Loading...
iOS සඳහා 3rd Party Apps Sideload කිරීමේ හැකියාව ලබාදෙයි?

යුරෝපීය Digital Marketing පනතට අනුව Apple සමාගමට iOS, Safari Browser සහ App Store වෙතට වෙනස්කම් කිහිපයක් කිරීමට සිදුවී තිබෙනවා. මෙහි විශේෂතම වෙනස්කම වන්නේ 3rd Party Apps Sideload කිරීමේ හැකියාව ලබාදීමයි.


Sideloading

Official: Apple Introduces Sideloading on iPhones with iOS 17.4 in Europe

Blog සටහනක් තබමින් Apple සමාගම සඳහන් කර ඇත්තේ, දැනට යුරෝපීය කලාපයේ ඇති App Stores සඳහා මෙම Side Load කිරීමේ හැකියාව ලබා දී ඇති බවයි. මේ සඳහා Apple සමාගම විසින් එම 3rd Party App Developers ලාගෙන් මුදල් අය කිරීමක් සිදු කරන බවට පෙර වාර්තා වූවා.

ඒ ආකාරයෙන් Apple සමාගම විසින් වසරකට මිලියන 1ක සීමාවක් දක්වා වූ Downloads ඇති Apps සඳහා ඉන් පසු එම App එක Download කරන වාරයක් වාරයක් පාසා €0.50ක සුළු Core Technology Fee එකක් අය කරනු ලබනවා. මෙම අය කරනු ලබන මුදල App Store හි තිබෙන Official Apps සඳහාත් අදාළ වනවා.

කෙසේවෙතත් දැනට මේ පහසුකම ලබා දී ඇත්තේ යුරෝපීය කලාපයට පමණක් වන අතර නුදුරේදීම වෙනත් කලාප සඳහාත් බලාපොරොත්තු විය හැකියි.

අඩු කළ App Store කොමිස් මුදල

Apple සමාගමට බොහෝ විශ්වාසභංග නඩු පැවරී ඇති බැවින් ඔවුන්ගේ නියාමකයින් සතුටු කරවීම සඳහා App store එක මඟින් Download කරන Apps හරහා සිදු කරන ගෙවීම් වල කොමිස් මුදල 10% කින් හෝ 17% කින් අඩු කරන බවද නිවේදනය කොට තිබෙනවා. මේ තීරණය Apple සමාගම අධික කොමිස් මුදලක් අය කරවා යැයි චෝදනා එල්ල කරන බොහෝ App Developers ලට සුබදායි වනු ඇත.

බාහිර ගෙවීම් විකල්ප

Apps තුළ Developers ලා විසින් ලබා දෙන 3rd Party Payment Options තෝරා ගැනීමට Apple සමාගම හට අවසර දිය යුතු බවට අධිකරණය විසින් තීන්දුවක් දීමෙන් පසුව, Apple සමාගම විසින් එහි App Store මාර්ගෝපදේශ වෙනස් කරමින් සිටිනවා.

දැන් App එක තුළ සිට සහ App Store වෙත පැමිණීමෙන් තොරව ගෙවීම් කිරීමට හැකියාව ලබා දී තිබෙනවා. එපමනක් නොව, developers ලාට යුරෝපයෙහි සිටින පරිශීලකයින්ට යෙදුමෙන් පිටත ලබා ගත හැකි ප්‍රවර්ධන, වට්ටම් සහ ගනුදෙනු පිළිබඳව දැනුම් දීමට හැකියාව තිබෙනවා.

Default web Browser එක වෙනස් කිරීමේ හැකියාව

iOS 17.4 සමඟින්, Apple සමාගම විසින් යුරෝපයේ සිටින පරිශීලකයින්ට ඔවුන්ගේ Default web Browser එක ලෙස Safari හැර වෙනත් Browser එකක් තෝරා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා.


Apple සමාගම විසින් මේ දින වල iOS 17.4හි Beta සංස්කරණය නිකුත් කරමින් පවතිනවා. මෙවැනි වූ තාක්ෂණික පුවත් ඉක්මනින් දැන ගැනීම සඳහා Android වැඩකාරයෝ අප සමඟම රැඳී සිටින්න.

Source: apple.com