Loading...
WhatsApp Message එකක් යැවීමේදී ඒ සඳහා යෙදිය හැකි Text Formatting 7ක්

WhatsApp කියන්නේ එදිනෙදා ඔබ අපි සියලු දෙනා බහුලවම භාවිතා වන සේවාවක් කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනැ නැහැනේ. ඉතින් අද මේ ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ WhatsApp Message එකක් යැවීමේදී සරලව අපට සිදු කළ හැකි Text Formatting කිහිපයක් ගැනයි.


1. Bold:

අපිට අවශ්‍ය වචනයක් හෝ වාක්‍යයක් Bold කරලා පෙන්නන්න ඕනේ නම් පහල උදාහරනෙ විදියට වචනෙ හෝ වාක්‍යයේ දෙපැත්තට asterisk එහෙමත් නැත්තං * ලකුණු දෙකක් type කරගන්න.

*example text*

2. Italic:

මේකත් ඔයාලා දන්න හොඩක් දෙනෙක් යූස් කරන දෙයක්නෙ. අපිට අවශ්‍ය වචනයක් හෝ වාක්‍යක් හෝ italic කරලා පෙන්නන්න ඕනෙනම් පහල උදාහරනෙ විදියට වචනෙ හෝ වාක්‍යයේ දෙපැත්තට underscore එහෙමත් නැත්තං _ ලකුණු දෙකක් type කරගන්න.

_example text_

3. Strikethrough:

අපිට අවශ්‍ය වචනයක් හෝ වාක්‍යක් හෝ strikethrough කරලා පෙන්නන්න ඕනෙනම් පහල උදාහරනෙ විදියට වචනෙ හෝ වාක්‍යයේ දෙපැත්තට tilde එහෙමත් නැත්තං ~ ලකුණු දෙකක් type කරගන්න.

~example text~

ඔය උඩ කිව්ව 3 සාමාන්‍යයෙන් ගොඩක් දෙනා දන්න text features 3ක්නෙ. අපි දැං බලමු වැඩිය කට්‍ටිය නොදන්න features කීපයක් ගැන.

4. Monospace:

මේකෙදි ඔයාලගෙ ටයිප් කරන වාක්‍යයයේ අකුරු වල පොඩි වෙනසක් වෙනවා වගේම එකසමාන පරතරයකිං අකුරු අතර space එකක් එනවා. ඔයාලට Monospace කරන්න ඕනෙනම් වාක්‍යයේ හෝ වචනයේ දෙපැත්තට backticks 3ක් එහෙමත් නැත්තං ``` ටයිප් කරන්න.

```example text ```

5. List:

List ගන්නවනම් අපිට පුළුවන් bulleted list සහ numbered list කියන දෙවිදියටම ගන්න. ඒකෙදි අපිට අවශ්‍ය ලිස්ට් එක asterisk හෝ hyphen කියන දෙකෙන් එකක් පාවිච්චි කරලා ලිස්ට් එක හදාගන්න පුළුවන්. list එකක් හදාගන්න * (space) අවශ්‍ය වචනය ටයිප් කරගන්න එහෙමත් නැත්නම් list එකක් හදාගන්න - (space) අවශ්‍ය වචනය ටයිප් කරගන්න. මේ දෙකෙන් මොන ක්‍රමේට හැදුවත් එන්නේ එකම වර්ගෙක list එකක්.

* example
- example

Numbered list එක හදාගන්න number එක ටයිප් කරලා period mark එක ටයිප් කරලා space එකක් තියලා වචනේ ටයිප් කරන්න.

1. example

6. Quote:

ඔයාට උපුටාදැක්වීමක් කරන්න ඕනෙනම් මෙන්න මේ ක්‍රමේ යූස් කරලා බලන්න. මේකට angel bracket එක එහෙමත් නැත්තං > ටයිප් කරලා space එකක් තියලා ඔයාට අවශ්‍ය වාක්‍ය හෝ වචනේ ටයිප් කරගන්න.

> example

7. Inline code:

මම අවසානෙට කියලා දෙන්න යන්නෙ විශේෂයෙන්ම coding කරන අයට code කොටස් පහසුවෙන් WhatsApp එක හරහා හුවමාරු කරගන්න හඳුන්වාදුන්න feature එකක් ගැන. මේක ඉතිං codes වලටම විතරක් නෙමේ ඔයාලට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේකෙදිත් කරන්න තියෙන්නෙ backtick එක බැගින් ඔයාලගෙ වචනෙ දෙපැත්තට ටයිප් කරලා enter කරගන්න එක තමා.

`example`

ඉහත සඳහන් කළ Text Formatting සියල්ල Message එකක් යැවූ විට දිස්වන ආකාරය

මෙවැනි වූ තාක්ෂණික කරුණු සහ නවතම තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.
Cover Image: 9To5Mac