Loading...
Adobe Premiere Pro සුද්ද කරමු

සුභ දවසක්. අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් අය දන්නෙ නැති ඉතාමත් වැදගත් දෙයක්. Adobe Premiere Pro පාවිච්වි කරන අයගේ පරිගණකවල වේගයෙන් storage අඩු කරන දෙයක් විදියට, project එකට import කරන Video සහ Audio වල cache හදුන්වාදෙන්න පුලුවන්. අපි premiere pro භාවිතා කර සාදන සෑම වීඩියෝවකම import කරනවිට මෙම cache file අප පරිගණකයේ නිරන්තරයෙන්ම ගබඩා වේ. තවද අප වැඩ කරන සෑම project එකකම Copy එකක් automatically අප පරිගනකයේ ගබඩා වන විදියට තමයි මෙම Premiere Pro software එක හදලා තියෙන්නේ. ඉතින් අප නිරන්තරයෙන් මෙම Cache file අයින් කිරීම මගින් පරිගනකයේ ඉඩ බොහෝසෙයින් වැඩි කරගැනීමට හැකියාව ලැබෙනවා. දැන් අපි බලමු කොහොමද Windows මෙහෙයුම් පද්ධතිය තුල මේ File අයින් කරගන්නේ කියලා.

මුලින්ම Hidden files/items ඔන් කරන්න. ඊට පස්සේ මේ path එකට යන්න.

C:\Users\%PCNAME%\AppData\Roaming\Adobe\Common
File path 1


දැන් මෙහි තිබෙන Media Cache සහ Media Cache Files යන දෙකෙහිම ඇතුලේ තිබෙනුයේ video එකක් premiere pro වෙත import කරනවිට ගබඩාවෙන files වේ. දැන් මෙම folder දෙකම ඇතුලේ තිබෙන සියලූම files ටික ඉවත් කරන්න.

ඊලගට තිබෙනුයේ premiere pro විසින් auto save වෙන project මකාදැමීමයි. ඒ සදහා පලමුවෙන්ම මෙම path එකට යන්න.

C:\Users\%PCNAME%\Documents\Adobe\Premiere Pro\%version%\Adobe Premiere Pro Auto-Save
File path 2

දැන් මෙහි තිබෙන Adobe premiere pro Auto-Save සහ Adobe premiere pro Preview Files ඇතුලෙහි ඇති සියලු දෑ ඉවත් කරන්න.

දැන් C Drive එකෙහි ඉතා විශාල ලෙස ඉඩකඩ වැඩිවී ඇති බව premiere pro භාවිතා කරන ඔබට දැකගන්න පුලුවන්.

තවත් මෙවැනි සැගවුනු තාක්ෂණික තොරතුරකින් හමුවෙමු. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න.