Loading...
2022 දී Microsoft Teams සඳහා 3D Avatars ලබා දීමට සූදානම් වේ. Microsoft හා Meta අතර Metaverse තරඟයක් ද?

පාරිභෝගිකයින් හා ව්‍යාපාර යන අංශයන් දෙකේම Virtual Space එකක් නිර්මාණය කිරීමේ මුල් පියවර ලෙස Facebook "Meta" නමින් නැවත Rebrand විම පසුගියදා සිදු වුණා. දින කීපයකට පසුව Teams හරහා Metaverse එකක් නිර්මාණය කිරීමේ තරඟයට පිවිසීමට Microsoft ආයතනය කටයුතු කරමින් සිටින අතර ඔවුන් විසින් Collaborative Platform එකක් වෙන "Mesh" Virtual Experiences කෙලින්ම Microsoft Teams සදහා ලබන වසරේ ලබා දෙන බව ප්‍රකාශ කර තිබෙනවා.

Teams Will Soon Have New 3D Avatars. | Image : Microsoft
Teams Will Soon Have New 3D Avatars | Image Microsoft 

Microsoft Teams හි සාමාන්‍යාධිකාරී Nicole Herskowitz "The Verge" සමඟ සිදුකළ සාකච්ඡාවකදී පැහැදිලි කරන්නේ "Meeting එකක් තුළ උපරිම වශයෙන් විනාඩි 30 - 40ක් ගත වූ පසු අවධානයෙන් සිටීම අපහසු වන අතර දැන් අප බලාපොරොත්තු වන්නේ දවස පුරා Video Calls වල සිටීමේදී ඇතිවන මෙම අපහසුව අඩු කර ගැනීමට Mesh සහය ලබා ගැනිම පිළිබඳවයි."

Microsoft Metaverse වලට පිවිසීමත් සමඟ Teamsවලට අලුත් 3D Avatar ලැබෙන අතර ඒවා භාවිත කිරීමට VR Headset එකක් පාවිච්චි කිරීමට අවශ්‍ය නොවන බවත් ඔවුන් දක්වා තිබෙනවා. Meeting වලදී 2D හා 3D විදියට ඔබව පෙන්විය හැකි වෙන අතරම ඔබට Webcam එක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය නොමැති නම් ඔබගේම Animation එකක් භාවිත කිරිමේ හැකියාවත් මේ සමග ලැබෙනවා. මෙහිදි ඔබගේ Avatar එක Animate කිරීමට භාවිත කරන්නේ AI (Artificial Intelligence) තාක්ෂණයයි.

Microsoft Teams is Getting New 3D Avatars | Image: Microsoft

ව්‍යාපාර සඳහා Metaverse එකක් නිර්මාණය කිරීමේදී Microsoft සමාගම බලාපොරොත්තු වන්නේ Teams සමඟ මිනිසුන්ව Network කිරීම, Socialize කිරීම සහ ව්‍යාපෘති සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි Virtual Environment එකක් නිර්මාණය කිරීම පිළිබඳවයි. මේ Virtual Environments VR හෝ AR Headset තිබේ නම් හොඳින් ක්‍රියාත්මක වන බවත් ඔවුන් දක්වා තිබෙනවා.

Microsoft ආයතනය විසින් මේ වෙන විට Translation සහ Transcription පවා නිර්මාණය කරමින් සිටින අතර එවිට භාෂා භාවිතයේදී සිදු වෙන බාධාව අඩුවන අතර ලොව පුරා සිටින සේවකයින් සමඟ Virtual Environment එකකදි හමුවීමිට පහසුකම් ලැබෙනවා. බොහෝ දුරට 2022 වසර මුල් භාගය වන විට Virtual Space සහ Avatars Microsoft Teamsවලදී භාවිත කිරිමේ හැකියාව ලැබෙනු ඇති අතර ව්‍යාපාරවලට Teams තුළ තමාගේම Virtual Space එකක් නිර්මාණය කරගැනීමේ හැකියාවත් ලැබේවි.

Translation and Transcription Will Help Bridge the Language Gap. Image: Microsoft

පසුගිය අඟහරුවාදා දිනයේදී කළ නිවේදනයන් සමඟ Microsoft හා Meta අතර Metaverse ලෙස තරඟ කිරීමක්, විශේෂයෙන් අනාගතය වෙනුවෙන් වැඩ කරමින් සිටින බව පෙන්නුම් කරනු ලබනවා. Meta හා Microsoft ආයතන යම්තාක් දුරට සමාන සංකල්ප මත ක්‍රියා කරනු ලබයි. Microsoft සහ Meta අතර විශාල වශයෙන් Metaverse තරඟකාරීත්වයක් ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්.

කෙසේ වුවත් Meta වලට සිය බලාපොරොත්තු සඳහා ප්‍රයෝජන ගැනීමට Facebook හා Instagram හරහා දෛනික පරිශීලකයින් බිලියන ගණනක් සිටින අතර, Microsoft සමාගමට සිටින දෛනික පරිශීලකයින් ප්‍රමාණය මිලියන ගණනක ප්‍රමාණයක් පමණ වෙනවා. Microsoft සමාගම ව්‍යාපාර සඳහා Metaverse යථාර්ථයක් කිරීමේ උත්සාහයක් ලෙස බොහෝ දුරට Microsoft Office ඒහා සමග ඒකාබද්ධ කරනු ඇත. Avatar නිර්මාණය  Microsoft සමාගමේ Metaverseහී ආරම්භය පමණක් ලෙස හදුන්වා දෙන්න පුළුවන්.

Source: The Verge