Loading...
වසර 21ක දිගු ගමනක අවසානය සනිටුහන් කරමින් Apple සමාගම විසින් iPod නිෂ්පාදනය නවතා දමයි

තවත් එක් යුගයක අවසානය සනිටුහන් කරමින් Apple සමාගම විසින් iPod touch Device එකෙහි නිෂ්පාදන කටයුතු නවත්වා තිබෙනවා. ඒ මෙය ලබා ගත හැක්කේ සැපයුම පවති​න තුරු දක්වා පමණක් බව Apple සමාගම විසින් නිවේදනය කිරීමත් සමඟිනුයි. මින් අදහස් වන්නේ "iPod" brand එක නිල වශයෙන් විශ්‍රාම ගොස් ඇති බවයි, ඒ iPod touch යනු Apple සමාගමේ අවසාන iPod එක වන නිසායි.

පලමු iPod Touch device එක 2007දී හඳුන්වා දුන් අතර එය iPhone ආකෘතියට සමාන device අපේක්ෂා කල ගැනුම්කරුවන් අතර වඩාත් ප්‍රසිද්ධ විය. මේ සඳහා වසර ගණනාවක් තිස්සේ නිතිපතා Updates ලබා දුන් අතර බොහෝ දෙනා iPhone සඳහා වැඩි ඇල්මක් දැක්වීමත් සමඟ Apple සමාගමේ අවධානයද ඒ සඳහා යොමු විය. අවසාන iPod touch device එක 2019දී හඳුන්වා දුන් අතර එය අඟල් 4ක Display එකකින් යුක්ත වන අතර iPhone 7හි Design එකට බොහෝ සේ සමාන විය.

Apple සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් The music live on ලෙස පවසා ඇත. Apple පරිශීලකයින් දැන් iPhone, Apple Watch, Apple TV සහ HomePod mini වැනි නිෂ්පාදන හරහා ඔවුන්ගේ Music රසවිඳින බව නිවේදනය තවදුරටත් පැහැදිලි කරයි.

නිවේදනයක් නිකුත් කරමින්, Apple සමාගමේ Worldwide Marketing හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Greg Joswiak, Apple සමාගමෙහි වර්තමාන නිෂ්පාදන පෙළෙහි "iPod Spirit එක" පවතින බව පැහැදිලි කළේය.

Music has always been part of our core at Apple, and bringing it to hundreds of millions of users in the way iPod did impacted more than just the music industry – it also redefined how music is discovered, listened to, and shared. Today, the spirit of iPod lives on. We’ve integrated an incredible music experience across all of our products, from the iPhone to the Apple Watch to HomePod mini, and across Mac, iPad, and Apple TV. And Apple Music delivers industry-leading sound quality with support for spatial audio – there’s no better way to enjoy, discover, and experience music.

මීටත් අමතරව iPod Touch හි අවසානයට අමතරව brand එකක් ලෙස iPodහි ද අවසානය මෙමඟින් සනිටුහන් කරයි. පළමු iPod එක 2001 ඔක්තෝම්බර් මස හඳුන්වා දුන් අතර iPod shuffle, iPod nano, iPod classic, සහ iPod touch වැනි නිෂ්පාදන මෙයට එකතු කිරීමත් සමඟ iPod series එක වසර ගණනාවක් පුරා කිහිප වතාවක් ජනප්‍රිය විය.

මෙය ඉතිහාසයේ තවත් එක් යුගයක අවසානයක් වන බව නොඅනුමානය.

Source - 9to5Mac