Loading...
Apple ARM කියන්නේ මොකක්ද?

කාලෙකට පස්සේ නිදහසේ article ලියන්න වෙලාවක් හම්බුනා. WWDC දි දැකපු මං කාලයක් තිස්සේ දකින්න ආස කරපු , මං හිතන්නේ මට  වැඩිපුරම බලපාන , මට වැදගත් එකම news තමයි Apple Silicon කියලා කියන්නේ.

මොකක්ද ඉතිං මේ Apple Silicon කියලා කියන්නේ?

Apple Silicon එහෙමත් නැත්නම් මේ වෙනකොට තියෙන A12Z Bionic කියලා කියන්නේ ARM Cortex based processor.

දැං හිතෙනවා නේද මොකක්ද මේ ARM කියන්නේ කියලා? හරි ඒක කියන්න කලින් මුලින්ම පොඩි කතාවක් කියන්න තියෙනවා.

Instruction set architecture (ISA) මූලික වශයෙන් ආකාර තුනක් තියෙනවා.

  • Reduced Instruction Set Computer (RISC)
  • Complex Instruction Set Computer (CISC)
  • Scalable Processor Architecture (SPARC)

අද අපි අපේ පරිගණක වල භාවිතයට ගන්න Intel process වල තියෙන x86-64 / x64 architecture කියලා කියන්නේ CISC පාදක කරගත්තු architecture.

හරි ඒ කතාව එතනින් ඉවරයි. දැං අපහු බහිමු silicon කතාවට.

එතකොට Apple Silicon වල විශේෂත්වය මොකක්ද?

Apple Silicon කියලා එන්නේ අද අපි mobile device වලට වැඩිපුරම පාවිච්චි කරන ජාතියේ process ක්. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් RISC පාදක කරගත්තු AArch64 architecture තියෙන ARM process .

හරි දැං බලමු ARM කොහොමද Intel වලට වඩා හොද වෙන්නේ කියලා.

ARM , Intel වලින් වෙනස් වෙන්නේ ARM RISC , Intel CISC . ඉතිං ඒ ඒ process ඒ ඒ architectures වලට අදාල ගුණ පෙන්වනවා. RISC වලයි CISC වලයි තියෙන ප්‍රධානම වෙනස තමයි RISC වලට වැඩි commands ප්‍රමාණයක් දෙන්න වෙනවා CISC වලට වඩා වැඩක් කරගන්න ගියාම.

දැං හිතන්නේ එහෙනම් යකෝ RISC කොහොමද CISC වලට වඩා speed වෙන්නේ කියලා නේද?

Speed වෙන්නේ CISC වල එක command දුන්නම ඒක සේරම වැඩ ටික කරලා එනකම් අනිත් command ඉනට අත තියාගෙන බලන් ඉන්න ඕනි හැබැයි RISC වල එක command කරන්නේ එක වැඩක් විතරක් නිසා ආයි බලන් ඉන්න දෙයක් නෑ ආපු අනිත් පැත්තට වැඩේ කරන්න පුළුවන් command වලට.

දැං හිතෙනවා නේද අප්පට හුඩු අපිටත් ARM process වැඩ කරන්න තිබුනා නං කියලා?

බය වෙන්න එපා ඒක මේ කපේට වෙන දෙයක් නෙමෙයි. මොකද windows ARM try කරපු හැම සැරේම වැඩේ fail උනා.

ඇත්තම කිව්වොත් Mac OS කියන්නේ *BSD OS නිසා ARM වලට compile කරන්න පුළුවන් උනාට windows එහෙම කරන්න බෑ එයාලා emulator හදලා ඒකේ ඇතුලේ දුවන්න හදන්නේ.

ඔය වැඩෙන් අගතියට පත් වෙන අතින් පාර්ශවය Linux community . Linux ආපු කාලේ ඉදන් ARM වලට support කලාට hardware manufactures ලා hardware හදන්නේ නෑ මොකද windows users ලට ARM පාවිච්චි කරන්න බැරි නිසා.

ඔයාලා දන්නවද? Apple ලගේ " Developer Transition Kit " හැර වෙන හරිහමන් ARM box නෑ කියලා general use වලට තියා development වත්.

තාම ඉවර නෑ තව පොඩි සිද්ධියක් තියෙනවා කියන්න.

Process speed රදා පවතින්නේ transistor size (transistor කියලා කිව්වාට ඒක ඇත්තටම MOSFET) මත ඉතිං process මේ වෙනකොට 7nm සීමාවට ඇවිත් තියෙන්නේ Intel ලට 5nm හදන්න පුළුවන් උනත් කවදාවත් 4nm - 2nm සීමාවට එන්න බෑ මොකද ඒ සීමාවට එනකොට Quantum tunneling කියන සංසිද්ධිය ට මුහුණ දෙන්න වෙනවා ඉතිං 3nm transistor කවදාවත් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි. බැරිවෙලාවත් එහෙම හැදුවොත් ඒක Quantum processor වෙනවා. සරලවම කිව්වොත් තව අවුරුදු දෙකකින් විතර පස්සෙ Intel process වල දියුණු කරන්න පුළුවන් උපරිම ලක්ෂ ට එනවා.

දැං ඉතිං තියෙන්නෙ ඉනට අත තියාගෙන ඊගාවට මොකක්ද වෙන්නේ කියලා බලාගෙන ඉන්න එක.

ඇත්තම කිව්වොත් ඊගාව MacBook නෙමෙයි Apple ලාගේ පලවෙනි ARM lap.

>> Don't forget to say hello to the search box for further details.