මේ වන විට ඇතැම් Android apps, crash වීමේ ප්රවණතාවක් ඇති වී තිබෙන බව වාර්තා වනවා.
මෙයට හේතුව ලෙස සඳහන් වන්නේ Android System WebView නම් system component එකයි. එහි කාර්යය Android apps සඳහා web content පෙන්වීමට සහය දැක්වීම වුවත්, මෙහි කුමක් හෝ දෝෂයක් නිසා දැන් ඇතැම් apps crash වන බව Google සමාගම The Verge වෙබ් අඩවියට ප්රකාශ කර තිබුණා.
එසේම ඔවුන් මේ වන විට එම දෝෂය තහවුරු කරගනිමින් එය යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරන බව තවදුරටත් සඳහන් කර තිබුණා.
තවම පිළියමක් නැද්ද?
ඇතැම් පරිශීලකයින් සඳහන් කර තිබුණේ, WebView හි අලුත් update එක ඉවත් කිරීමෙන් මෙම දෝෂය මගහරවා ගතහැකි බවයි.
එයම Samsung Support US twitter ගිණුමෙන්ද නිර්දේශ කොට තිබුණා.
Hi! Thanks for bringing this to our attention. Please remove the Webview Update and then restart the phone. Here are the steps: Go settings > apps > tap the three dots in the top right corner > show system apps > search for Android System WebView > select Uninstall updates. ^Nina
— Samsung Support US (@SamsungSupport) March 22, 2021
එසේම Android හි Gmail app එකේ ඇති Google Workspace status page එකේ ඇති දෝෂයක් පිළිබඳවත් Google සමාගම සඳහන් කොට තිබුණා. දැනට ඔවුන් නිර්දේශ කරන්නේ ඒ සඳහා desktop interface එක භාවිතා කිරීමයි.
Source: TheVerge