකේ කැපී වෙනෙනම දේ Display එක කීවොත් හරි .අපි කවුරුත් දන්නවා දැනට ලොකේ හොදම smartphone display හදන්නේ samsung කියලා එකේ රහසක් නෑ ඉතිං එයාලගේ flagship smartphone එකට හොදම display එක එන එක පුදුම වෙන්න දෙයක් නෙවේ. අගල් 6.2 ක් හා අගල් 6.5 වෙන infinity O AMOLED display එකක් එන්නේ ඒ කියන්නේ මෙකේ front facing camera එක punch hall එකක්. ඒ වගේම 120Hz Display Refresh Rate එකක් දකින්න පුලුවන්, ඉතිං ඔයාලට ආසම games smooth විදියට play කරන්න හොදම Phone එකක් මේ ඒ වගේම මේ නිසාම phone එක ගොඩක් speed & smooth වගේ දැනෙනවා. ඒ උනාට මේ list එකේ තියෙන අනෙක් phone වගේ නෙවේ 120Hz enjoy කරන්න නම් ඔයාලට FHD+ resolution එකට display quality එක downscale කරන්න වෙනවා.

ඒ වගේම මේ phone එකේ 4000 mAh හා 4500 mAh දාරිතාවල ලොකු battery එකක් තියෙනවා මෙ නිසා ඔයාට අනිවාරයෙන්ම දවසක් හෝ ඊටත් වැඩියෙන් ලෙසියෙන් පාවිච්චි කරන්න පුලුවන්. ඒත් 5G නැත්තන් 120 Hz වගේ battery consuming දෙවල් ගොඩක් use කරනවා නම් මේ කාලය අඩු වෙන්න පුලුවන්

ඊලගට කැපී පෙනෙන්නේ camera system එක ඉතිං මේකේ 12 MP main camera එකක්, 64 MP 3x Telephoto camera එකක් හා 12 MP ultra wide camera එකක් 10MP front facing camera එකක් දකින්න පුලුවන්. ඉතිං telephoto lens එක ගොඩක් කැපී පෙනෙන්නේ එකේ high resolution එක හා zoom range එක නිසා මෙකට 30x වෙනකන් digitally zoom කරන්න පුලුවන් ඒත් බොද වෙලා යනවා වැඩක් නැතිම තරමට ඒ වගේම ultra wide එක කලින්  note 10 එකේ 16MP ultra wide එක තරම් sharp නැති නිසා එක downgrad එකක්.ඒ වගේම මේ phone එකේ 8K 24fps recording තියෙනවා ඒ ත් මෙකට use වෙන්නේ 64MP 3x telephoto එක නිසා ලොකු crop එකක් වගේම OIS නැති නිසා ලොකු shake එකක් දකින්න පුලුවන්. කොටින්ම පුලුවන් උනාට වැඩක්ම නැති feature එකක් මේ

iPhone 11

Weight: 194g

Dimensions: 150.9 x 75.7 x 8.3mm

OS: iOS 13

Screen size: 6.1-inch

Resolution: 828 x 1792

CPU: A13 Bionic

RAM: 4GB

Storage: 64/128/256GB

Battery: Unknown

Rear camera: 12MP+12MP

Front camera: 12MP

iPhone 11 කියන්නේ iPhone 11 Pro තරම් advanced phone එකක් වත් මේ list එකේ බහුතරයක් android phones තරම් features තියෙන device එකක්වත් නම් නෙවේ. ඒත් තියෙන්න ඔනේ ඔනේම features ඔක්කම අඩු මුදලකට ගන්න හොදම phone එකක් විදියට කැපී පෙනෙනවා. මේ iPhone 11 එක වෙන්නේ $699 ක් වෙනවා ඒ වගේම Apple ලගේ affordable ම iPhone එක වෙන $399 යේ iPhone SE 2020 ට වඩා මුදලට සරිලන ලොකු වටිනාකමක් දෙන්න මේ iPhone 11 සමත් වෙලා තියෙනවා.

iPhone 11 එකේ අගල් 6.1 ක LCD තිරයක් HD+ resolution එකෙන් අපිට දකින්න පුලුවන්. ඉතිං අනික් OLED තරම් high resolution හා high contrast එකක් තිබ්බේ නැති උනාට japan display සමාගම හදන මේ LCD එක දැනට තියෙන හොදම LCD display එකක් කීවොත් නිවැරදි. ඒ වගේම ඔයා ගොඩක් ලං කරලා device එක බලන්නේ නැත්තන් මේ resolution වෙනස දැනෙන්නේ නැති තරම්.

iPhone 11 එකට iPhone XR එකට වඩා හොදම battery life එකක් තියෙනවා එකට ලොකුම උදව්ව දෙන්නේ apple A13 processor එක. ඒ වගේම iPhone 11 එක fast 18W charging support කරනවා උනාට box එකේ නම් මේ adaptor එක ඔයාට ලැබෙන්නේ නෑ.

ඊලග විශේෂම දේ වෙන්නේ iPhone 11 එකේ camera එක $999 ක් වෙන iPhone 11 Pro එකේ camera system එකට වඩා වෙනස් වෙන්නේ මෙකේ telephoto lens එකක් නැති කම විතරයි අනිත් ඔක්කම සමානයි ඉතිං ඔයාලට හොදම Photos ගන්න පුලුවන් මේ device එකෙන් ඒ වගේම smartHDR 2.0 , Night Mode , Deepfusion වගේ features නිසා ගෙවන මුදලට ගන්න පුලුවන් හොදම camera phone එකක් කීවොත් හරි මේ iPhone 11 එක.

Samsung Galaxy Note 10 Plus

Release date: August 2019

Weight: 196g

Dimensions: 162.3 x 77.2 x 7.9mm

OS: Android 9

Screen size: 6.8-inch

CPU: Exynos 9825 / Snapdragon 855

RAM: 12GB

Storage: 256/512GB

Battery: 4,300mAh

Rear camera: 12MP + 12MP + 16MP + ToF

Front camera: 10MP

Note 10 Plus announce කරලා දැන් අවුරුද්දක් කිට්ටු උනාට දැනටත් වෙලදපලේ තියෙන හොදම phone එකක් විදියට Note 10 Plus හදුන්වන්න පුලුවන්. මෙකට ලොකුම හේතුවක් වෙන්නේ S Pen එක. මේ නිසා ගොඩක් පහසුකම් ලැබෙනවා වගේම වෙන device වලට නැති unique තැනක් මේ device එකට ලැබෙනවා ඒ වගේම මේ SPen එක නිසාම කාලත් සමග අඩු වෙන device එකක වැදගත් කම ටිකක් වැඩි තැනක රැදෙනවා කියන්න පුලුවන්. ඒත් ගොඩක් දෙනෙක්ට මේ SPen features වැඩක් නැති වෙන්න පුලුවන්.

Note 10 Plus එකට අගල් 6.8 ක infinity O AMOLED display එකක් එන අතර front facing camera එක 10MP punch hall camera එකක්. ඒ වගේම slightly curved display එකක් in display fingerprint scanner එකක් වගේම edge to edge boxy design එකක් දකින්න පුලුවන් වෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් samsung phone එකක තියෙන හැම feature එකක්ම එක්ක 4300 mAh ලොකු battery එකක් දකින්න පුලුවන්. තව 25W fast charging capabilities වගේම 15W wireless charging capabilities දකින්න පුලුවන්.

Note 10 plus announce කරපු කාලයේ උනත් හොදම කැමරා phone එක නොවුනත් දැනටත් තියෙන හොදම camera system එකක් කියන්න පුලුවන්. 2x telephoto camera එකක් samsung ලගේ දැනටත් තියෙන sharpest ම ultra wide camera එකක් හා wide camera එකක් එක්ක TOF sensor එකක් දකින්න පුලුවන් මේ system එකේ. ඒ වගේම colour pop වගේ software features ගොඩක් දකින්න පුලුවන්.

iPhone 11 Pro / 11 Pro Max

Release date: September 2019

Weight: 226g

Dimensions: 158 x 77.8 x 8.1mm

OS: iOS 13

Screen size: 6.5-inch

Resolution: 1242 x 2688

CPU: A13 Bionic

RAM: 4GB TBC

Storage: 64/256/512GB

Battery: 3,500mAh TBC

Rear camera: 12MP + 12MP + 12MP

Front camera: 12MP

iPhone 11 Pro කියන්නේ දැනට release උන හොදම වගේම බලවත්ම iPhone එක කීවොත් හරි. දැනට මාස 9 කට කලින් release උන මේ device එකේ performance එකට ලං වෙන්න තරම් තාම කිසිම flagship phone එකකට හැකි වෙලා නෑ ඒ තරමට Apple A13 chip එක බලවත්. ඒ වගේම අගල් 5.8 හා 6.5 වෙන XDR display එක ගොඩක් කැපී පෙනුනේ natural colours වලට හා ඇස් පිනවන HDR දසුන් නිසාවෙන්. ඒ වගේම high brightness capabilities නිසා හොදින් ඉර එලියෙදී පවා දකින්න හැකියාවක් තිබෙනවා.

iPhone 11 Pro ඊලගට කැපී පෙනෙන්නේ battery life එකටයි, සමාන විය නොහැකි performance එකක් තිබුනද දැනට ඇති සියලුම flagship smartphone පරදවා වැඩිම battery life එකක් තිබීම පුදුම කරවන කරුනකි. මෙයට ලොකුම හේතුව වන්නේ iOS 13 optimization වගේම Apple A13 chip එක efficiency එකෙන් ඉහලම තැනක තිබීමයි.

ඒ වගේම 12MP camera 4 ක් wide , ultrawide , telephoto , front facing ලෙස දකින්න පුලුවන්. දැනට තියෙන හොදම point and shoot camera එක විදියට වගේම තියෙන හොදම camera syatem එකක් කියන්න පුලුවන්. මෙකට ලොකුම හෙතුවක් වන්නේ deepfusion , smart HDR 2.0 , night mode වගේ advanced computational photography method කියන්න පුලුවන් මේ හා සමාන හැකියාවන් තියෙන අනෙක් smartphone එකක් වෙන්නේ google pixel line up එකයි. ඉතිං කැමරා අතින් ඉහලම තැනක රැදෙන්න iPhone 11 Pro එකට හ්ෂ්කි වෙලා තියෙනවා.

OnePlus 8 Pro

Release date: April 2020

Weight: 199g

Dimensions: 165.3 x 74.35 x 8.5mm

OS: Android 10

Screen size: 6.78-inch

Resolution: 3168 x 1440

CPU: Snapdragon 865

RAM: 8/12GB

Storage: 128/256GB

Battery: 4,510mAh

Rear camera: 48MP+48MP+5MP+8MP

Front camera: 16MP

One plus ගොඩක් ප්‍රසිද්ද උනේ flagship killer කෙනෙක් විදියට ඒ කියන්නේ flagship smatphone features affordable මිලකට අපේ අතට ගෙන එන්න ඔවුන් වසර ගනනාවක් සමත් උනා. ඒත් වසරෙන් වසර ඔවුන් flagship මට්ටමටම පැමිනියා අද ඔවුන් Flagship Killer එකක් වෙනුවට True Flagship එකක් ලෙස Oneplus 8 Pro එක හදුන්වා දී තිබෙනවා. 2020 දි Android smatphone එකකට තියෙන්න ඔනේ හැම features එකක්ම අඩුවක් නැතුව මේ device එක සතු වෙනවා. මේ සියල්ලගෙන් විශෙෂයෙන් කැපී පෙනෙන්නේ Fluid Display එකයි. මෙය අගල් 6.78 ක HDR 10+ තිරයක් වන අතර punch hall camera එකකින් සමන්විත වෙනවා ඒ වගේම underdisplay fingerprint sensor එකක් වගේම 120Hz refresh rate එකකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙහි විශෙෂත්වය වෙන්නේ samsung s20 series එක මෙන් 120Hz use කිරීමට resolution downscle කරන්න ඔනේ නැති වීමයි. ඒ කියන්නේ display එකේ full resolution එකෙන් 120Hz use කරන්න පුලුවන් වෙනවා ඒ වගේම මෙහි දුර්වලතා වගයකුත් වාර්තා වෙනවා මෙය සියලු Oneplus 8 Pro device වලට බලපා නැති උනත් යම්තාක් දුරකට බරපතල ප්‍රශ්නයක් බවට මෙය පත් වෙලා තියෙනවා මේ වෙනවිට.

ඒ වගේම 4510 mAh ක විශාල battery එක නිසා 120 Hz වලදී උනත් දවසකට ආසන්න කාලයක් දුරකතනය භාවිතා කරන්නට හැකි වෙනවා ඒ නමුත් FullHD+ ලෙස resolution වෙනස් කිරීමෙන් මෙය තව දුරටත් වැඩි කරගැනීමට හ්ෂ්කි වෙනවා. ඒ වගේම වේගවත්ම wireless charging system එකක් මේ device එක සතු වෙනවා.

One plus කවදත් camera අතින් අඩියක් පිටුපසින් සිටියා.නමුත් මේ අවුරුද්දේ ඒ වෙනස විශාල වශයෙන් අඩු කරගැනීමට ඔවුන් සමත් වෙලා තියෙනවා නමුත් මෙය කිසිම අතකින් හොදම smartphone camera system එකක් නම් නෙවේ. ඒත් 48 MP photos ගන්න වගේම 3x telephoto camera එකක් හා 30x Digital zoom capabilities මේ camera system එක සතු වෙනවා ඒ වගේම ultra wide camera එකක් හා colour filter camera එකක් මේ device එක සතු වෙනවා.මේ colour filter camera එකට සමහර material තුලින් දකින්න පුලුවජ් වීම නිසා privacy issue එකක්ද පැමිනියා.

iPhone SE 2020

Release date: April 2020

Weight: 148g

Dimensions: 138.4 x 67.3 x 7.3mm

OS: iOS 13

Screen size: 4.7-inch

Resolution: 1134 x 750

CPU: A13 Bionic

RAM: 3GB

Storage: 64/128/256GB

Battery: 1,821mAh

Rear camera: 12MP

Front camera: 7MP

ඉතිං මේ iPhone SE එක අපේ අවදානය දිනාගන්නේ මෙකේ $399 ක ඉතාම අඩු price එක නිසා.මේ වගේ මුදලකට brand new Apple iPhone එකක් ලබාගන්න පුලුවන් වෙන්නේ විශාල කාලයකට පසුවයි. ඒ වගේම iPhone 8 design එකකට අලුත්ම iPhone 11 specs ඇතුලත් වීම නිසා flagship iPhone වගේම features ගොඩක් ලැබෙනවා.

මේ device එකේ අපිව පුදුම කරවන කැපී පෙනෙන options දකින්න නැති උනාට මේ මිලට ගත හැකි හොදම performance තියෙන හොද camera එකක් තියෙන phone එකක් වෙනවා. මෙකේ අගල් 4.7 ක LCD display එකක් දකින්න පුලුවන් ඒ වගේම මෙය iPhone 8 Display එකට බොහෝ සමාන වන අතර එකම වෙනස වන්නේ 3D touch layer එකක් iPhone SE display එකේ දක්නට නැති වීමයි. ඒ වගේම මේ display එක 2020 දී outdated ගතියක් පෙන්වන අතර මෙයට හෙතුව නම් විශාල side bezels තිබීමයි.

ඒ වගේම iPhone SE එකේ Apple A13 chip එක තිබුනත් ලොකු battery performance එකක් දකින්න ලැබෙන්නේ නෑ මෙයට ලොකුම හේතුව වෙන්නේ කුඩා capacity එකකින් යුත් battery එකයි මෙය iPhone 8 එකටම සමාන වන අතර power user කෙනෙක් නොවෙනවා නම් මෙය ලෙසියෙන් දවසක් ගත කිරීමට ප්‍රමානවත් වෙනවා.

මුදලට ගත හැකි හොදම camera phone එකක් ලෙස iPhone SE දක්වන්න පුලුවන්. හොද ආලෝකයක් තියෙන ඔනේම තැනක අනර්ඝ photos ගන්න පුලුවන් කමක් තියෙනවා තාමත් මෙහි එන්නේ iPhone 8 camera එකමද කියා කිව නොහැකි උනත් මෙහි A13 chip එක නිසා iPhone Xs XR මට්ටමේ Photos ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ නමුත් iPhone 11 series එකේ වගේ smartHDR 2.0 , Nightmode , Deepfusion වගේ computational photography features දකින්න ලැබෙන්නේ නම් නෑ.

Samsung Galaxy S20 Ultra


Release date: March 2020

Weight: 166g

Dimensions: 166.9 x 76 x 8.8mm

OS: Android 10

Screen size: 6.9-inch

Resolution: 3200 x 1440

CPU: Snapdragon 865

RAM: 12/16GB

Storage: 128/512GB

Battery: 5,000mAh

Rear camera: 108MP+48MP+12MP

Front camera: 40MP

S20Ultra specs වලින් නම් කිසිම අඩු පාඩුවක් නැතිව Android Phone ලොකයේ ඉහලම තැන ඉන්න device එකක් කියන්න පුලුවන්. නමුත් hardware නෙවේ හැම දේම කියන දේ මනාව පැහැදිලි වෙන device එකක්. ඒ වගේම මෙහී $1399 ක අදික මිල මික අදිකම iPhone එකටත් වඩා වැඩි වීම නිසා මෙහි ලැබෙන features ඒ තරම් වටිනවාද යන්න සිතන්නට වන දෙයකි.

Samsung S20 Ultra එක S20 Plus එකේ තිබ්බ හැම දේම එක්ක proper 5G පහසුකමත් 100x spacezoom feature එකත් 108MP main camera එකකුත් 5000mAh battery එකකිනුත් සමන්විත වෙනවා. මෙහි අගල් 6.9 ක infinity O AMOLED Display එකක් එන අතර මෙය මෙතෙක් samsung විසින් එලි දැක්වු විශාලම තිරයක් සහිත flagship දුරකතනයයි. මෙය slim bezels හා edge to edge design එක නිසා වෙන් all screen phone එකක් ලෙස දිස් වෙනවා.එවගේම මෙයත් 120Hz refresh rate එකකින් සමන්විත වෙනවා. ඒ වගේම in display fingerprint sensor එකකින් ද සමන්විතයි.

මෙහි 5000mAh ක විශාල battery එක 120Hz හා 5G වලදී උනත් දවසක් හෝ ඊට වැඩි කාලයක් ලෙසියෙන්ම පවත්වා ගන්න පුලුවන් වෙනවා. ඒත් තාම දවස් දෙකක් නම් use කරන්න පුලුවන් වෙයිද කියලා නම් කියන්න අමාරුයි

මෙහි කැපී පෙනෙනම feature එක වෙන්නේ camera system එකයි. 108MP camera එකක් කීවම හිතාගන්නවත් බෑ නේද? ඔව් මේ තමා දැනට smartphone එකක තියෙන විශාලම camera sensor එක කිවොත් හරි. ඒ වගේම මෙය hardware අතින් ඉහලින් සිටියත් software අතින් අනික් දුරකතන වලට වඩා ගොඩක් පහලින් ඉන්න බව පැහැදිලි වන්නේ less dynamic range හා auto focusing වල තිබෙන දුර්වලතා නිසා. ඒ වගේම note 10 එකේ තිබ්බ 16MP ultra wide sensor එකට වඩා අඩු 12MP ultra wide sensor එකක් ලැබීම නිසා ultra wide photos වල sharpness එක හා quality එක දුර්වල වෙනවා. ඒ වගේම ලොකුම marketing features එක වන්නේ 100x space zoom feature එකයි ඒත් මෙය gimmick එකක් බව ඉතාම කෙටි කලකින් හැගි යන්නේ මෙහි ඇත්තේ 10x hybrid optical zoom capability එකක් නිසා වෙනි. මෙය 100x zoom එකක් ලබාදෙන්නේ digitally zoom කිරීමෙනි. ඒ වගේම 1x main sensor එකේ සිට 10x දක්වා තියෙන gap එක නිසා mobile photography වල අවශ්‍යම zoom range එකේදි quality loss වීම කනගාටුවට කාරනයකි. කොතරම් advanced hardware තිබුනත් software වල පසුබෑම නිසාවෙන් google pixel නැතිනම් apple iphone මට්ටමට එන්නට samsung හට මේ වසරෙත් හැකි වෙන්නේ නෑ.

Samsung Galaxy S10 / S10 Plus

Release date: March 2019

Weight: 175g / 198g (ceramic)

Dimensions: 157.6 x 74.1 x 7.8mm

OS: Android Pie

Screen size: 6.4-inch

Resolution: 3040×1440

CPU: Snapdragon 855

RAM: 8/12GB

Storage: 128/512GB/1TB (up to 1.5TB with card)

Battery: 4,100mAh

Rear camera: 12MP + 12MP + 16MP

Front camera: 10MP + 8MP

Galaxy S10 කියන්නේ දැනට වසරක් පැරණි දුරකතනයක් ඒ නමුත් දැන් එහි දෙවන මිල හා නව මිල යන දෙකම ගොඩක් අඩු වෙලා තියෙනවා. Samsung Device වල ලොකුම වාසියක් තියෙන්නේ අවුරුද්දක් පරන device වල මොකද ඒ වෙනවිට ලොකු මුදල් අතින් අඩු වීමක් වෙනවා වගේම features ගොඩක් හොද මට්ටමක තියෙනවා.

Galaxy S10 Series එක Samsung ලගේ edge to edge design එකේ මුල්ම පුරුක වෙනවා ඉතිං අදටත් මේ design එක ගොඩක් ලස්සනයි, ඒ වගේම අගල් 6.2 ක Infinity "O" Amoled Display එක තවමත් වෙලදපොලේ තිබෙන ආකර්ෂණීයම display වලින් එකක්. මේ වසරේ device වල වගේ high refresh rate එකක් නැති උනත් එදිනෙදා වැඩ වලදි ගොඩක් මෙක ගැටලුවක් වෙන්නේ නෑ. 4100mAh ක බැටරි එක සම්පුර්ණයෙන් දවසක් ලෙසියෙන් device use කරන්න ගොඩක් වටිනවා. ඒ වගේම tripple camera setup එකක්ද මේ device එකට එනවා මේකෙන් ගොඩක් හොද photos video ගන්න පුලුවන් වෙනවා ඒත් 2020 device තරම් නම් හොද නෑ. ඒ වගේම S10 Plus එකේ dual front facing camera system එකක් ආවා. ඒ trend එක ඉක්මනටම samsung අමතක කරත් මෙක s10 එක විශේෂ වෙන්න තව හෙතුවක් වෙනවා. ඒ වගේම මෙකෙත් samsung ultra sonic fingerprint sensor එකක් තියෙනවා biomatrix authentication වලට.

Oneplus 7 Pro

Release date: May 2019

Weight: 206g

Dimensions: 162 x 75 x 8.8mm

OS: Android Pie

Screen size: 6.67-inch

Resolution: Quad HD+

CPU: Snapdragon 855

RAM: 6/8/12GB

Storage: 128/256GB

Battery: 4,000mAh

Rear camera: 48MP + 8MP + 16MP

Front camera: 16MP

ඉතිං Oneplus කියන්නේ දැන්නම් කවුරුත් නොදන්න brand එකක් නෙවේ. Flagship killer device එකක් විදියට පටන් ගත්ත oneplus අවුරුද්දේන් අවුරුද්ද Proper Flagship එකක් උනා. ඉතිං මේ තමා Oneplus ලගේ මුල්ම Pro Device එක. 2019 වසරේ smartphone එකකට තියෙන්න ඔනේ ඉහලම specifications එක්ක ආව මේ device එක ගොඩක් දෙනෙක්ගේ අවදානය ගත්තේ pop up camera එක නිසා. මේ නිසාම මේ device එකට true edge to edge device එකක look එකක් ගන්න පුලුවන් උනා.ඒ වගේම මේ popup camera system එක වසරක් යන්නත් කලින් market එකෙන් අයින් වෙලා ගියත් තවම oneplus popup system එකේ ලොකූ දෝශයක් අහන්න ලැබෙන්නේ නෑ. කොහොම උනත් පෙනුම , amoled display එක හා performance කියන්නේ smartphone එකක එක කොටසක් විතරයි මේ device එකට proper flagship එකක් කියන්න තව කොටස් කීපයක් අඩු උනා.

ඒ අතරින් ප්‍රදාම දේ camera system එක. ඔව් අවුරුද්දේන් අවුරුද්ද oneplus camera improve කරාට තවමත් ඒ අවුරුද්දේ top camera phones තරම් මට්ටමක එන්න හැකි වෙලා තිබ්බේ නෑ ඒ වගේම software වල දුර්වලතා නිසාම computational photography අතින් අඩියක් පිටුපසින් ඉන්න උනා. ඒ වගේම popup camera system එක කොච්චර ලස්සන උනත් ඒ නිසාම front facing camera එක මේ price range එකේ තියන දුර්වලම camera එකයි. තවත් මෙහි wireless charging තිබ්බේ නෑ. ඉතිං මේ වගේ අඩු පාඩු කීපයක් තිබ්බා. කොහොම උනත් වසරකට පසුව උනත් අඩු මිලකට ගන්න තියන හොදම phone එකක් විදියට මේ device එක recommend කරන්න පුලුවන්.

Pixel 4 XL

Release date: October 2019

Weight: 193g

Dimensions: 160.4 x 75.1 x 8.2mm

OS: Android 10

Screen size: 6.3-inch

Resolution: 1440 x 3040

CPU: Snapdragon 855

RAM: 6GB

Storage: 64GB/128

Battery: 3,700mAh

Rear camera: 12.2MP + 16MP

Front camera: 8MP

මේ Pixel 4 Device එක Android ලොකයේ iPhone එක විදියට හදුන්වන්න පුලුවන්. මං එහෙන කියන්න හෙතු උනේ iPhone හා Pixel අතර ලොකු සමානකම් තියෙන නිසා. කොහොම උනත් Google nexus line up එකේ අනාගතය විදියට google විසින්ම hardware design කරලා එවන මේ Pixel device ගොඩක්ම වටින්නේ හොද user experience එකකට කැමති කෙනෙක්ට.මොකද මේ pixel වලට iPhone වලට වගේම android updates release උන ගමන් හම්බ වෙනවා. ඒ වගේම blotware වලින් පිරිලා නැති pure android experience එකක් හම්බවෙනවා. ඒ වගේම ලොකු camera hardware නැති උනත් android ලොකයේ computational photography අතින් ඉස්සරහින්ම ඉන්න වගේම point and shoot අතින් ලොකයේ හොදම camera phone එක විදියට iPhone එකත් එක්ක කරට කර සටන්කරන්නේ මේ pixel device.

කොහොම උනත් pixel 3 xl එකට වඩා ගොඩක් හොද design එකක් pixel 4 xl එකට තියෙනවා ඒ වගේම උඩින් ලොකු bezel එකක් පිහිටනවා. මේක edge to edge design එකක් තරම් ආකර්ෂණීය නොවුනත් මේ bezel එකේ වෙන කිසිම smartphone එකකට නැති radar chip එකක් අඩංගු වෙනවා. මෙකෙන් Air gestures perform කරන්න පුලුවන් උනාට ඒ තරම් සාර්තක නම් නෑ. ඒ වගේම infared 2D biomatrix authentication system එකක් අඩංගු වෙනවා. මේක iphone වල face ID තරම් secure නොවුනත් android ලොකයේ 2D faceunlock system වලින් හොදම එක මේකයි. කොහොම උනත් ලංකාවේ වගේම ලොකයෙත් වෙනත් android devices තරම් නම් pixel 4 ප්‍රසිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා second hand market එක ගොඩක් අඩුයි වගේම ආපහු දෙන්නත් අමාරුයි. කොහොම උනත් මගේ මතේට අනුව නම් Pixel devices කියන්නේ android ලොකයේ හොදම smartphone එකයි. ඒත් එක මගේ අදහස ! ඔයාලට මොකද හිතෙන්නේ?

Samsung Galaxy S10 e

Release date: March 2019

Weight: 150g

Dimensions: 142.2 x 69.9 x 7.9mm

OS: Android Pie

Screen size: 5.8-inch

Resolution: 1080 x 2280

CPU: Snapdragon 855

RAM: 6/8GB

Storage: 128/256GB

Battery: 3,100mAh

Rear camera: 12MP+16MP

Front camera: 10MP

මේ device එක ලොකුවට පැහැදිලි කරන්න ඔනේ නෑ මෙක S10 series එකේ budget device එක. ඒ කියන්නේ regular s10 එකටත් වඩා අඩු මුදලකට flagship experience එකක් ගන්න තිබ්බ හොදම samsung smartphone එක 2019 දි. කොහොම උනත් මෙකේ s10 එකට සාපෙක්ශව ප්‍රදාන වෙනස්කම් ගොඩක් තියෙනවා ප්‍රදානම දේ flat 1080p resolution amoled display එක ඒ වගේම dual camera setup එක හා in display fingerprint වෙනුවට power button embedded fingerprint එක. කොහොම්ද් උනත් මේ device එක ගොඩක් ලොකු නෑ තනි අතින් පාවිච්චි කරන්න ලෙසියි වගේම මෙකේත් 8 GB ram එකක් හා Snapdragon 855 processor එකක් ආව නිසා හොද performance එකක් දකින්න පුලුවන්. Release වෙද්දිත් සාපෙක්ශව ගොඩක් හොද මුදලකට ආව මේ device එක අවුරුදකට පස්සේ තවත් අඩු මුදලකට ගන්න පුලුවන් හොද smartphone එකක් කියන්න පුලුවන්.

iPhone XR

Release date: October 2018

Weight: 194g

Dimensions: 150.9 x 75.7 x 8.3mm

OS: iOS 12

Screen size: 6.1-inch

Resolution: 1792x828

CPU: A12 Bionic

RAM: 3GB

Storage: 64/128/256GB

Battery: 2,942mAh

Rear camera: 12MP

Front camera: 7MP

iPhone 11 එකේ මුලිකයා විදියට iPhone XR හදුන්වන්න පුලුවන්. iPhone X වලින් පස්සේ redesign උන iPhone look එකට ආව මුල්ම මිලෙන් අඩු device එක විදියට iPhone XR හදුන්වන්න පුලුවන්. ඉතිං Brand new iPhone එකක් ඔනේ උන ගොඩක් දෙනෙක් මේ device එක තොරගන්න හෙතු උනේ flagship chip එකක් flagship camera එකක් එක්ක iPhone experience එකක් අඩු මුදලකට හම්බ උන නිසයි. මේ device එකේ iPhone XS වල main camera එක පමනක් single shooter එකක් විදියට පැමිනි අතර ඉදිපස නව faceID system එකෙන්ද සමන්විත උනා. ඒ වගේම iPhone XS හි chip එක වන A12 Bionic processor එකත් පැමිනි නිසා performance අතින් කිසිදු අඩුවක් උනේ නෑ. කොහොම උනත් මුදලින් අඩු වෙන්න iPhone Xs එකත් එක්ක වෙනස් කම් කීපයක් තිබුනා ඒ නම් secondary telephoto camera එකක් නොතිබීම මේ නිසා proper potrait mode එකක් නොතිබීම. 720p LCD display එකක් තිබීම හා aluminum build එකක් තිබීමයි. කොහොම උනත් අඩු මුදලකට iphone එකක් ගන්න ඉන්න කෙනෙක්ට වගේම mobile photography හෝ videography හෝ අලුතෙන් youtube channel එකක් නැත්තන් vlogging පටන්ගන්න ඉන්න කෙනෙක්ට ගන්න තියෙන හොදම iPhone එක විදියට මේ iPhone XR හදුන්වන්න පුලුවන්. iPhone 11 / iPhone Xs වලටත් වඩා අඩු මුදලකට මිලදී ගන්න පුලුවන් වගේම හොද software support එකක් හා හොද මිලක් රදාපැවතීම මිට ප්‍රදාන හෙතු වෙනවා.

iPhone Xs/ iPhone Xs Max

Release date: September 2018

Weight: 177g

Dimensions: 143.6 x 70.9 x 7.7mm

OS: iOS 12

Screen size: 5.8-inch / 6.5-inch

Resolution: 1125x2436

CPU: A12 Bionic

RAM: 4GB

Storage: 64/256/512GB

Battery: 2,658mAh

Rear camera: 12MP+12MP

Front camera: 7MP

iPhone Xs කියන්නේ 2018 හදුන්වාදුන්න flagship iPhone එක. ඉතිං ගොඩක් දෙනෙක්ට iPhone 11 එකකට යනවද නැත්තන් iPhone Xs එකකට යනවද කියන ප්‍රශ්නය තියෙනවා මොකද ඇත්තටම කෙලින්ම මේක ගන්න කියන්න බෑ. එකට හෙතුව දෙකේ ලොකු වෙනස්කම් තියෙනවා. ඉතිං iPhone Xs එකේ stainless sleel premium build එකක් amoled display එකක් වගේම telephoto camera එකක් තියන dual camera setup එකක් තියෙනවා. ඉතිං මං හිතන විදියට නම් ඔයා ගොඩක් multimedia වලට device එක use කරනවා නම් හරි iPhone premium feel එකට කැමති නම් අනිවාරයෙන්ම iPhone Xs එකට යන්න මොකද iPhone xs එකේ A12 chip එකට දරාගන්න බැරි තරම් performance require කරන task හරි apps හරි එන්න තව ගොඩක් කල් යනවා ඉතිං device එක slow වෙන්නේ නෑ ලෙසියකට ඒ වගේම camera එකත් ගොඩක් හොද තත්වයේ තියෙනවා. ඒත් ඔයාට premium feel එකට වඩා latest performance ඔනේ නම් latest camera ඔනේ නම් iPhone 11 එකට යන්න මොකද iPhone 11 එකේ ultrawide එක්ක එන dual camera system එක xs එකේ telephoto lens එකට වඩා වටිනවා වගේම A13 chip එක නිසා nightmode deepfusion smathdr 2.0 වගේ features නිසා ගොඩක් හොද camera experience එකක් වගේම A13 chip එක නිසා high end performance එකක් හම්බ වෙනවා. මොනවා උනත් අඩු මුදලකට premium iPhone එකක් ගන්නවා නම් iPhone Xs කියන්නේ හොදම තේරීමක්.

ඊලග Phone දෙක ගැන ලොකු හැදින්වීමක් කරන්නේ නෑ. මෙකට හෙතු කීපයක්  තියෙනවා ,

Huawei P30 Pro

Huawei P30 Pro එක ගොඩක් හොද flagship device එකක් ඒත් දැනට huawei හා USA අතර තියෙන මත ගැටුම් හා china ban එක නිසා ලංකාවේ ගොඩක් දෙනෙක් huawei මග ඇරලා වෙනත් brand එකකට යන්න යොමු වෙනවා. ඒ වගේම ලංකාවේ Huawei Flagship වලට  Huawei Midrange වලට තරම් ලොකු ඉල්ලුමක් නෑ ගොඩක් කලාතුරකින් දකින්න ලැබෙන්නේ අනෙක් Android flagship වලට සාපෙක්ශව. ඉතිං ලොකයේ හොදම Smartphone list එකේ යටින්ම හිටියත් මේ Huawei P30 Pro කියන්නේ ගොඩක් හොද Device එකක් ඒත්. මේ Device එක අනෙක් හේතු නිසා Recommend කරන්න නම් බෑ.

Release date: March 2019

Weight: 192g

Dimensions: 158 x 73.4 x 8.4mm

OS: Android 9

Screen size: 6.47-inch

Resolution: 2340×1080

CPU: Kirin 980

RAM: 8GB

Storage: 128/256/512GB

Battery: 4,200mAh

Rear camera: 40MP + 20MP + 8MP + ToF

Front camera: 32MP

Moto G7 Power

Motorola කියන්නේ ලොකේ මුල්ම hand phone එක හදපු වගේම ලොකු ඉතිහාසයක් තියෙන company එකක් ඒත් Motorola ත් දැන් ගොඩක් ප්‍රසිද්ධ නෑ. ඒත් ඔවුන් මැතක ඉදන් හොද තත්වයේ hardware release කරන්න පටන්ගන්නවා නැවතත් ඒ වගේම USA හා Europe Market වල යම් මට්ටමකට එන්නත් පුලුවන් වෙනවා. ඉතිං ඒ වගේ ප්‍රසිද්ධ උන device එකක් තමා මේ Moto G7 Power ; කොහොම උනත් Motorola device ලංකාවේ නම් දකින්න ලැබෙන්නේම නැති තරම් ඒවගේම second hand market අඩු වීම හා repair ගැටලු නිසා ලංකාවෙන් හම්බ උනත් නොගෙන ඉන්න තරමට හොදයි.

Release date: February 2019

Weight: 193g

Dimensions: 159.4 x 76 x 9.3 mm

OS: Android 9 Pie

Screen size: 6.2-inch

Resolution: 1570×720

CPU: Snapdragon 632

RAM: 3/4GB

Storage: 32/64GB (up to 1TB with card)

Battery: 5,000mAh

Rear camera: 12MP

Front camera: 8MP