Loading...
මොබයිල් ෆෝන් වොරන්ටි ගැන හරියට දැන ගමු

මුලින්ම කියන්න ඕන අපි මේ පෝස්ට් එක දාන්න හිතුවේ මීට ටික දවසකට කලින් අපේ Android වැඩකාරයෝ ගෘප් එකේ දැක්ක පෝස්ට් එකක් නිසා, ඒකෙ comments අපි හොඳට බැලුවා සහ ඒවට හේතුත් හොයන් තමයි මෙහෙම පෝස්ට් එකක් දාන්නේ කියල මුලින්ම මතක් කරන්න ඕන..

ඔයාලත් අළුතෙන් මොබයිල් ෆෝන් එකක් ගන්නද යන්නේ? ඕක ගද්දි හැමෝටම එක එක ප්‍රශ්න එනවනෙ ගන්න බ්‍රෑන්ඩ් එක මොඩ්ල් එක, වොරන්ටි එක්ක ගන්නවද, නැද්ද, Software වොරන්ටි කියන්නේ මොකද්ද ඒක එක්ක විතරක් ගත්තම හරිද කියලා. ඔන්න ඕකට උත්තරයක් තමයි මේ.

පොඩ්ඩක් ගිහින් බලන්න ඕනම ෆෝන් ශොප් එකක ෆේස්බුක් පේජ්, ඕනම සෝෂල් මීඩියා එකක හෝ එයාලගේ වෙබ් සයිට් එකට මේ ෆෝන් බ්‍රෑන්ඩ් කරලා කැටගරි කරලා තියෙනවා ඒවගෙන් අපි කැමති එකක් සිලෙක්ට් කරාම අපිට බලාගන්න පුළුවන් එයාල ඒ ෆෝන් එකට Issue කරන්නෙ මොන වගේ warranty එකක් ද කියලා.

අපිට බලාගන්න පුළුවන් මෙන්න මෙහෙම

  1. No warranty
  2. Software warranty
  3. Hardware warranty
  4. Company warranty

01. No warranty

No warranty කියන්නේ ආය අහන්න දෙයක් නෑනේ ෆෝන් එක එයාලගෙන් අරගත්තයින් පස්සේ වෙන කිසිම දේකට එයාල වග කියන්නේ නෑ. මොනව හරි උනොත් ඔයාල ම හදාගන්න ඕන. ඒ වගේම තමයි මේ ෆෝන් වල Price එකත් ගොඩක් අඩුයි.

02. Software warranty

සමහර අය හිතනවා අඩුවට තියෙන නිසා warranty කෑල්ලත් තියෙන නිසා මේක එක්ක ගත්තම ඔක්කොම හරි අව්ලක් උනොත් මොනව හරි කරල දෙන්නෙ නැතෑ කියලා. ඒත් ඒක වැරදියි මේකෙදී අපිට ඒ ෆෝන් එක විකුණන Seller කරන්නේ අපි ගන්න ෆෝන් එකේ Software path එකට විතරක් වග කියන එක විතරයි , ඒ කිව්වේ දුරකතනය ගත් පසු අනාගතයේ පැමිණෙන Updates හා යම් ක්‍රමයකින් දුරකතනයේ OS එක සම්බන්ද අව්ලක් ආවොත් මෙයාලා software එක නිකං repair කරලා දෙනවා කියන එක.

උදා – එක පාරට ෆෝන් එක ON නොවී bootloop එකක් උනොත් (මේව Hardware හේතු නිසත් වෙන්න පුළුවන් ඒවට වග කියන්නේ නෑ)

03. Hardware warranty

මෙන්න මෙතන තමා ගොඩක් අය හිතන්නේ අපි රුපියල් 2000ක්, 3000ක් වගේ වැඩිපුර දීපු නිසා දැං බයක් සැකක් නෑ ඕන දෙයක් වෙද්දෙං අර අය නිකං හදල දෙනවනේ කියලා. ඒක සම්පූර්ණ වැරදියි. මේ Hardware warranty එකටත් Claim කරන rules තියෙනවා.

අපේ අතින් ෆෝන් එකට Water , Liquid වගේ දේවල් නිසා damage එකක් උනා කියමුකෝ ඒව මේ Hardware warranty claim කරන එකට අදාල වෙන්නෙ නෑ මොකද ඒක අපේ වැරැද්ද නිසා ගොඩක් අය හිතනවා IP rating එකක් තියෙන ෆෝන් එකක් වතුර් ඇතුලේ යූස් කරලා , පොටෝ ගහලා කොහොම හරි අන්තිමට ඒකට් ඔරොත්තු නොදෙන පීඩනයකින් හෝ තමන්ගෙ නොසැලකිළිමත් කමෙන් වතුර ගියාම ඒකට එනවා Warranty claim කරන්න ආ මේක Water proof / resistance නේ මේකට වතුර් ගියා මට අලුත් එකක් දෙන්න , මේක හදල දෙන්න කියලා, ඉතිං තමංගේ වැරැද්දට වෙන අය වග කියල හරියනවද. Company එකකින් safety එකට ෆෝන් එකක් අරෙහෙම හදල එවද්දී ඒවගෙනුත් අනවශ්‍ය විදිහට වැඩ අරන් අව්ල් කරගන්න අය තමා ඉන්නේ.

අනික Drop damage ෆෝන් එක drop වෙන උස එක්ක තමා මේක ෆෝන් එක ඇතුලේ Hardware parts වලට බලපාලා ඒව අව්ල් වෙන්නේ ගොඩක් වෙලාවට් පොඩි උසකින් වටුනට මොකුත්ම නොවෙන්න පුළුවන් , සමහර් වෙලාවට display ගිහින් crack වෙලා පාවිච්චි කරගන්න පුළුවන් මට්ටමකට වැඩ කරන්න පුළුවන්.. සමහර වෙලාවට ON වෙන්නෙම නැති වෙන්නත් පුළුවන් මේවා ඒ අය හරියට් check කරලා තමයි වොරන්ටි එක දෙනවද් නැද්ද කියලා issue කරන්නේ ඒක නිසා මෙ මොකකටවත් බොරු කරලා warranty ගන්න බෑ.

Damaged phones after drop

04. Company warranty

මේ කියන්නේ අපි ෆෝන් එක ගත්තම ඒ ෆෝන් බ්‍රෑන්ඩ් එක සම්භන්ද වෙලා කරන ආයතනය company එකෙන් දෙන official warranty එකම issue කරන එක ඒ කියන්නේ Hardware + Software දෙකම.. මේකෙදිත් අර උඩ කිව්ව කරුණුම තමයි තියෙන්නේ වෙනසක් නෑ එයාලගෙත් ඒ rules වලටම තමයි වගකීම හම්බ වෙන්නේ ගැබැයි පෙලක් ආයතන වල special warrantyයක් දෙනවා.

උදා – LG වල hTC වල වගේ මාස ගානක් හෝ warranty period එක අතුලත වැටිල ඩිස්ප්ලේ එක කුඩු උනත් අලුතින් එකක් දාල දෙනව වගේ (මේව දෙනවනම් එයාල කියනව අපි මේකට මෙහෙම දෙනව කියල , නැත්නම් හැම එකකටම මේක දෙන්නෙත් නෑ)

ඔන්න ඔය ටික තමයි warrentyය ගැන මතක් කරන්න ඕන තමන් ෆෝන් එකක් ගන්න කලිං warrentyය ගැන සැලකිලිමත් වෙනවනම් මේ ටික නගෙන ගන්න යන්න , පස්සෙ warranty නම තිබ්බට වත් මේ rules කඩල වත් බොරු කරලා warranty ගන්න වත් යන්න එපා හම්බ වෙන්නේ නෑ , පස්සෙ ගොඩක් අය කරන්නේ ඒ sell කරන Shop වලට බනින එක, ඒත් අපි කියන්නෙ නෑ ලංකාවේ ඕව නොකඩත් warranty දෙන්නෙ නැති shops තියෙනවා . customers ලට බොරුම කියල අන්ල දාන. ඒ වගේම ෆෝන් ගෙන්නද්දී පැකේජ් එකේ තියෙන original accessories පවා මාරු කරලා same IMEI box පවා මාරු කරලා වන්චා කරන අය. එහෙම කරන්නේ මොන අයද කියලා අපි Mention කරන්න ඕන්නෑ, හැමෝම දන්නවා.

යම් හෙයකින් ඔයාගේ සාදාරණ හේතුවක් තිබිලත් අසාදාරන විදිහට ඒ ආයතන ඔයාට සලකනවනම් මෙන්න මේ Link එකට ගිහින් complain කරන්න :- CONSUMER AFFAIRS AUTHORITY