Loading...
පවතින චිප් හිඟය හේතුවෙන් iPhone 13 මාදිලියේ ජංගම දුරකතන නිෂ්පාදනය මිලියන 80ක් දක්වා අඩු කිරීමට ඇපල් සමාගම කටයුතු කර​යි

ඇපල් සමාගම විසින් මෙම වසරේදී එලිදක්වනු ලැබූ  iPhone 13 මාදිලියේ ජංගම දුරකතන නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කර තිබෙනවා. මෙයට හේතුව වී තිබෙන්නේ ලෝකය පුරාවට ඇති වී ඇති චිප් සෙට් හිඟයයි. Bloombergහි වාර්තාවකට අනුව ඇපල් සමාගම විසින් iPhone 13 මාදිලියේ ජංගම දුරකතන මිලියන 90ක්  ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර් යන මාස වලදී නිපදවීම​ට ඇස්තමේන්තුගත ක​ර තිබුණ​ත්, එය මිලියන 80ක් දක්වා පහත හෙලීමට ඔවුන් විසින් තීරණය කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන අන්දමට ඇපල් සමාගම විසින් මෙම තත්වයට ප්‍රකාශ කර ඇති අතර එයට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ Broadcom ස​හ Texas Instruments ආයතන වලට අවශ්‍ය කරන දෘඩාංග උපකරණයන් ප්‍රමාණවත් තරම් ලබා දීමට නොහැකිවීමයි. ඇපල් සමාගමට Display සපයන්නේ Texas Instruments ආයතනය වන අතර wireless දෘඩාංග සැපයීම සිදු කරන්නේ Broadcom ආයතනය විසිනි.

මේ පිළිබඳව ඇපල් සමගමේ ප්‍රධාන මූලය නිලධාරී ලෙස කටයුතු කරන Luca Maestri විසින් පහතාකාරයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇත.

We expect supply constraints during the September quarter to be greater than what we experienced during the June quarter. The constraints will primarily impact iPhone and iPad.

මීට පෙරද ඇපල් සමාගම විසින් චිප් හිඟයකට මුහුණ පෑවද ඔවුන්ගේ මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් ඇති දැඩි මූල්‍ය ශක්‍යතාවය හේතුවෙන් ඒ සඳහා ආයාසයකින් තොරව ඔවුන්ගේ සැපයුම් දාමය නොකඩවා ලබා ගැනීමට හැකියාව ලැබුනි. නමුත් ඉහත කී ආයතනයන් වලට අවශ්‍ය කරන අමු ද්‍රව්‍ය ලබා ගැනීමට ඇති අපහසුතාවය නි​සා මෙවර ඇපල් සමාගමට එම හිඟයෙන් අත්මිදීමට නොහැකි වී ඇත. කෙසේ නමුත් මෙම තත්වය යටතේ iPhone 13 නිෂ්පාදනයට කුමක් සිදුවේදැයි යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කිරිමට කල් වැඩි බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් මෙම අමුද්‍රව්‍ය හිඟයට මුහුණ පෑ එකම සමාගම ඇපල් සමාගම නොවන අතර මෙම චිප් හිඟය තවත් ජංගම දුරකතන නිෂ්පාදන ආයතන, වාහන නිෂ්පාදන ආයතන, GPU නිෂ්පාදනායතන මුහුණ පා ඇති අතර පසුගිය කාලයේදී GPU වල මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යාමට හේතුවූයේද මෙම චිප්සෙට් හිඟයයි.

Sources: Bloomberg