Loading...
Apple සමාගම ඊළඟ පරම්පරාවේ Silicon chip එක ලෙසින් M2 Chip එක හදුන්වා​දේ

පසුගිය සති කීපය පුරාවට විවිධාකාර වලින් leak උන තොරතුරු වල සඳහන් වූ ආකාරයට Apple සමාගම විසින් Apple Siliconහි මේ මීලඟ නවතම පරම්පරාව වන Apple M2 chip එක එලිදක්වන ලදී. මෙය Appleහි ප්‍රථම පරම්පරාවේ ARM පාදක කරගෙන නිමැවුනු SoCහි සාර්ථකත්වය මත පදනම්ව නිර්මාණය කර ඇති අතර පෙර පරම්පරාවට වඩා හොඳ කාර්ය කාර්යක්ෂමතාවයක් සමඟින් වඩාත් හොඳ බලශක්ති කාර්යක්ෂමතාවයක් ලබා දීමට සමත්ව ඇත. එහි ප්‍රථිපලයක් ලෙස M2 මඟින් බල ගැන්වෙන MacBook Air සහ MacBook Pro මාදිලි වලට පිළිවෙලින් පැය 18ක සහ පැය 20ක video playback කාලයක් ලබා ගැනීමට හැකියාව හිමිවී ඇත.

Apple සමාගම් විසින් සඳහන් කල ආකාරයට M2 chip එක එහි පෙර පරම්පරාවට සමාන unified memory architecture එකකින් සමන්විත වන නමුත් ඊට වඩා හොඳ බලශක්ති පරිභෝජනයක් සිදු කරමින් වඩා හොඳ කාර්ය සාධනයක් (performances) ලබා දීමට සමත්ව ඇත. මෙම chip එක සතුව ට්‍රාන්සිස්ටර්ස් බිලියන 20ක් සතු වන අතර එය M1 chip එකේ ඇති ට්‍රාන්සිස්ටර්ස් වලට වඩා 25%ක ප්‍රමාණයකින් වැඩි වීමකි. එමෙන්ම මෙම නව chip එක සතුව ඇති memory control එක හරහා M1ට වඩා 50%කින් වැඩි වේගයකින් යුතු දත්ත හුවමාරු වේගයක් ලබාදී ඇති අතර unified memory එක 24GB දක්වා විහිදුවීමට හැකිවී ඇත.

නවතම M2 chip එකෙහි සැකැස්ම 8-core CPU එකකින්ද 10-core GPU එකකින්ද සමන්විත වනවා. 8-core CPU එක සතුව high-efficiency cores 4ක්ද, high-performance cores 4ක්ද අඩංගු වනවා. මේ හරහා M1 වලට වඩා 18%ක හොඳ කාර්ය සාධනයක් අත් කරගැනීමට M2 chip එක සමත්ව ඇති බව Apple සමාගම විසින් ප්‍රකාශ කර සිටියා.

ඊට අමතරව Apple සමාගම ප්‍රකාශ කර සිටියේ M2 chip එක  10 Core PC/Laptop chip එකකට වඩා 1.9ක වේගයෙන් ක්‍රියාත්මක වන අතර එම chip එක භාවිතා කරන බලයෙන් 25%ක් පමණක් භාවිතා කරමින් M2 chip එකට එම කාර්ය සාධනය ලබා ගත හැකි බව Apple සමාගම විසින් හෙලි කරමු ලැබුවා.

M2 chip එකේ ඇති 10-cores GPU එක M1 chip එකට වඩා cores 2ක් වැඩියෙන් සමන්විත වනවා. ඒ හරහා M1 chip එකට වඩා 25%ක හොඳ graphic performance එකක් ලබා ගැනීමට හැකියාව ලැබී ඇති අතර එය උපරිම කාර්ය සාධනයෙන් ක්‍රියා කරන විට එම අගය 35%ක් පමණ ලබා ගැනීමට Apple සමාගම සමත් වී ඇත. මෙම වැඩි දියුණු කරන ලද M2 chip එක 10-core ලැප්ටොප් එකකට වඩා 2.3ක වේගවත් GPU කාර්යසාධනයක් ලබාදෙන බවද Apple සමාගම විසින් ප්‍රකාශ කරනු ලැබුවා.

නව M2 Chip එක සමඟින් තවත් නව විශේෂාංග රැසක් එක් කර ඇති අතර ඒ අතර Secure Enclave, Neural Engine ඇතුලත් වන අතර 8k, H.254, HEVC video සහ ProRes සහය අඩංගු වනවා. තවද නව Media Engine එකක් අඩංගු වන අතර 4K සහ 8K videos ධාවනය කල හැකි අතර 6K external display සහයද අඩංගු වනවා.

මෙම නව M2 Chip එකෙ​න් ඊයේ හදුන්වා දුන් නව MacBook Air සහ updated MacBook Pro එක බල ගැන්වෙනවා.