Loading...
සිතා ගත නොහැකි වෙනස්කම් රැසකින් අලුත් වෙන iOS 16 එලි දක්ව​යි

Apple සමාගම විසින් නිල වශයෙන් iOS 16 සංස්කරණය පිළිබඳ තොරතුරු එලිදැක්වීමට කටයුතු කරනු ලැබුවා. iOS 15 සංස්කරණය වනතුරු නිකුත් වූ iOS සංස්කරණයන්ගෙ​න් ඉතාමත් වෙනස් ආකාරයේ iOS 16 සංස්කරණය ඔවුන් හදුන්වනු ලැබුවා. iOS 16 සංස්කරණය හරහා වෙනදාට වඩා වැඩි customization හැකියාවන් ලබා දීමට Apple සමාගම කටයුතු කිරීම නම් Android වැඩකාරයෝ අපිට නම් පුදුමය දනවන කාරණාවක් උනා.

iOS 16 විශේෂාංගය​න්

iOS 16 හදුන්වාදීම සිදු කරනු ලැබුවේ Craig Federighi විසින් වන තර ඔහු විසින් ආරම්භයේදීම පවසා සිටියේ මෙවර අප විසින් iOS lock screen එක සඳහා වන විශාලතම update එකක් ලබා දෙනු ලබන අතර, ඒ හරහා විශාල පහසුකම් රාශියක් පරිශීලකයන් වෙත ලබා දීමට කටයුතු කරන බවයි.

“the biggest update ever to the lock screen, completely reimagining how it looks and how it works for you.”

iOS 16 සංස්කරණය හරහා iPhone එකේ lock screen එකට widgets ඇතුලත් කල හැකි අතර lock screen එකට ඇතුලත් කරන background image එකේ depth of field භාවිතා කරමින් විශාල වෙනස්කම් සිදු කිරීමේ හැකියාව ලබා දීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා.

Lock screen එක සඳහා ලබා දුන් තවත් පහසුකමක් වනුයේ එහි ඇති clock එකේ ඇති font එක පරිශීලකයාගේ කැමැත්ත අනුව වෙනස් කිරීමේ හැකියාවයි. ඒ අනුව font එකේ style එක මෙන්ම එහි වර්ණයද වෙනස් කිරීමට ඔවුන් පහසුකම් ලබා දී තිබෙනවා.

New fonts and colors in Lock Screen

එමෙන්ම iOS 16 හරහා නව Wallpaper Gallery එකක්ද හදුන්වාදීමට කටයුතු කල අතර ඒ හරහා iPhone පරිශීලකයන්ට විශාල wallpapers ප්‍රමාණයක් තමන්ගේ අභිමතය පරිදි තෝරා ගැනීමේ හැකියාව හිමිවනවා.

මීට අමතර නව lock screen unlocking animations කිහිපයක් iOS 16 සමඟ ලබා දීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

iOS 16 හරහා lock screen එකේ සිදු කරන ලද තවත් ප්‍රධානතම වෙනස්කමක් ලෙසින් හැදින්විය හැක්කේ Live Notification විශේෂාංගයයි. ඒ හරහා notifications හරහා සජිවීව තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. ඒ සඳහා Apple සමාගම විසින් මෘදුකාංග සංවර්ධකයන් වෙත Live Notifications API නමින් පහසුකමක්ද හදුන්වාදීම සිදු කෙරුනා.

Live Notifications

එමෙන්ම මෙතෙක් කල් notification පෙන්වීම සඳහා භාවිතා කෙරුනු සාම්ප්‍රදායික ක්‍රමය වෙනස් කරමින් lock screen එකේ පහතින් notifications බලාගත හැකි ආකාරයට නිර්මාණය කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා. එහිදී roll වන ආකාරයට notifications පරීක්ෂා කර හැකි අතර ඒ හරහා lock screen එකේ විශාල ඉඩකඩ ප්‍රමාණයක් ලබා ගැනීමට ඔවුන් සමත්ව තිබෙනවා.

Messages වෙත න​ව විශේෂාං​ග

Apple is addressing three of the most common complaints about Messages. The new features include:

Apple සමාගම විසින් ඔවුන්ගේ Messages app එක සඳහා නව විශේෂාංග තුනක් එකතු කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව iOS 16 සංස්කරණය සමඟින් iOS පරිශීලකයන්ට ඉදිරියේදී,

  • Edit messages
  • “Undo Send”
  • Mark As Unread

යන පහසුකම් ත්‍රිත්වය අත්විදීමේ හැකියාව හිමිවනු ඇත.

New features to the Messages app

මේ නව පහසුකම් වලට අමතරව iOS 16 හරහා Dictation විශේෂාංගය සඳහා අළුතෙන් පහසුකම් රැසක් හදුන්වාදීමට Apple සමාගම කටයුතු කරනු ලැබුවා. මේ හරහා ඉතාමත් පහසුවෙන් සහ නිවැරදිව පණිවිඩ රචනා කිරීමේ හැකියාව හිමිවනවා.

තෙවන පාර්ශවීය යෙදුම් සඳහා Siri සමඟ ඒකාබද්ධ වීමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා, Apple විසින් App Intents API හදුන්වාදෙනු ලැබුවා.. මෙමගින් යෙදුම් වලට පහසුවෙ​න් Siri සමග ඒකාබද්ධ වීමට අවස්ථාව සැලසෙනවා.

iOS 16 සමඟින්, Apple සමාගම විසින් හදුන්වා දුන් ලො​ව ජනප්‍රිය Live Text විශේෂාංගය ප්‍රථම වතාවට වීඩියෝ වෙත ද ලබා දීමට කටයුතු කරනු ලැබු​වා. වීඩියෝ වලින් text තෝරා ගැනීමට මෙම පහසුම​ක ඔබට ඉඩ සලසනු ලබනවා. මෘදුකාං​ග සංවර්ධකයින්ට Live Text විශේෂාංග වෙත ප්‍රවේශ වීම​ට ඉඩ සලසන නව Live Text API එකක් ද හදුන්වාදීම සිදු කෙරුනා.

වැඩි දියුණු කල Apple Maps

Apple විසින් Apple Maps සඳ​හා Fly Over (ගුවන් පාලම්) විශේෂාංගය සහ නව නගර වෙත ප්‍රතිනිර්මාණය කරන ලද ත්‍රිමා​ණ සිතියම්කරණ කිරීමේ හැකියාවන් පුළුල් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ ආකාරයට ප්‍රතිනිර්මාණය කරන ලද තිර්මා​ණ සිතියම්,

  • Atlanta
  • Chicago
  • Las Vegas
  • London
  • Los Angeles
  • Melbourne
  • Miami
  • Montreal
  • New York
  • Philadelphia
  • San Diego
  • San Francisco
  • Seattle
  • Sydney
  • Toronto
  • Vancouver
  • Washington DC

යන නගරයන් සඳහා නිකුත් කෙරෙනු ඇති.

Multi-stop routing විශේෂාංගය​ද Apple Maps වෙත පළමු වරට හදුන්වා දීමට කටයුතු කරනු ලැබු​වා. Apple සමාග​ම පවසන්නේ පරිශීලකයින්ට නැවතුම් 15 ක් දක්වා කල්තියා සැලසුම් කළ හැකි බවයි. රිය පැදවීමේදී මාර්ගයකට අමතර නැවතුම් එක් කිරීම ඔබට Siri භාවිතා කරමින් සිදු කල හැකියි.

Apple News

Apple හි ප්‍රවෘත්ති යෙදුම My Sports අංශයක් සමඟ යාවත්කාලීන කර ඇත, එය පරිශීලකයින්ට ඔවුන්ගේ ප්‍රියතම ක්‍රී​ඩා කණ්ඩායම් follow කිරීමට ඉඩ සලසයි. මෙයට කණ්ඩායම් වල highlights, ලකුණු සහ කණ්ඩාය​ම් ස්ථාවරයන් ඇතුළත් වේ. එමෙන්ම මෙය Apple News+ පහසුකම සමඟින් භාවිතා කිරීමෙ හැකියාවද ඇතුලත් කර ඇත.

මීට අමතරව Wallet app, Home app, CarPlay, සඳහා නව පහසුකම්ද, Personalized Spatial Audio, Quick Note on iPhone, New Memoji customization යන පහසුකම්ද හදුන්වාදෙනු ලැබුවා.

iOS Quick go through