Loading...
අවුරුදු කීපයකට පසු Motorola Flagships නැවතත් කරලියට - Moto Edge+

Motorola කියන නම ඇහුන ගමන් ම අපිට පොඩිකාලේ මතකයන් එලියට එන එක ආය අමුතුවෙන් අහන්න දෙයක් නෙමේ. ඒ කාලේ Nokia සහ Motorola කරට කර තරඟ කලේ. මතකද, සමහර විට ඔයා ගේ දෙමව්පියො ගාව එහෙමත් නැත්නම් ඔයා ගාව උනත් පරණ Motorola Buttons තියෙන Black & White Display එකක් තියෙන ෆෝන් එකක් තිබ්බ වෙන්න පුළුවන්.

කොහොම උනත් 2010 න් වගේ පස්සෙ කතාව සෑහෙන්න වෙනස් වෙනවා වෙළඳපලේ Smartphones කියන Concept එක ලොකු ගමනක ආරම්භයක් අරන් ඉවරයි ඒ වෙනකොට. හරි, පරණ කතා ඉවරයි. අපි දැං බලමු මේ 2020 අවුරුද්ද. Smartphones කියන එක සෑහෙන්න ලොකු ගමනක් ඇවිල්ලා. මේ වෙලඳපොල ඉතාමත් තරඟකාරී දෙයක් වෙලා තියෙද්දී අපි ඉස්සර දැකපු Brands ගොඩක් ඒව අපිට දකින්න නොලැබෙන කාලෙක, ආයෙත් අපිට දැකගන්න පුළුවන් උන කතා බහට ලක් වෙන්න ගන්න මේ Legendary Brand එකේ අළුත්ම තරඟකරුවා කව්ද කියලා.

2020 අවුරුද්දේ අනිත් සියළුම Manufactures ල එවකට තියෙන ඉහළම තාක්ෂණය යොදාගෙන නිෂ්පාදණය වෙන Flagships දුරකථන වන Samsung Galaxy S20 Series, Apple iPhone 11 Series, OnePlus 8 Series, Huawei P40 Series, Oppo Find X2 Pro, Xiaomi Mi 10 Pro වගේ දුරකතන එක්ක කරට කර තරඟ කරන අළුත්ම Motorola දුරකථනය තමා Motorola Edge+ කියල කියන්නෙ.

Introducing the 2020 New Moto Edge+

පහුගිය අවුරුදු කීපයේ Motorola සමාගම Low, Mid, Upper Mid යන පරාස වල දුරකතන වලට වැඩි නැඹුරු තාවයක් දක්වලා වැඩියෙන් ඒවා නිපදුවාට අපිට ඒ අවුරුදු කීපය තුල Flagship මට්ටමේ දුරකතනයක් නම් දැකගන්න හම්බ උනේ නෑ. අවුරුදු කීපයක නිහැඬියාවකින් පස්සේ 2020 දී කරලියට අරගෙන ආපු මේ Moto Edge+ එකේ Specifications අනෙකුත් දුරකතන හා සමානවම උනාට මේකේ ඒවට සාපේක්ශව ටිකක් Interesting Features ටිකක් දීල තියෙනවා Motorola සමාගම.

Display

Motorola Edge+ (Source: The Verge)

මේක තමා මේ දුරකතනයේ සුවිශේෂී ම සහ මුලින්ම කැපී පෙනෙන අංගය. අඟල් 6.7'AMOLED Full HD Plus, 19.5:9 Wide, HDR10+, 90Hz Refresh Rate කින් යුත් සුපිරි Display එකක්. මුලින්ම බලන හැමෝටම පේනව මේක Edge Display එකක් බව, ඒකත් නිකංම Edge Display එකක් නෙමෙයි. ඔයාල දකින්න ඇති Edge Displays වල මුල ආරම්ඹ කරු වෙන Samsung ලාත් එයාලගෙ S20 series එකේ දුරකථන වල මේ Edges කලින්ට වඩා ටිකක් අඩු කරලා ලස්සනට අරන් තියෙන වෙලාවක Motorola ලා Display එකේ Flat Surface එකේ ඉඳලා අංශක 90' ක් දක්වා පහලට පැති දෙකේම මේකේ Display Edges අරන් තියෙනවා. ඒ Edges වලින් වැඩ ගොඩක් ගන්න පුළුවන් විදිහට Software Features පවා දීලා තියෙනවා (උදාහරණයක් විදිහට: ඔයා Game එකක් Play කරනවනම් ඒ ගේම් එකට අදාලව Action Buttons මේකට Program කරගන්න පුළුවන්). ඒ වගේම අපිට අවශ්‍ය නැත්නම් මේ Edges මුළු Display එකේම හෝ වැඩ කරන App එකෙන්  App එකට පවා තීරනේ කරන්න පුළුවන් සම්පූර්ණ Edge Display එකම භාවිතා කරලා වැඩ කරනවද. නැද්ද කියලා.

ඒ වගේම Edge Lighting, දැං කාලෙ එන Smartphones වල අඩු වෙච්ච දේ තමයි Notification LED එක. අපිට ඒ වෙනුවට භාවිතා කරන්න වෙලා තියෙන්නෙ Always On Display හෝ Ambient Display කියන එක මොන මොන Notifications ද ඇවිල්ල තියෙන්නෙ කියල බලාගන්න ෆෝන් එක Unlock වත් මොකුත් නොකර. ඒත් මේ අංශක 90' පල්ලෙහට තියෙන Display එක නිසා Moto Edge Lighting ඔස්සේ අපි Phone එක අනිත් පැත්ත හරවල තිබ්බත්, මොන විදිහට තිබ්බත් අපිට Notification එකක් ආපු ගමං මේ Edges වලින් ලස්සනට අපිට ඒක පෙන්නල දෙනවා.

Motorola Edge+ Edge Lighting (Source: The Verge)

Camera

මේ වෙනකොට Smartphone එකක Camera එකක් කියන්නේ අනිවාර්‍යෙන් ම ඉහළ ගුණාත්මක බාවයක් තියෙන සහ වැදගත්ම අංගයක් නේ. ඉතිං Motorola සමාගම මේ පැත්ත ගැනත් ගොඩක් හිතල තියෙනවා.

Motorola Edge+ Camera Department (Source - Android Central)

Rear Primary Camera:

මුල් ම සහ කැමරා ඔක්කොගෙන්ම ප්‍රධානම කැමරා එක ගැන කිව්වොත් 108MP, f/1.8, PDAF, OIS යුත් Smartphone කැමරා එකකට දෙන්න පුළුවන් ඉහලම අගයක හොඳම තත්ත්වෙක Camera එකක් තමයි දීලා තියෙන්නේ.

Rear Camera 2 (Ultra Wide - Macro Vision):

Ultra Wide කැමරා එක ගැන කිව්වොත් 16MP, f/2.2 සහ 13mm lens එකක් 117-Degree Field-of-view සමඟින් එන්න තමයි මේක හදල තියෙන්නේ. සෑහෙන්න හොඳ පරාසයක Wide Photo එකක් මේකෙන් ගන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන්.

Rear Camera 3 (4X Optical Zoom - Telephoto):

Telephoto කැමරා එක එහෙම නැත්නම් Zoom lens එකක් එක්ක එන එක. මේකට Motorola ලා දීලා තියෙනවා 8MP, f/2.4, OIS සහ 4X Optical Zoom එකක් එක්ක එන කැමරා එකක්. ඔව්, මේ වෙනකොට සමහරු නම් 10X, 30X Optical Zooming එක්ක 100X mixed zoom එකක් එන්න කැමරා හදාගෙනත් හරි හමන් Quality Photo එකක් ගන්න බැරි වෙන අවස්ථා අපි දැක්කා. එහෙම වෙලාවක මේක ඉතාම සාමාන්‍යයි 4X Zoom එක. නමුත් හොඳ Quality එකක Photo එකක් ගන්න පුළුවන් බව විශ්වාසයක් තියෙනවා.

Rear Camera 4 (TOF Sensor):

TOF සෙන්සරේ එහෙම නැත්නම් 3D Depth සෙන්සර් එක තමා අන්තිම එක.

Selfie Camera (Front Camera):

ඉදිරිපස Camera එකත් ගොඩක් හොඳට දීල තියෙනව කියල බලාගන්න පුළුවන් මොකද 25MP එක්ක f/2.0 සහ 0.9µm, HDR සහිත කැමරා එකක්. අඩු ආලෝක තත්වෙක උනත් හොඳ Selfie එකක් ගන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා මේකෙන්.

Video Recording Capability

Video Recording කියන්නේ ඊලඟට අතිශයම වැදගත් කාරනාව. මොකද අද වෙද්දී Smartphone එකක් අතේ තියෙනව කියන්නෙ සාමාන්‍යෙන් අපි ගන්න Compact Digital Camera එකක් වගේ දෙයක් නෙ. ඉතිං මේ Pack එක ඇතුලේ Overall සුපිරිම දේවල් ටිකක් තියෙන්න ඕන. Motorola Edge+ කියන්නෙත් ඒ වගේ සුපිරි Video Recording හැකියාවක් තියෙන Smartphone එකක්.

Video Recording In Main Cameras:

Features වලට ආවොත්: Video Portrait Mode, Macro video, Slow motion video, Timelapse video, Hyperlapse video, Electronic video stabilization.

Capture කරන්න පුළුවන් පරාසය: Rear main camera: 6K UHD (30fps) | UHD (30fps) | FHD (60/30fps) | HD (30fps) | Slow motion FHD (120fps) | High Efficiency Video Coding (HEVC) Rear ultra-wide angle camera: UHD (30fps) | FHD (30/60fps) | HD (30fps) Rear telephoto camera: FHD (30fps) | HD (30fps)

Video Recording In Selfie Camera:

Features වලට ආවොත්: Timelapse video, Hyperlapse video, Slow motion video

Capture කරන්න පුළුවන් පරාසය: FHD (30fps) | HD (30fps) | Slow motion FHD (120fps), HD (240fps)

Audio

New 2020 Motorola Edge+ 3.5mm Jack (Source - Phonearena)

මුලින්ම කියන්න ඕන Audio ගැන කතා කරන්න ආවම එක අතකින් සන්තෝස වෙන්න පුළුවන් සුපිරිම දෙයක් තියෙනවා. ඒ අපි හැමෝටම වැදගත් වෙන අදටත් වැඩි හරියක් හොඳ Headphones නිපදවෙන ඒවගෙ input එක දෙන්න වෙන එකම Feature එක වෙන 3.5mm audio jack එක මේකේ තාමත් තියෙනවා. මේ වෙනකොට Market එකේ ඉතාමත් සුළුම පිරිසක් තමයි Flagship වලට මේක දෙන්නේ. ඒ එක්කම හොඳ Stereo Speakers 2ක් දීල තියෙනව මේවා Tune කරල තියෙන්නේ Waves එකෙන් වීම විශේෂයි අනිත් ගොඩක් අය Dolby Atmos වලට යනකොට. Call noise canceling වලට සහ Camera on board recording වලට වැදගත් වෙන්න මයික්‍රෝෆෝන් 3 ක් දීල තියෙනව. ඒ එක්කම Bluetooth 5.1 වලින්ද සමන්විතයි.

Chipset, RAM, Performance, Storage

Chipset of Moto Edge+ (Source - Motorola.com)

2020 අවුරුද්දේ අනිත් Flagship දුරකතන වගේම මේකෙත් තියෙන්නේ Qualcomm ලගේ Snapgragon Flagship Chipset එක වෙන SD865. මේක 7nm+ lithography එකකින් හැදුන Octa Core CPU එකක් තියෙන Qualcomm වල අළුත්ම GPU එක වෙන Adreno 650 වලින් සමන්විත යි.

RAM එක කෙලින්ම 12GB LPDDR5 පමණක් තියෙන අතර අපිට ඊට අඩු අගයකින් ලැබෙන එකක් බලාගන්න වෙන්නෙ නැහැ.

Storage වලට ගියත් අපිට Micro SD හෝ මොනම වත් External card input එකක් ලැබෙන්නෙ නෑ ඒත් 250GB UFS 3.0 එක මාදිළියක් පමණයි හම්බ වෙන්නේ.

Overall හොඳ ම Performance එකක් දෙන device එකක් කියලා එක හෙලාම කියන්න පුළුවන්. Market එකේ අනිත් Devices එක්ක බැලුවම කතා දෙකක් නැහැ මේක සුපිරි performer කෙනෙක් මේ Specs එක්ක. පුන්චි අඩුපාඩුවකට තියෙන්නෙ අපිට බලාගන්න පුළුවන් වෙන්නෙ එකම එක Storage option එකක් විතරයි ඒකත් අපිට Card slot එකක් වත් දීල නැහැ මේක ඉස්සරහදි Expand කරගන්න කැමති කෙනෙක්ට.

Battery & Charging

Motorola Edge+ Charging & Edge Lighting (Source - Phonearena)

Remove කරන්න බැරි ලිතියම් පොලිමර් 5000 mAh Capacity එකක Battery එකක් තමයි මේකෙ තියෙන්නේ. ඇත්තටම සෑහීමකට පත් වෙන්න පුළුවන් මොකද මේ Range එකේ අනිත් ඒව එක්ක බැලුවම. දැනට ගොඩක් දෙනා කියන්නේ Hardly පාවිච්චි කලත් 1 දවසක් තියාගන්න එක කිසිම ප්‍රශ්නයක් නෑ Normal පාවිච්චි කරන කෙනෙක්ට නම් දවස් 1.5 ත් 2ත් අතර පුළුවන් කියලයි.

Charging පැත්තට ආවොත් මෙන්න මෙතන තමා ටිකක් පසුබෑමක තියෙන්නේ. මොකද මේ Range එකේ අනිත් දුරකථන එක්ක සසඳල බලනකොට එයාලා 25W, 30W වලින් එහාට ගිහින් 65W පවා Charging දීලා තියෙන වෙලාවක 5000 mAh Battery එකක් Charge කරන්න Motorola දීල තියෙන්නේ 18W විතරයි. අනිත් ඒවට සාපේක්ෂව ටිකක් වැඩිපුර වෙලාවක් යන බවක් නම් පේනවා මේ Device එක Charge වෙන්න මෙහෙම බැලුවම. සහ 15W wireless Charging, Reverse Wireless Charging පවා තියෙනවා ඒකත් 5W විතරයි.

Operating System

Moto Edge+ Android Experience

Moto Edge+ බලගැන්වෙන්නේ සුපුරුදු පරිදිම Android OS එකෙන් ඒකත් අළුත්ම Android 10 වලින්. අනිත් ගොඩක් Manufactures ලා Android භාවිත කලාට තමන්ට ආවේනිකව මේ OS එක විවිදාකාරයෙන් වෙනස් කරලා එයාලට ආවේනිකව මුහුනත හදනවා. Google Original Interface එකෙන් හා ඊට සමානවම තියන්නේ ඉතාමත් සීමිත දෙනයි මේ OS එක. ඉතිං ඒ කීප දෙනා අතරින් කෙනෙක් තමයි Motorola කියන්නෙත්.එයාලත් මේ Original Android එකට ඉතාම සමානවම තමයි Moto devices වලට එවන්නෙත්. ඉතිං ඉක්මන් Updates, Security Patches සහ අනවශ්‍ය Pre-loaded apps වගේ ඒව නැති එක අපිට ලබාගන්න පුළුවන් වාසි වෙනවා මේකක් ගත්තොත්.

Other Features

මේ දුරකථනය හා ඇති අනෙකුත් Features ගැන කතා කරොත්,

▸In Display Fingerprint Scanner එකක් ලැබෙනවා.

▸USB Type-C වලින් තමයි එන්නෙ USB 3.1 Compatible.

▸ 6000 Series Aluminium Build.

▸ Corning Gorilla Glass 5.

▸Color Options ගැන කිව්වොත් Smokey Sangria, Thunder Grey මේ Option දෙක විතරයි තියෙන්නෙ.

Price and Final Thought

මිල ගනන් කතා කරනකොට මේ Category එකේ තියෙන අනිත් දුරකථන වගේම ටිකක් අධික මිලක් තමයි මේකටත් නියම කරල තියෙන්නේ ඒ කියන්නෙ US Dollars වලින් ගත්තොත් Regular Price එක $1200 ක් පමණ. ලංකාවෙ මුදලින් 230,000LKR පමණ මුදලක්. ටිකක් වැඩියි කියල හිතුවට මේකෙ තියෙන සියළුම දේවල් එක්ක බැලුවහම සහ Market එකේ අනිත් දුරකථන එක්ක බැලුවම මේ ගාන සාමාන්‍යයි කියල හිතන්නත් පුළුවන්. කොහොම නමුත් පොඩි අඩුපාඩුවක් තියෙනව මේ වගේ Price Tag එකකට මේක දෙන එකේ Moto Edge+ එකට Official IP Dust and Water Resistant පහසුකම නැති එක. ඉතිං ඒක සෑහෙන්න Upset මේ Price Range එක එක්ක බැලුවම. මොකද සමහර $600 දුරකතන වලට පවා තියෙනවා.

අනිත් කාරනාව අපි කොච්චර Posts දැම්මත් Review ආසාවෙන් බැලුවත් අපි ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවෙ, අපේ රටට Motorola Official තියා වෙනම 3rd Party, Shop Owners ල වත් ගේන්නෙ නැහැ. අපිට මේ දුරකථනය හෝ වෙන ඕනම Motorola දුරකථනයක් ගන්නවනම් ඉස්සර වගේ නෙමෙයි. ලොකු වෙහෙසක් දරන්න වෙනව හොයන්න.