Loading...
2021 වසරේ ලොව වැඩියෙන්ම අලෙවි වූ Smartphone වර්ග 10 අතුරින් 7ක්ම iPhone බවට පත්වේ

පසුගිය වසරේ Xiaomi සමාගම Samsung සමාගම අභිබවා ලොව විශාලතම Smartphone නිෂ්පාදකයා වූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. කෙසේ වෙතත් 2021 වසරේ ලොව වැඩියෙන්ම අලෙවි වූ Smartphone වර්ග බැලූ විට මේ කිසිදු සමාගමකට Apple සමාගම අභිබවා යෑමට හැකි වී නැත.

Image: Counterpoint Research

පිළිගත් වෙළඳපල පර්යේෂණ ආයතනයක් වන Counterpoint Research ආයතනය විසින් මෑතකදී ලොව වැඩියෙන්ම අලෙවි වන Smartphones වල ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කළා. එහිදී සමස්ත අලෙවියෙන් 2.9%ක් සමඟ වෙළෙඳපොළේ ජනප්‍රියම smartphone එක iPhone 12 බව හෙළිවිය. iPhone 12 Pro Max (2.2%), iPhone 13 (2.1%), iPhone 12 Pro (2.1%) සහ iPhone 11 (2.0%) යන Smartphones සමඟින් Apple සමාගම මේ ලැයිස්තුවේ පළමු ස්ථාන 5ම ලබා ගැනීමට සමත් වී තිබෙනවා. මීට අමතරව Phone SE 2020 සහ iPhone 13 Pro Max පිළිවෙලින් අටවන සහ නවවන ස්ථානවල පසුවනවා.

iPhone 12 series එක නිකුත් කිරීමට 2020 වසරේදී ප්‍රමාද වුවත්, එය Apple හි සමස්ථ Smartphone අලෙවියට 41% පමණක් දායක වී ඇති බව Counterpoint Research ආයතනය පෙන්වා දෙයි.

පුදුමයකට මෙන්, iPhone 11 පළමු පස් දෙනා අතර රැඳී සිටීමට හැකි වි ඇත. Apple සමාගම විසින් iPhone 11 Pro සහ 11 Pro Max නිෂ්පාදනය අත්හිටුවීමෙන් පසු මෙම උපාංගය ඉන්දියාවේ විශාල මිල අඩුවීමක් දක්නට ලැබුණි. එම නිසා පසුගිය වසරේ මෙම උපාංගය සඳහා වැඩි ඉල්ලුමක් තිබුණි. තවද, iPhone SE 2020 ද අටවන ස්ථානයේ සිටි අතර, අමඟින් පෙනී යනුයේ compact iPhone සඳහාද විශාල වෙළඳපොළක් ඇති බවයි.

Samsung සමාගමට පසුගිය වසර කිහිපයේදී විශිෂ්ට device එකක් සඳහා වෙළඳපොළක් ලබා ගැනීමට නොහැකි වූ අතර, මෙම ලැයිස්තුවට ඇතුළත් වීමට හැකියාව ලැබී ඇත්තේ ඔවුන්ගේ Entry level Smartphone එකක් වූ Galaxy A12 samrtphone එකට පමණකි. Xiaomi සමාගමට ද Apple සමඟ තරඟ කිරීමට නොහැකි විය, Redmi 9 සහ Redmi 9A පමණක් ලැයිස්තුවේ ස්ථාන කිහිපයක් ලබා ගනිමින් සමාගමේ සමස්ත smartphone අලෙවියට 22% ක දායකත්වයක් ලබා දෙයි.

ලොව පුරා පවතින චිප් හිඟයක් මධ්‍යයේ Apple iPhones වෙළඳපොලේ ආධිපත්‍යය දැරීම අදහාසගත නොහැකි කරුණක් වනවා. මෙම වසරේදී Apple සමාගම විසින් 120Hz ProMotion display සහ iPhone 14 සඳහා විශාලම RAM upgrades ගෙන එන බව පැවසෙනවා. ඉදිරියට යන විට, Apple සමාගමට වෙළඳපොලේ තම ස්ථානය පවත්වා ගැනීමට හෝ එහි තරඟකරුවන් අභිබවා යාමට හැකි වේද යන්න අපි බලමු.

Sources: 9t05 Mac, GSMArena