Loading...
කනට සැපදෙන අලුත් Apple AirPods Pro - 2nd Gen

වඩාත් දියුණු තාක්ෂණයක් යොදාගනිමින් Apple සමාගම විසින් ඔවුන්ගේ Apple AirPods Pro මාදිලියෙහි 2nd generation එක සැප්තැම්බර් 7වන දා පැවැත්වූ Apple special key event එකේදී එළිදැක්වීමට කටයුතු කරනු ලැබුවා.

නවතම H2 chipset එක සමගින් බලගැන්වෙන මෙම Airpods pro, Active Noise Cancellation සහ Transparency mode යන විශේෂාංග සමගින් Spatial Audio පහසුකම ද ඉතා අනර්ගව අත්දැකීමට හැකිවනවා. නවතම charging case එක සහා දිගු කාලින බැටරි ආයු කාලයකින්ද සමන්විත වන AirPods Pro, touch control පහසුකමද පාරිභෝගිකයා වෙත ගෙන එනු ලබනවා.

wireless headphone ගණයට අයත් වන Airpods pro අනෙකුත් තරගකාරී Airpods මාදිලි සමග විප්ලවීය වෙනසක් ඇති කල බවට Apple Worldwide Product Marketing හි උප සභාපති Bob Borchers පවසනු ලැබුවා. නවතම Airpods pro(2nd gen) විසින් වඩා හොද sound experience එකක් සහ Personalized Spatial Audio ද transformative audio ද වැනි Adaptive Transparency ආකාරයේ විශේෂාංග ද සමගින් සමන්විත වනවා.

Breakthrough Audio

lightweight, powerfull chip එකක් සමගින් බලගැන්වෙන නවතම Airpods pro මාදිලිය පෙර Airpods pro මාදිලියට වඩා දෙගුණයක් Noise Cancellation පහසු කමින්ද යුක්ත වනවා. නව low-distortion audio drivers සහා custom amplifiers සමගින් Airpods pro හොදම තත්වයේ bass සහ ඉතා පැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් පුළුල් සංඛ්‍යාත පරාසයක් හරහා ලබා දීමට කටයුතු කරනවා. තවද මේ සදහා අමතර ear tip යුගලක්ද ලබා දීමට සමාගම විසින් කටයුතු කර ඇත.

ශ්‍රාවකයන්ට ඔවුන්ගේ අවට ලෝකය සමග ඇති සම්බන්දතාවය ඉහල නංවමින් නව Transparency mode විශේෂාංගය Airpods pro සමගින් කටයුතු කරනවා. ප්‍රබල H2 chip එක ඔස්සේ එදිනෙදා ජීවතයේ විවිධ ගෝෂාකාරී ශබ්දයන් මගහරවා වඩා සුවපහසු සවන්දීමක් ශ්‍රාවකයන් හට ලැබෙනවා.

Immersive Sound

Personalized Spatial Audio සමගින් පරිශීලකයන්ට  ඔවුන්ගේ හිස සහ කන් වල ප්‍රමාණය සහ හැඩය මත පදනම්ව වෙන් වෙන් වූ ශබ්ද ශ්‍රවනයක් ඇසීමට Airpods pro සමගින් හැකිවනවා. පරිශීලකයින්ට ඔවුන්ගේ iPhone14 Series එකෙහි fron cam එක වන TrueDepth කැමරාව භාවිතයෙන් තමන්ගේ හිසෙහි සහ කන් වල ප්‍රමාණය අනුව ශ්‍රවණය සඳහා personalized profile එකක් ගොඩනගා ගත හැකිය, එය ඔවුන්ට විශේෂයෙන් සකස් කර ඇති සවන්දීමේ අත්දැකීමක් සපයයි.

Convenient Features

පරිශීලකයන් විසින් Airpods Pro භාවිත කිරීමේදී ඔවුන්ගේ Apple උපාංග සදහා එය ඉතා ඉක්මනින් pair කිරීමේ පහසු කමද මෙහෙදී හමුවෙනවා.

මීට අමතරව touch control පහසුකම මගින් volume adjustment කිරීමටත් අමතරව music track එක වෙනස් කිරීම, දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීම සහ තවත් බොහෝ දේ කිරීමට ඒ තුලින් හැකි වෙනවා.

Extended Battery Life

Airpods Pro හී පෙර මාදිලිය Active Noise Cancellation සමගින් පැය 1.5 සහ මුළු listening time එක පැය 6ක් දක්වා සටහන් විය. නවතම Airpods pro සහා එහි අමතර case charging පහසුකම මගින් Active Noise Cancellation ද සමගින් listening time එක පැය 30ක් දක්වා දිගු වී තිබෙනවා.

භාවිත කරන්නන්ගේ පහසුව සදහා මෙම Airpods pro උපාංගය MagSafe charger එකකට අමතරව Apple Watch charger, Qi විසින් සහතික කරන ලද charging mat සහ usb cables සම්බන්දයෙන්ද charge කිරීමේ හැකියව ලබා දී ඇත.

New Charging Case

නවතම Airpods Pro හී Charging Case එක ගත් විට එය දහඩිය සහ ජලයට ප්‍රතිරෝධී වනවා. භාවිත කරන්නාගේ iphone එකෙහි U1 සක්‍රිය කිරීම මගින් මෙම charging case එක සොයා ගැනීමේ හැකියවද ලැබෙනවා. තවද ඒ සදහා ගෝෂාකාරී ශබ්දයක් නිකුත් වන built-in speaker එකක්ද එහි අන්තර්ගත වනවා.

අවශ්‍යනම් පාරිභෝගිකයින්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ charging case එක memoji යොදා පෞද්ගලීකරණයද කළ හැක.

Airpods Pro ගත් විට එය පරිසර හිතකාමී අයුරින් නිපදවීමට සමගම කටයුතු කර තිබෙනවා. 100% ප්‍රතිචක්‍රීකරණය කල හැකි දේ ඒ සදහා යොදා ගෙන තිබෙනවා.

මෙම ලිපිය Apple Special Live Event එක ඇසුරෙන් නිමැවූවකි.