Loading...
යුධ පිටියේ වැඩ දාන අධිතාක්ෂණික හෙලිකොප්ටර් එක, Apache

නම අහපු ගමන්  ඔබ දන්නවා ඇති අපි මේ කථා කරන්න යන්නේ “යකෙක්” ගැන කියලා. මේ යකා තමා Boeing AH-64 නොහොත් Apache එක.

මේ හෙලියේ ඉතිහාසය ගැන අපි හෙව්වොත් මේ හෙලියේ උපත සිදුවෙන්නේ තවත් වැඩ්ඩෙක්ගේ ඇවෑමෙන් කිව්වොත් හරි. ඒ තමා bell සමාගමේ AH-1 Cobra හෙලිය. මේ AH-1 model එකට වඩා හොද හෙලියක අවශයතාව තදින්ම තිබ්බ කාලෙක තමා US Army එකෙන් අධි තාක්ශණික හෙලියක් සදහා අයදුම්පත් කැදවන්නේ.

AH-1

ah1_6

ඒ 1975. එතකොට ඇමරිකාවේ Boeing සමාගම. ඒ කාලේ Hughes helicopters සමාගම ඉදිරිපත් කරන model එක තමා Apache එක. ඒ YAH-64 කියන කෝඩ් එක යටතේ. එතකොට බෙල් සමාගමින් ඉදිරිපත් කරනවා YAH-63 කියන කෝඩ් එකෙන් AH-1 එකේම නවකයෙක්.

bellYAH63

ඒත් Hughes සමාගමේ AH-64 එක මේ තරගයෙන් ජයග්‍රහණය කරලා පළවෙනි ගුවන් ගමන සිද්ද කරන්නේ 1976දී. පස්සේ 1982 වෙනකන් පරීක්ෂණ මට්ටමේ තිබ්බ යානා 1982 දි US Army එකේ නිල අවසරයෙන් මහා පරිමාණයෙන් නිශ්පාදනය ආරම්භ කරනවා.

1984 වෙද්දි මේ Hughes හෙලිකොප්ටර් සමාගම මිලට ගන්නවා Mcdonell Douglas සමාගම විසින්. ඊට අවුරුදු 4කට පස්සේ පළවෙනි ඉල්ලුම කල US Army එකට මේ Apache ලබාදීමට Mcdonell Douglas සමාගමට හැකිවෙනවා. ඒ 1986 දී.

BI233378

YAH-64

1997 මාර්තු වල දී US army එකට මේ සමාගමින් හදුන්වලා දෙනවා මේ apache එකේ අලුත් variant එකක්.නමින් AH-64D Longbow කියලා.

ah-64d_001_of_109

AH-64D Longbow

මේ වෙද්දි apache නිශ්පාදනය කරන්නේ USA වල Boeing Space, Defense & Security Company එකෙන් සහ UK වල බෝයින් සමාගමින්. මේ ලිපිය ලියන මොහොතෙත් මේ සමාගම විසින් Apache හෙලි යානා 2000කට අධික ප්‍රමානයක් නිපදවලා අවසන්.

ඒ ප්‍රධාන ගැනුම්කරුවා වන US Army එකට සහ ජපානය, ඊශ්‍රායලය, නෙදර්ලන්තය, සිoගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වගේ රටවල් වලට.

හරි, මම කිව්වනේ මේ හෙලිය අධි තාක්ෂණිකයි කියලා.

ඒ ගැන කථා කරමු දැන්.

Engine 

නවතම apache එකේ තියෙන්නේ General Electric සමාගමේ T700-GE-701C turboshaft එන්ජින් 2ක්.

thumb-t700-401c
T700-GE-701C

• මේ එන්ජින් දෙකම ගත්තහම අශ්වබල 1700ක් විතර වෙනවා.
• මේ එන්ජින් දෙකම සම්බන්ද වෙන්නේ සාමාන්‍ය Gear Box එකකට.
• මේ gearbox එකෙන් engine එක මගින් උත්පාදනය කරන බලය 90° ආනතියකට හරවලා ප්‍රධාන පෙති සහ පසුපස පෙති වලට යොමු කරනවා.

එතකොට ආයුධ අතින් Apache එකේ සැකැස්ම ගැන කථා කලොත්, Apache එකේ ප්‍රධානම කාර්‍යය තමා ගුවනේ සිට පොලවට ප්‍රහාර එල්ල කිරීම. ඒ කියන්නේ යුධ ටැංකි, භූගත බන්කර් ආදිය විනාශ කිරීමට. මේ සදහා සැකසුණු ආයුධ සන්නද්ධ වීමක් තමා apache එකේ තියෙන්නේ. Apache එකේ තියන ප්‍රධානම අවිය තමා hellfire මිසයිල.

මේ මිසයිල ගැන අපි පොඩ්ඩක් හොයලා බැලුවොතින් මේ මිසයිල කුඩා පරිගණකයින් සන්නද්ධයි.
ඒ ඉලක්කය වෙත සාර්ථකව ලගා වීමට අවශය දත්ත ගණනය කිරීමට.

shutterstock_56943301
Hellfire මිසයිල

අනිත් සුවිශේෂී ආයුධය තමා apache වල තියන Hydra Rocket Launchers. හෙලිය දෙපැත්තෙම තියනවා මෙයින් එක ගානේ. එතකොට මේ launcher එකක අගල් 2.75 ස්වයo විහිදුම් දිගු දුර rocket 19ක් අඩoගුයි. Gunnerට පුලුවන් මේ ඔක්කොම එක පාර හරි එකින් එක බැගින් හරි ඉලක්ක වෙත යොමු කරන්න. මේ rockets හෙලියෙන් release කරපු ගමන්ම එයාගේ තියන fins පාවිච්චි කරලා ඒයාගේ ගමන් මාර්ගය stabilize කරගන්නවා. එතකොට මේ rocket වල තියනවා පොඩි පොකුරු බෝම්බ ආකාරයේ rockets ‍වර්ගයකුත්.

ORD_Hydra-70_and_Hellfires_lg
Hydra Rocket Launchers

එතකොට මේ Apache එකේ තියන අනිත් Gun එක තමා M230-30mm Chain Gun එක.
මේක වැඩ කරන්නේ Electric Motor එකකින්.

Rounds 1200ක් පමණ එක පාර ගබඩා කරගෙන විනාඩියකට rounds 600-650ත් අතර ප්‍රමාණයක් මුදාහරින්න පුලුවන්.

1200px-Apache_Gun_(M230_Chain_Gun)
M230-30mm Chain Gun

දැන් කතා කරමු මේකේ Targeting System එකයි Cockpit සැලැස්මයි ගැන.
Apache එකේ නියමු කුටිය තියෙන්නේ කොටස් දෙකකට.

061.jpg

ඒ ඉදිරිපස Gunnerටත්, පසුපස නියමුවාටත් ලෙස. නමුත් අවශ්‍ය වෙලාවක Gunnerටත් පුලුවන් මේකේ පාලනය අතට ගන්න. අනිත් විශේෂ කාරණය තමා මේකේ තියන Digital Stabilizer System එක. මේකෙන් කරන්නේ Digital තාක්ශනයෙන් Heli එකේ Hydraulic පාලනය කිරීමක්.

එතකොට හෙලිකොප්ටරයේ අනවශ්‍ය ගැස්සීම් පැද්දීම වලින් තොරව ඉලක්ක වෙත ලගාවීමේ හැකියාවක් තියනවා.

මේ system එකට පුලුවන් ඕනෑම වෙලාවක Heli එක hovering කරගෙන ඉදිරියට ගෙනියන්න.
හැබැයි ටික වෙලාවකට. (Auto Pilot නෙවෙයි)

දැන් අපි කථා කරමු මේ හෙලියේ තියන සංවේදක ගැන.

Sensors

Sensors ගත්තම මේකේ තියන ප්‍රධානම දේ තමයි Radar පද්ධතිය. මේ Radar පද්ධතිය මගින් පුලුවන් නියමුවාට අවට නිරීක්ෂණය කරන ගමන් තමන්ගේ සේනාංක හදුනා ගන්නත්.
අනිත් සoවේදකය තමා FLIR (Forward Looking Infrared ) පද්ධතිය.
මේ පද්ධතිය පිහිටවපු හේතුව තමයි night vision පහසුකම ලබාගන්න.

3163803883_afdf64abbb_b.jpg

එතකොට දිවා කාලයේදී ඉලක්ක හදුනා ගන්නත් ඉදිරියෙන් Camera එකක් පිහිටුවලා තියනවා. විශේශම දේ තමයි මේ camera සහ sensors වලින් පේනෙ දේ නියමුවන්ට හෙල්මට් එක චලනය කිරීමෙන් වෙනස් කරන්න පුලුවන් වීම. ඒ කියන්නේ VR ඇවිත් ගොඩක් කල් apache වලට.

මේ apache එක කොයිතරම් ආරක්ශාකාරීද?

උපරිමයි.

4e01fa88df17af67a63748701099e2e9.jpg

Apache එක design කරලා තියෙන්නේ පොලවට ආසන්නයෙන් ගොස් සතුරාට පහර දීමට.
ඒ කියන්නේ හැංගිලා ගමන් කරන්න. මේ නිසා ඒ සඳහා අවශ්‍ය විශේෂ Equipment තියනවා apache එකේ.

  1. පළවෙනි එක තමා Radar Jammer එක. මේකෙන් කරන්නේ සතුරගේ radar signals ඇදලා අරගෙන වෙන වෙන සාවද්‍ය Radar signal විහිදී යැවීමක්.
  2. අනිත් එක තමා කලූ කුහර අධෝරක්ත කිරණ system (Black Hole infrared suppression system) එක. මේකෙන් කරන්නේ තාප සංවේදී මිසයිල වලින් හෙලිය ආරක්ශා කිරීමක්. ඒ කියන්නේ හෙලියේ එන්ජින් වලින් නිපදවන තාපය අඩුකිරීමක්.
  3. අනිත් system එක IR jammer හෙවත් අධෝරක්ත බාදකය. මේකෙන් කරන්නේ විවිධ frequencies ඔස්සේ  අධෝරක්ත කිරන විහිදවීමක්. එවිට තාප සංවේදක මිසයිල වෙන මාර්ගයක ගමන් කිරීමට යොමුකිරීමක් සිදුවෙනවා.

හරි මෙතරම් firepower එකක් සහ sensors තියන හෙලියේ Armor එක ගැන අහයිනේ.
ඒකටත් දෙන්නම් උත්තර.

Apache එක blades 4 හෙලියක්. ඒ කියන්නේ පෙති 4යි. මේ හැම පෙත්තක්ම හදලා තියෙන්නේ titanium ආවරණයක් සහිතව. ඒ මේ හෙලිය පොලව ආසන්නයෙන් ගමන් කිරීමේදි වදින අතු ගස් ආදියෙන් තල ආරක්ෂා කරගන්න.

එතකොට බොඩිය? ඔව්, මුලු බොඩියම bulletproof. Cockpit එකේ වීදුරු පවා. අති සoවේදි කොටස් Kevlar armor එකක් දාලා හොදටම bulletproof කරලා තියෙන්නේ. Boeing සමාගම කියන පරිදි මේ හෙලියේ body එකට පුලුවන් ලු 12.7mm මැශින් තුවක්කුවකින් නිකුත් කරන උණ්ඩ දරාගන්න.

Kevlar armor එක තියන කොටස් වලට 23mm උනත් ඔට්ටුයිලු. අනිත් එක තමා මේ හෙලියේ Cockpit Cover එක අනතුරකදි ගැලවිලා අයින් වෙන්න තමා design කරලා තියෙන්නේ. අනික cockpit එක shockproof. ඒක නිසා pilotලා දෙන්නාගේ ආරක්ශාවත් උපරිමයි.