Loading...
2020 PC සහ Tablet පරිගණක පාරිභෝගිකයන්ගේ තෘප්තිය අතරින් Apple සමාගම මුල් තැනට

අපි හැමෝම දන්න දෙයක් තමයි. Apple කියන්නේ technology industry එකේ major brand name එකක් කියන දේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට consumers ලා අතර තියෙන reputation එක හඳුන්වන්න පුලුවන්. Apple ecosystem එකට, ඒකේ තියෙන software experience එකට ගොඩක් මිනිස්සු ලොකු කැමැත්තක් දක්වනවා. ඉතින් මෑතකදී American Customer Satisfaction Index (ACSI) එකෙන් නිකුත් වුන වාර්තාවකට අනුව personal computers market එකේ පාරිභෝගික තෘප්තිය එහෙමත් නැතිනම් Consumer satisfaction එක අතින් top position එක හිමිකර ගැනීමට Apple සමාගම සමත් වෙලා තියෙනවා.

ඇමෙරිකානු පාරිභෝගික තෘප්ති දර්ශකය එහෙමත් නැති නම් American Customer Satisfaction Index (ACSI) එක කියන්නේ organization එකක්. මේකෙන් වෙන්නේ customer කෙනෙක් අලුත් electronic product එකක් purchase කරාට පස්සේ ඒ customer ගේ satisfaction එක ගැන ideas ගන්න එක. මේ විදිහට customers ලා 14,698 දෙනෙක්ගෙන් satisfaction reviews මොවුන් අරගෙන තියෙනවා. මේ report එක තුලින් PC විතරක් නෙමේ smartphones, TVs සහ අනිත් electronic appliances ගැනත් customer satisfaction levels ඇතුලත් වෙලා තියෙනවා.

ඉතින් අපි මෙ කතා කරන personal computer category එකේ top position එකට ඇවිත් තියෙන්නේ ලකුණු 82ක් ගනිමින්. කලින් අවුරුද්දට වඩා එක ලකුණකින් මේ පාර ඔවුන් පසු පසට ගිහින් තියෙනවා. දෙවෙනි තැනට ඇවිත් තියෙන්නේ Samsung සමාගමයි.

Image source : ACSI
Both Apple and Samsung have shown high and stable customer satisfaction for the past five years–separated by just a point in all but one of those years. Apple continues to beat the field across the entire customer experience, receiving its highest mark for design. Samsung shines when it comes to value, rating best in class among all PC makers. - American Customer Satisfaction Index.

Source : Macrumors