Loading...
2020දී ඔබට මිලදීගත හැකි හොඳම AMD processors

මේ වෙනකොට AMD processors මු ලෝකය පුරාම Intel අභිබවා ඉදිරියට එමින් පවතිනවා. පසුගිය අවුරුදු කිහිපය තුල Intel වෙලඳපල සීග්‍රයෙන් ආක්‍රමණය කරමින් Ryzen 2nd generation chipsets ඉදිරියට පැමිණියා. ඉන් පසුව Team Red ඉදිරිපත් කල Ryzen 9 3950X සහ අනිත් Ryzen 3rd Generation processors ඊටත් වඩා වැඩි වේගයකින් ඉදිරියට එන්න ගත්තා.

Intel වලට වඩා අඩු මිලකට මිලදී ගත හැකි, එමෙන්ම Intel processors වල performance වලට නොදෙවෙනි වන ඒ වගේම ගෙවන මිලටත් වඩා හොඳ අගයක් ලබාදෙන බැවින් ලෝකය පුරාම AMD chips වෙගයෙන් ප්‍රචලිත වෙන්න හේතු උනා. ඒ නමුත් Intel තවමත් තරඟය අතහැර නැති බව පිලිගත යුතුය. Intel විසින් 10-core, 5.1GHz boost එකකින් ආරම්භ වන Comet Lake නම් flagship processor එකක් නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් අපි අමතක කල යුතු නෑ.

ඇත්තටම මේ ලිපිය ලියන්න හේතුව උනේ මේ දවස්වල Android වැඩකාරයෝ group adminලගේ චැට් එකේ PC build කරන එක ගැන කතා වෙනවා සහ එතනදි Geesha Gehan, Senal Evans, සහ Kaveesha Heshan කියන අපේ ඇඩ්මින්ලා නිතරම AMD ගැන කතාවෙනවා සහ ඇත්තටම මං AMD ගැන අප්ඩේට් නොමැති වීම. ඉතිං මං පොඩ්ඩක් හොයල බැලුවා මේ මොනවද මේ නිතරම කතා වෙන Ryzen build කියන්නේ, ඇයි මේ මෙච්චර මේ ගැන කතා වෙන්නේ කියල.

අන්තිමේදි මටත් හිතුනා Ryzen build එකකට යන්න තිබ්බ නම් කියල හැබැයි. මෙතනදි මම AMD Ryzen budget processor එකක් වෙන Ryzen 3 2200G එකේ Ryzen Threadripper 2990WX වෙනකන් වෙලඳපලේ ගන්න තියෙන හොඳම processors කිහිපය ගැන හොයල කෙටි විස්තරයක් ලියල තියෙනවා.

මට හම්බුන හොඳම AMD processors 5

  1. AMD Ryzen 9 3900X
  2. AMD Ryzen 5 3600X
  3. AMD Ryzen 3 2200G
  4. AMD Ryzen 9 3950X
  5. AMD Ryzen Threadripper 2990WX

අපි කතා කරමු මේ processor 5 ගැන.

1. අඩුවට High-end desktop එකක් ගහගන්න AMD Ryzen 9 3900X

Cores: 12 | Threads: 24 | Base clock: 3.7GHz | Boost clock: 4.6GHz | L3 cache: 64MB | TDP: 105W

Ryzen 9 3900X, AMD processors lineup එකේ mainstream එකේ තියෙන බලවත්ම, එහෙමත් නැත්තම් most powerful processor එක තමයි මේක. ඊලඟ අනුගාමිකයා වෙන එහෙමත් නැත්තම් upgrade එක වෙන Ryzen 9 3950X එක එනකන් තනයි හැබැයි මේ මට්ටමේ හිටියේ. ඒත් Ryzen 9 3950X එක ආවට පස්සේ ඊට ඉස්සරහින් ඉන්න 3950X එක සමත් උනා. මේ ලිපියෙම එයා ගැනත් කතා වෙනවා.

මෙයාගේ Multi-threaded performance ගත්තම හරියට Dark Seid වගේ තමයි. එන හැම එකම විනාශ කරගෙන තමයි ඉස්සරහට එන්නේ. Intel එකේ මේ price එකට තියෙන processors පරාදයි මෙයාගේ තියෙන බලයට. ඒ කොහොම උනත් Single core performance වලදි නම් මෙයා Intel වලට වඩා ටිකක් පස්සෙන් තමයි ඉන්නේ.

ඔයාට Ryzen 9 3900X එක ශ්‍රී ලංකාවේදී රුපියල් 113,000ක මුදලකට මිලදීගන්න පුළුවන් වෙනවා.

2. Gaming වලට හරියන බජට් මිතුරා AMD Ryzen 5 3600X

Cores: 6 | Threads: 12 | Base clock: 3.8GHz | Boost clock: 4.4GHz | L3 cache: 32MB | TDP: 95W

AMD Ryzen 5 3600X කියන්නේ multi-threading වලදි සිතැදගන්නා සුළු performance පෙන්න සහ singoe-threaded වලදිත් තරඟකාරී performance පෙන්නන mid-range processor එකක්. ඒ උනත් මේක gaming වලට තියෙන හොඳම AMD processor එක කියල හඳුන්වන්න බෑ. නමුත් මේ සඳහා ගෙවන මුදලත් එක්ක මේ processor එකෙන් හම්බෙන performance Intel එක්ක සසඳනකොට අපිට මේ processor එක ගැන තියෙන budget minded ගතිය අයින් වෙලා යනවා. ඒකට හේතුව වෙන්නේ Ryzen 5 3600X එක ගන්න තියෙන price range එකත් එක්ක බැලුවම අනිත් ඒවට වඩා මෙයාගේ වැඩි දියුණු කරන ලද IPC එහෙමත් නැත්තම් instructions per clock performance එකයි ඉහළ අගයක් ගන්නා clock speed එකකුත් හම්බෙන නිසා.

අපිට Ryzen 5 3600X එක ශ්‍රී ලංකා වෙළඳපලේ රුපියල් 53,000ක මිලකට ලබා ගන්න පුළුවන්.

3. ලොකු වැඩ කරන්නැති අයට හරියන හොඳම බජට් මිතුරා AMD Ryzen 3 2200G

Cores: 4 | Threads: 4 | Base clock: 3.5GHz | Boost clock: 3.7GHz | L3 cache: 4MB | TDP: 65W

එච්චර ලොකු powerful computer එකක් ඕනේ නැති, ලොකු මුදලක් වැය නොකර movie එකක් බලන්න, ඒ වගේම word document එකක් process කරගන්න, සරල්ව කිව්වොත් HTPC එහෙමත් නැත්තම් Home theater PC එකක් හදාගන්න ප්‍රමාණවත් වෙන processor එකක් තමයි මේ AMD Ryzen 3 2200G කියන්නේ. මේක ලොකු clock speed එකක් නැති single threaded chip එකක්.

ලොකු perfomance වලින් හොඳ වර්ගයේ graphic level එකකින් games play කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම් මේ processor එක සෑහෙන්නෑ. නමුත් යම් මට්ටමකට සෑහෙන ප්‍රමාණයකට low performance level එකක gaming වලට AMD Ryzen 3 2200G අපිට භාවිතා කරන්න පුළුවන්.

ශ්‍රී ලංකාවේ නම් මේ processor එක සඳහා මිලක් අපිට හොයාගන්න පුළුවන් උනේ නෑ. නමුත් Ryzen 3 series එකේම තව processor එකක් වෙන AMD Ryzen 3 3200G එකේ මිල නම් රුපියල් 23,000ක් පමණ වෙනවා.

4. Gaming වලටත් බර වැඩවලටත් හරියන AMD Ryzen 9 3950X

Cores: 16 | Threads: 32 | Base clock: 3.5GHz | Boost clock: 4.7GHz | L3 cache: 64MB | TDP: 105W

අපි මුලින්ම කතා කරපු AMD Ryzen 9 3900X එකට පස්සේ Ryzen 9 series එකේ ආපු processor එක තමයි AMD Ryzen 9 3950X එක. මේ processor එක Zen 2 architecture එකට හදපු 16 core සහ 32 threads තියෙන 7nm processor එකක්. මේ processor එකට high-end gaming සහ processing (graphics, video) වලදී හොඳට perform කරන්න පුළුවන් සහ ගොඩක් දුරට ඒ වගේ වගේ වැඩ වලදී ගොඩක් අය පාවිච්චි කරන්නේ AMD Ryzen 9 3950X processor එක.

ශ්‍රී ලංකාවේදී අපිට AMD Ryzen 9 3950X එක රුපියල 165,000ක මුදලට මිලදී ගන්න පුළුවන්

5. දැනට තියෙන වේගවත්ම AMD Processor එක AMD Ryzen Threadripper 2990WX

Cores: 32 | Threads: 64 | Base clock: 3.0GHz | Boost clock: 4.2GHz | L3 cache: 64MB | TDP: 250W

AMD Ryzen Threadripper 2990WX, දැනට තියෙන fastestම AMD processor එක කිව්වොත් මං නිවැරදී. ලොකු ලොකු විස්‍තර මං කියන්න යන්න ඕනේ නෑ. මේ processor එක 32-core 64-threaded proceasor එකක්. ඒ එක්කම මේකේ 64 MB L3 cache එකක් එනවා. ඒ වගේම 4.2 GHz clock speed එකකින් යුක්තයි. ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ performance කොහොමද කියල.

මේකේ TDP, එහෙමත් නැත්තම් Thermal design power (point කියලත් කියනවා) එක 250W වෙනවා. ඒක නිසා මේ processor එක භාවිතා කරන කෙනෙක්ට  ඉතාමත් හොඳ cooling system එකක් ඕන වෙනවා temperature එක ඉතාමත් අඩු මට්ටමක පවත්වාගෙන යන්න. ඒ වගේම cooling system එක ගැන හොඳ අවධානයකින් ඉන්නත් වෙනවා.

මේකේ නම් ලංකාවේ මිලගණන් හොයාගන්න බැරි උනා. නමුත් Amazon එකේ $1430කට වගේ අපිට මිලදීගන්න පුළුවන්. Shipping charges ඇතුලත් නොවේ.

මේ AMD processor 5 තමයි "මට" හම්බුන හොඳම AMD processors 5. මීට අමතරව තව Ryzen 7 series එකේ procesor රුපියල් 85,000 වෙනකන් තියෙනවා ලංකාවේ මිලදීගන්න. මං හිතන්නේ Intelද, AMDද කියල හිත හිත ඉන්න කෙනෙක්ට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි තෝරාගැනීමක් කරන්න.