Loading...
ඔබ විසින් අනිවාර්යයෙන් ම Enable කර ගත යුතු Chrome Flags 5ක්

Web Browsers කිව්වාම අපිට මුලින් ම මතක් වෙන Browser එක තමයි Google Chrome කියන්නේ. මේ Google Chrome Browser එකෙහි අපිට Default ලැබෙන Features වලට අමතරව Chrome Flags ලෙසින් හඳුන්වන අප විසින් Manually Enable කරගත යුතු පහසුකම් රැසක් තිබෙනවා. මේ තුළින් අපට නව පහසුකම් වගේම, UI Customizations සහ Performance Boost කර ගැනීමේ හැකියාව ද තිබෙනවා.

Chrome හි Address Bar එකෙහි chrome://flags ලෙස Type කර Enter කිරීම මඟින් මේ Flags වෙත පිවිසිය හැකියි.


1. Device Reauthentication for Incognito

Device Reauthentication for Incognito

මේ Flag එක Enable කර ගැනීම මඟින් ඔබ Background එකෙහි Incognito Mode එකෙන් Tabs Open කර තිබේනම්, ඒවා නැවත Browser එක වෙත ගොස් ඒ Tab එක වෙත යෑමට උත්සාහ කිරීමේ දී ඔබගේ PIN හෝ Biometrics භාවිතා කර Unlock කරගත යුතුවනවා.

chrome://flags/#incognito-reauthentication-for-android වෙත පිවිසීමෙන් හෝ Flags තුල Search කිරීමෙන් මෙය Enable කරගත හැකියි.

2. Force Dark Mode for Webpages

Dark Mode Chrome Flag

වර්තමානයේ පවතින බොහෝමයක් වෙබ් අඩවිවල Dark Mode එකට Switch විය හැකිලෙස සකසා තිබුණත්, ඇතැම් වෙබ් අඩවි Ligh Mode එකෙන් තිබෙනවා. නමුත් ඔබට එය අපහසුවක් වේ නම් මේ Flag එක enable කරගැනීම මඟින් Browser එක තුළින්ම එම වෙබ් අඩවිය Dark Mode එකෙන් Render කිරීම සිදු කරනු ලබනවා.

chrome://flags/#enable-force-dark වෙත පිවිසීමෙන් හෝ Flags තුල Search කිරීමෙන් මෙය Enable කරගත හැකියි.

3. Faster Download Speeds

faster download chrome flag

බොහෝ දෙනෙකු තමන්ගේ Brower එකෙහි Download Speed එක වැඩි කර ගැනීම සඳහා Download Managers භාවිතා කරනු ලබනවා. නමුත් මේ Parallel Downloading Flag එක Enable කර ගැනීම මඟින් ඔබ Download කරනු ලබන File එක කොටස් වල බෙදී Download වීම නිසා ඉක්මනින් Files Download කරගත හැකිවනවා.

chrome://flags/#enable-parallel-downloading වෙත පිවිසීමෙන් හෝ Flags තුල Search කිරීමෙන් මෙය Enable කරගත හැකියි.

4. Smooth Scrolling

smooth scrolling chrome flag

ඇතැම් Web Pages වල පවතින අඩු පාඩු නිසා සමහර අවස්තාවලදී Web Pages Scroll කිරීමේදී Struck වීමකට ලක්වනවා. මේ Flag එක Enable කර ගැනීම මඟින් ඒවා මඟ හරවා හොඳ අත්දැකීමක් ලබාගත හැකියි.

chrome://flags/#smooth-scrolling වෙත පිවිසීමෙන් හෝ Flags තුල Search කිරීමෙන් මෙය Enable කරගත හැකියි.

5. GPU Rasterization

GPU Rasterization

By Defualt Chrome Browser එකෙහි Webpages වගේම Images, Videos වගේ හැම දෙයක්ම render වෙන්නේ CPU එක මඟිනි නමුත් මේ Flag එක භාවිතා කිරීම මඟින් එම කාර්‍රයයන් සියල්ලම GPU එකට පැවරිය හැකිවනවා. මේ තුළින් Performance Boost කිරීමක් මෙන්ම ඔබ Tabs කිහිපයක් භාවිතා කරන විට CPU එක ලැබෙන Workload එක අඩු වීමද සිදුවනවා.

chrome://flags/#enable-gpu-rasterization වෙත පිවිසීමෙන් හෝ Flags තුල Search කිරීමෙන් මෙය Enable කරගත හැකියි.


මීට අමතරව ඔබට තවත් බොහෝමයක් Flags ප්‍රමාණයක් මෙහි බලාගත හැකිවනවා. කෙසේ නමුත් මේ පර්යේෂණ මට්ටමේ පවතින නිසා ඔබට අත්‍යාවශ්‍ය නොවන Flags Enable කර ගැනීමෙන් වළකින ලෙස අප මතක් කර සිටිනවා.

Cover Image: geeksforgeeks.org