Loading...
Apple Project Callisto හෙවත් Appleලාගේ AirPower

අද මං කියන්න යන්නේ Apple ලා නවත්තපු ඒ වගේම ආයේ අලුතෙන්ම පටන් ගත්ත Callisto Project එක ගැන.

මොකද්ද මේ Project Callisto එක කියන්නේ ??

Project Callisto කියන්නේ iPhone X එක announce කරද්දි 2017 apple ලා introduce කරපු AirPower Wireless Charging pad එක. ඉතිං මේ project එක 2018-2019 වගේ අතරතුර නවතා දමන්න තීරණය කරා කියල අපිට අහන්න හම්බුනා එත් එක තවමත් කෙරෙනවා.

ඇයි මේ AirPower කියන wireless charger එක Apple ලට හදාගන්න බැරි. ඔය ඕනේ තරම් wireless charging pads තියෙන්නේ ඒ වගේ දෙයක් වත් කරගන්න බැරිද Apple ලට. මේ ප්‍රශ්නේ කාටත් තියෙන්න ඇති ඒත් ඇත්තටම AirPower කියන්නේ නිකන්ම wireless charger එකක් නෙවේ කොටින්ම කියනවා නම් දැනට තියන advanced ම wireless charger concept එක කීවොත් හරි.

දැනට තියෙන ඔනෙම wireless charger එකක අපිට device එක place කරන්න ඔනේ තැනක් තියෙනවා. අපි අපේ device එකේ coil එකට ගැලපෙන්න charger එකෙ coil එක align කරලා තියන්න ඕනේ. ඒත් මේ AirPower එකේ එහෙම ඔනේ නෑ මොකද coil 1ක් 2ක් වෙනම එනවා වෙනුවට අනිත් wireless charger වල මේ AirPower එකේ 2.5" coils 21 ක් තියෙනවා overlap වෙලා තියෙනවා. ඉතිං මේ charger එකේ විශේෂත්වේ වෙන්නේ අපිට අපේ ඔනෙම device එකක් charging pad එකේ ඔනෙම තැනකින් තිබ්බාම charge වෙන එක. හරි තැනක් කියලා ඕනේ නෑ.

ඉතිං ඇයි මේ AirPower එක මේ තරම් වැදගත් apple ලට. එකට හේතුව තමා Apple ලා ඉතාමත් නුදුරු අනාගතේදි iPhone එකෙන් charging port එක අයින් කරනවා headphone jack එක අයින් කරා වගේම ඒ වෙනකොට එයාලා ගාව හොද වගේම fast charging solution එකක් තියෙන්න ඔනේ. Customers ලට දෙන්න. අන්න ඒ දේ තමා AirPower කියන්නේ.

ඉතිං කලින් එන්න තිබ්බ AirPower එක නවත්තන්න උනේ ඇයි???. ඒකට හේතුව Apple Watch charging ප්‍රශ්නයක් නිසා ඒ කියන්නේ දැනට Apple ලගේ Apple Watch ඇර iPhone Airpods වගේ හැම එකකම එන්නේ Qi universal wireless charging standard එකක්. ඒ කියන්නේ ඔනෙම wireless charger එකකින් (Qi certified) charge කරන්න පුලුවන්.

ඒත් Apple Watch එකේ එන්නේ Apple proprietary wireless charging system එකක් මේ system එක නිසා Apple Watch එක charge වෙද්දි heat එක ගොඩක් generate වෙනවා මේ නිසා කලින් AirPower pads ගිනි ගන්න පවා අරන් තියෙනවා final quality testing වලදි. මේ දේ නිසා Apple ලා AirPower cancel කරා. ඒ වෙනකොටත් AirPower charging pads 15,000ක් විතර හදලා තිබ්ලා තියෙනවා ඒ ඔක්කම විනාශ කරලා තියෙනවා Apple ලා. ඒ වගේම මේ දේ Apple ලට කොච්චර එලියට දෙන්න ඕනේ උනාද කියනවා නම් AirPods Generation 2 Wireless Charging Case Package එකෙත් AirPower ගැන සදහන් උනා.

ඉතිං මේ අලුත් AirPower එක නැත්තන් code name "C68" නැත්තන් Callisto 68th prototype එක විශේෂ වෙන්නේ කොහොමද? කලින් AirPower එක වැඩ කරේ A10 processor එකකින්, ඔව් ඔයාලගේ iPhone 7 වල තියෙන processor එකකින්. ඒත් මේ chip එකට dynamic power management කරන්න හැකියාවක් නෑ ඒ කියන්නෙ Apple Watch එක charge වෙනකොට ඒ යට තියෙන coil 21 න් කොටසක් රත් වෙනවා නම් ඒ coil වලට විතරක් power එක නොයවා cool වෙන්න දීලා charging pad එකේ තියෙන අනිත් device වලට power එක දෙන්න හැකියාවක් නෑ. මේ නිසා තමා overheat වෙලා තියෙන්නේ.

මේ නිසා Appleලට ගොඩක් powerful chip එකක් ඔනේ වෙනවා මේ දේ කරන්න. ඔයාලා හිතන්නේ මොකක් වෙන්න ඇද්ද ඒ. එක තමා iPhone X එකේ ආව Apple A11 chip එක. ඔව් ඔව් AirPower මුලින්ම announce කරපු දවසේ ඒ Stage එකේම announce කරපු Flagship iPhone එකට ආව chip එක. Wireless pad එකකට මෙච්චර දෙයක්. හිතාගන්න බෑ නේද?

ඒ වගේ දෙයක් කරලා හරි මේ product එක හදන්න තරම් Apple ලා උනන්දු වෙලා තියෙන්නේ port-less iPhone සිහිනය නිසා. ඉතිං මේ A11 chip එක හා එකේ තියෙන neural core එක හින්දා Dynamic power management improve කරලා මේ overheating issue එක නැති කරගන්න Apple ලට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලගේ device වල battery වලට ඉතාමත් හිතකර විදියට over heat නොවී charge කරන්න පුලුවන් වෙලා තියෙනවා. මේ C68 AirPower Prototype එක මේ වෙනකොට software development පැත්තට ගිහින් තියෙනවා. මේකට අදාල software එක හදන්න. ඔව් ඔයාලට ඉස්සරහට wireless charger වලටත් software update එනවා බලන්න පුලුවන් වෙයි.

ඒ වගේම ලොකේ මේ තියන තත්වේ නිසා Apple ලා AirPower C68 Prototype එක Apple Software developers ලට නැත්තන් Apple sharing and proximity team එකට යවලා තියෙනවා Work From Home යටතේ මෙකට ඔනේ software එක හදන්න. එයාලගෙන් තමා මේ තොරතුරු ඔක්කම හම්බෙන්නේ. Leak උන image එකකුත් මේ එක්කම ඇති.

ඉතිං අපට ලගදිම Apple ලගෙන්ම AirPower නැත්තන් Project Callisto එක දැකගන්න පුලුවන් වෙයි.