Loading...
Mitsubishi Montero හෙවත් Pajero 4th Gen පිලිබඳ ඔබ දැනගත සියළුම දෑ සිංහලෙන්

අද අපි කතා කරන්න යන්නෙ ජපානයේ Mitsubishi සමාගම විසින් නිපදවනු ලබන Mitsubishi Pajero, Mitsubishi Montero එසේත් නැතිනම් Mitsubishi Shogun ලෙස හඳුන්වන රථය පිළිබඳවයි.

1982 Pajero. Image: Best Manuals

මෙය ජපානයේ Mitsubishi සමාගම 1982 සිට අද දක්වා නිර්මාණය කරනු ලබන Full size SUV රථ කාණ්ඩයට අයත් මෝටර් රථයක්. මෙය පරම්පරා හතරකින් සමන්විත රථයක්. 1982 සිට 1991 දක්වා පළමු පරම්පරාවත්, 1991 සිට 2000 දක්වා දෙවන පරම්පරාවත්, 1999 සිට 2006 දක්වා තෙවන පරම්පරාවත් වගේම 2006 සිට 2021 දක්වා මෙහි සිව්වැනි වගේම අවසාන පරම්පරාව දැකබලා ගන්නට පුලුවන්. අවසාන පරම්පරාව ලෙස හැඳින්වුයේ මෙම මාදිලියේ නිෂ්පාදන කටයුතු මෙම වසරේදී නිමාවට පත් වන නිසා.

Image: Racemarket

මෙය වාර්තා බොහෝමයකට උරුමකම් කියන මාදිලියක්ද වනවා,පැරිස් ඩකා රැලි වලදි දොලොස් වතාවක් පමණ ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වෙන්නෙ. අද අපි තොරතුරු කියන්නෙ මෙහි අවසාන පරම්පරාවේ රථ පිළිබඳවයි.

Exterior

මෙහි පිටත පෙනුම පිළිබඳව කතා කිරීමේදී තරමක් විශාල Headlights ලබා දීලා තියෙනවා. මෙහි භාවිත වෙන්නේ HID lights. මෙම රථයේ fog lights සහ day-time running lights එකිනෙකට සම්බන්ධ වූ කොටසක් විදිහට තමයි ලබාදීලා තියෙන්නෙ. අඟල් 17 ක Alloy-wheels බලාගන්න පුලුවන්. ඒ වගේම රෝද හතරටම disc brake පහසුකම ලබා දීලා තියනවා.

Image: ZigWheels

Off road රථයකට අතිශයින්ම වැදගත් වන hood rails මෙහි දැකබලා ගන්න පුලුවන්. වින්කර් මිරර්ස්, විශාල foot-steps, door wiser, headlight washers වැනි පහසුකම් සහ පිටුපස tire holder එකෙත් rear fog light එකක් ලබා දීලා තියනවා.

Interior

වාහනය ඇතුළත නිර්මාණය සඳහා ප්ලාස්ටික්, ලෙදර්, ක්‍රෝම් සහ wood finish trims වැනි materials යොදාගෙන තිබෙනවා. ඉදිරිපස ආසන සඳහා ලෙදර් ආසන තමයි ලබාදීලා තියෙන්නෙ. මෙහි seat heating option එකත් ලබා දීලා තියනවා. ඒ වගේම driver seat එකට power adjustment පහසුකමත් ලබා දීලා තියනවා. ඉදිරිපස මැද hand rest එක අවශ්‍ය පරිදි adjust කරගන්න පුලුවන්.

Image: Pinterest

මේ center arm-rest එක යට box එක level දෙකකට open කරන්න පුලුවන්. ඉදිරිපස ආසන වගේම පිටුපස ආසනත් සුවපහසු මට්ටමක තිබෙනවා. ඉදිරිපස දොරවල් වල bottle holders සහ storage compartment ලබාදීලා තිබුණත් පසුපස දොරවල් වල මේ කිසිවක් දැක ගැනීමට හැකි වන්නෙ නෑ. leg-space එක සහ head room එක ඉදිරිපස වගේම පසුපසත් ඉතාමත් හොඳ මට්ටමක තියනවා. පිටුපස මැද floor-hump එක ඉතාමත් අවම මට්ටමක පවතින නිසා පිටුපස තුන්දෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියනවා.

මෙහි දෙදෙනෙකු පමණක් ගමන් කරන අවස්ථා වලදී භාවිතයට ගත හැකි center arm-rest එකක් පිටුපසත් ලබා දීලා තියනවා. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ පිටුපස ආසන පිටුපසට ඇල කිරීමට ඇති හැකියාවයි. පිටුපස ආසන සඳහා power adjustment ලැබෙන්නේ නෑ manual adjustment විතරයි ලැබෙන්නෙ. ඒ වගේම මෙහි තවත් විශේෂත්වයක් වෙන්නෙ මෙහි තුන්වන සීට් පේලිය නවා හකුලවා boot floor එක යට store කරලා තියෙන්නෙ. මෙහි දෙදෙනෙකුට කෙටි දුරක් ගමන් කිරීමට ප්‍රමාණවත් අයුරින් සකස් කරලා තියෙන්නෙ. දිගු දුරක් ගමන් කිරීමට අපහසුයී.

මෙම තෙවන පේලියේ ආසන වල මගීන්ට අවශ්‍ය නම් තුන්වන පේලියේ ජනේල වල වීදුරු මදක් විවෘත කරන්න පුලුවන්. මෙම තුන්වන පේලියේ seats එලියට ගත්තම boot floor එක යට තවත් ලොකු storage area එකක් තියනවා. මේකෙ ජැක් එක සහ repair kit එකක් බලාගන්න පුලුවන්. boot space එක වැඩි කර ගැනීමට අවශ්‍ය නම් මෙහි දෙවන පේලියේ ආසන 60:40 ආකාරයට නවන්න පුලුවන්.

Boot area එකේ 12W power out එකක් සහ thearing points ලැබෙනවා. මෙම Montero රථ වල automatic climate control system එකක් තමයි ඇතුළත් වෙන්නෙ. පිටුපස මගීන්ටත් temperature එක, fan speed එක වෙන වෙනම control කරන්න පුලුවන්. මෙහි සියලුම පේලි වලට adjustable air vents ලබා දීලා තියෙනවා. එම නිසා රථයේ ඇතුලත සෑම තැනක්ම ඉතා හොඳින් සිසිල් වෙනවා.

Image: Autoportal

මෙහි center screen එක සඳහා යොදාගෙන තියෙන්නෙ dot Metrix display එකක්. මෙය dot matrix display එකක් උනත් ඉතාමත් පැහැදිලිව මෙහි තොරතුර බලාගැනීමේ හැකියාව තියනවා. මෙහි මීටර් පැනල් එකේ analog meters දෙකක් සහ එක පොඩි digital display එකක් ලබාදීලා තියනවා. analog meters දෙක වෙන්නෙ Speedo meter එක සහ tachometer එක මෙහි digital display එක මගින් trip details, four-wheel drive status සහ diff-lock status වැනි කරුණු පෙන්වනවා.

Audio controls සහ cruise control සහිත multifunction steering wheel එකක් ලැබෙනවා. මෙය off-road වාහන වලටම ගැලපෙන පරිදි තරමක් විශාල ප්‍රමාණයේ steering wheel එකක්. මෙම සුක්කානම රියදුරාට පහසු පරිදි සකසා ගත හැක්කේ උඩට සහ පහලට පමණයි. එයද ඉලෙක්ට්‍රොණිකව සිදු කල නොහැකි අතර මැනුවල් කල යුතු වේ. ඊට අමතරව මෙහි power shutters, power mirrors සහ remote key, විශාල ප්‍රමාණයේ panoramic sunroof එකක් sunwisers වල vanity mirrors සහ lights වැනි option ද ඇතුලත්.

image: Pinterest

Multiple air bags, ABS, automatic high beam, self dimming mirrors සහ parking sensors බලාගන්න පුලුවන්. නමුත් මෙහි auto braking සහ lane keep assist යන advance safety options ඇතුළත් වෙන්නේ නෑ. මෙයට 2011 වර්ෂයේදී ANCAP 5 star safety rating එකක් ලැබිලා තියෙනවා.

මෙහි විශේෂිතම උපාංගයක් රථය ඇතුලත උඩ බලාගන්නට පුලුවන් එය Advanced security system එකක්. එය මගින් සොරුන්ගෙන් රථයට විය හැකි අනතුරු වලින් යම් තරමක ආරක්ෂාවක් ලැබෙනවා (රථයේ අගුලු කඩා ඇතුල් වුවහොත් හෝ වෙනත් ආකාරයකට රථය සොරකම් කිරීමට තැත් කලහොත්). මෙම උපාංගය නිසා කවරෙකු හෝ රථයේ බැටරිය ගලවා ඉවත් කලද මෙහි ඇති බැකප් බැටරිය මගින් මෙහි ආරක්ෂිත එලාම් එක දිගටම නාද කරවනවා. මෙහි independent suspension ලබාදීලා තියනවා.

ඒ වගේම මෙය all time all-wheel drive රථයක් නොවේ. එනම් අවශ්‍ය අවස්ථවකදී පමණක් all-wheel drive ඇක්ටිවේට් කරගන්න පුලුවන් රථයක්. මෙහි all-wheel drive system එකෙහි mode හතරක් ඇතුලත් වෙනවා.

ඒවා 2H-සාමාන්‍ය පාරේ ගමන් කිරීමේදී යොදාගනු ලබන, 4H-ලිස්සන සුළු හෝ තරමක් රළු මාර්ග සඳහා, 4HLc- බොහෝ off-road අවස්ථා සඳහා සහ 4LLc-අපහසුම off-road අවස්ථා සඳහා භාවිතා කල හැකි ලෙස හඳුන්වා දිය හැකියි.

මෙහි ලීටර 3.2 ක Common rail diesel turbo එන්ජින් එකක් ඇතුලත් වෙනවා. මෙයට අශ්වබල 3200 ක් උත්පාදනය කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම රථ වල පෙට්‍රල් සහ ඩීසල් ලෙස මාදිලි කිහිපයක් පවතිනවා. නමුත් බොහෝ දෙනා මිලදී ගනු ලබන්නේ මෙම 3.2 ලීටර් ඩීසල් එන්ජිම සහිත රථයයි. මෙහි ලීටරයට කිලෝමීටර 12 කට ආසන්න ප්‍රමාණයක ඉන්ධන කාර්‍ය්‍යක්ෂමතාවයක් පවතිනවා.