Loading...
ඕනෑම උපාංගයක Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමේ හැකියාව Microsoft සමාගම හඳුන්වාදෙයි

Microsoft සමාගම විසින් Ignite '23 Event එකේදි ඔවුන්ගේ නවතම Cloud PC Service එකක් වන Windows App එක හඳුන්වාදෙනු ලැබුවා. මෙය ඔබගේ Smartphone එක Tablet එක වැනි ඔනෑම උපාංගයක භාවිතා කළ හැකියි. සරලවම කිවහොත් Android, iOS, Mac වැනි Windows නොවන ඕනෑම උපාංගයක Windows මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට මේ මඟින් හැකියාව ලැබෙනවා. තවද මෙය App එකක් Download කරගැනීමකින් තොරව Web Browser එක හරහා භාවිතා කිරීමට ද හැකියාව ලැබෙනවා.

මෙම Windows App එක Microsoft සමාගමේ සියලුම Cloud Services වල Hub එකක් ලෙස හැඳින්විය හැකියි. මන්දයත් එහි Azure Virtual Desktop, Windows 365 (Cloud PC), Microsoft Dev Box, Remote Desktop Services සහ remote PCs යන සියලුම සේවාවන් අඩංගුවනවා.

Windows App homepage
Image Source: Microsoft

කෙසේ නමුත් දැනට මෙම Windows App එක භාවිතා කළ හැක්කේ ඔබගේ Microsoft Work/School Account හරහා පමණක් වන අතර ඉතා ඉක්මනින් මෙය සාමාන්‍ය පරිශීලකයන් වෙතද ගෙන බවට Microsoft සමාගම පවසා තිබෙනවා.

පුදුමයට කරුණක් නම් මේ වන විටත් Microsoft සමාගම විසින් මෙහි Android App එක නිකුත් කර නොමැති වීමයි. නමුත් එයද ඉතා ඉක්මනින් නිකුත් වනු ඇති බවට තොරතුරු වාර්තා වනවා. තවද මෙම Clod PCs සඳහා multiple monitor support, custom display resolutions, dynamic display scaling, webcam, audio සහ printing යන පහසුකම්ද ඉක්මනින් ලැබේ යැයි තොරතුරු වාර්තා වනවා.

ඔබට මෙම Windows App එක ඔවුන්ගේ වෙබ් අඩවිය හරහා, Microsoft Store එක හරහා. macOS Testflight හරහා සහ iOS/iPadOS TestFlight හරහා භාවිතා කළ හැකිවනවා.

Source: beebom.com