Loading...
Android ජංගම දුරකතනයක් තියෙන ඔයාට අවශ්‍ය වෙන Secret Codes (දෙවන කොටස)

අද මම ඔයාලට ගෙනාවේ Samsung යාලුවෙක් ඇත්තටම අමාරුවේ දාන්න පුලුවන් කෝඩ් එකක් ගැනයි.

මුලින්ම කියන්න ඕන මේක විහිලුවට කරාට කමක්නෑ ඒත් දිගින් දිගටම කරලා බැටරිය අවුල් කරගන්න එපා වගේම ඔයාගේ යාලුවව තරහ කරගන්නත් එපා.

ඇත්තටම මේකෙන් වෙන්නේ බැට්‍රි එක කැලිබ්‍රේට් වෙන එක. මේක නිතරම කරන එකෙන් බැට්‍රි එකට හානි වෙන්න පුළුවන්. ඒක නිසා නිතරම කරන්න එපා.

මේකෙන් වෙන්නේ ඉතින් කිසිම දෙයක් කරන්නැතුව තත්පර ගානක් ඇතුලත එකපාර බැටරි ආරෝපිත ප්‍රමාණයෙන් ටිකක් ලොකු ප්‍රතිශතයක් අයින් වෙලා යන එක. සමහර දුරකථනවල 30% ක් වගේ බැටරිය ආරෝපිත ප්‍රමාණය අඩු වෙලා තියනවා. සමහර දුරකථනවලනම් 2% එක් වගේ තමයි අඩු වෙන්නේ.

මෙන්න ඒ කෝඩ් එක.

*#0228#


මෙහෙමයි මේක වෙන්නේ.

ඔය කෝඩ් එකත් dialpad එකේ ගහපු ගමන් menu එක එනවා. ඒ menu එකේ ඔයාගේ බැටරියේ පොඩි විස්තරයක් සහ network එකේ විස්තරයත් එක්ක RSSI එකත් පෙන්වනවා.

Battery Status Menu

මෙහිදි බලාගන්න පුලුවන් battery level එකයි, blocks ප්‍රමාණයයි, voltage එකයි, චාජර් එකට ගහල තියනවනම් ඒ type එකයි.

දැන් තමයි හොදම හරිය.

දැන් බලන්න battery level එක කීයද කියලා. බලන්න ඔය menu එකේ තියනව නේද යටින්ම Quick Start කියල බටන් එකක්. ඔන්න ඕක තමයි වැදගත්ම.

quick start button

ඔය බටන් එක එබුව ගමන්ම screen එක නිවිලා ලොක් වෙනවා phone එකම. ඊට පස්සේ ආයෙත් අපිට phone එක unlock කරගන්න වෙනවා. ඊට පස්සේ බලන්න බැටරි level එක දිහා. කලින් තිබුනට වැඩිය අඩු වෙලා තියනවා ඔබට බලාගන්න පුලුවන්.

එහෙනම් ඔයත් මේ කෝඩ් එක යාලුවගේ පෝන් එකේ ගහල බලලා හොදටම බැනුම් අහගන්න.

එහෙනම් තවත් වටින code එකකින් ආයෙත් හමුවෙමු. ඔයාලගේ අදහස් යෝජනා සහ අඩුපාඩු comment කරන්නත් අමතක කරන්න එපා. සුභ දවසක්.