Loading...
M1 Chips වලින් බලගැන්වෙන iPad Pro වල software updates වලින් නිරාකරණයක කල නොහැකි දෘඪාංග මට්ටමේ ආරක්ෂක දෝෂයක්

ඇපල් සමාගම පාරිභෝගිකයන් අතර ජනාදරයට පත්වීමට එක් ප්‍රධාන හේතුවක් ලෙස Apple Devices වලඇති අසමසම ආරක්ෂක පද්ධතිය ඉස්මතුකර පෙන්වන්න පුළුවන්. එවන් පසුබිමක Apple සමාගමේ ආරක්ෂක දෝෂයක් නිර්මාණය වීම කනස්සල්ලට කරුණක්.

MacBooks, iMac, iMac mini සහ iPad Pro වැනි ඇපල් සමාගමේ Devices බොහෝමයක් M1 Chip එක මඟින් බලගැන්වෙනවා. නවතම වාර්තාවල දැක්වෙන ආකාරයට ඇපල් සමාගමට අයත් සිලිකන්වල ඇතිවූ ගැටළුවක් හේතුකරගෙන iPad Pro හි බලවත් ආරක්ෂක ගැටළුවක් පැනනැගී ඇති බවයි වාර්තා වෙන්නේ.

මෘදුකාංග ඉන්ජිනේරුවරයෙකු වන හෙක්ටර් මාටින් PhoneArena හරහා සඳහන් කළේ මෙම ආරක්ෂක ගැටළුව මෘදුකාංග යාවත්කාලීන කිරීමක් (Software Update) මඟින් විසඳිය නොහැකි ගැටළුවක් බවයි. එනම් මෙය දෘඪාංග මට්ටමේ (hardware Level) ගැටළුවක් බවයි තවදුරටත් ඔහු සඳහන් කළේ. iPad Pro 2021 නිපදවීමේදී, ඇපල් සමාගම විසින් ARM architecture එකද උල්ලංඝනය කරමිනුයි මෙය නිර්මාණය වී තිබෙන්නේ. ඒ හේතු පදනම් කරගෙන සරලව විසඳිය නොහැකි ගැටළුවක් නිර්මාණය වී ඇති බව පැහැදිලිව හඳුනාගෙන තිබෙනවා.

හෙක්ටර් මාටින් වැඩිදුරටත් සඳහන් කලේ සිදුවූ දෘඩාංග දෝෂය නිසා මූලික වශයෙන් සාමාන්‍ය මෙහෙයුම් පද්ධතිය භාවිතා නොකර දත්ත දෙකක් රහසිගතව හුවමාරු කර ගැනීමට ඉඩ සලසන බවයි. නමුත් වාසනාවකට මෙන් එය විශාල අවදානමක් නොවන බවද හෙතෙම සඳහන් කළා. මෙහි නරකම අවදානම වන්නේ advertisersලා සඳහා cross-app tracking කිරීම පමණිි. උපරිම අනාරක්ෂිත අවස්ථාවේදී පවා හැකර්වරුන්ට සංවේදී දත්ත සොරකම් කිරීමට ඇතුළුවිය නොහැකියි. කෙසේවෙතත් මෙය මෙහෙයුම් පද්ධතියේ ආරක්ෂක ආකෘතිය තරමක් උල්ලංඝනය කර ඇත.

අවාසනාවන්ත ලෙස මෙම ගැටළුව සෑම M1 Chip සමන්විත උපාංගයක් සඳහාම බලපෑමක් ඇති කරයි. එනම් M1 chipset එක නිපදවීමට භාවිතා කර ඇති CPU microarchitecture භාවිතා කර නිපදවා ඇති A14 චිපය ඇති වර්තමානයේ ප්‍රචලිතම iPhone 12 series දුරකතන පෙළට පවා මෙම ආරක්ෂක ගැටළුව වලංගු වේ.

මෙම ගැටළු තත්වය නිවැරදි කිරීමට ඇති එකම ක්‍රමය සමස්ත මෙහෙයුම් පද්ධතියම Virtual Machine ලෙස ක්‍රියාත්මක කිරීමයි. නමුත් එය ගැටලුව සඳහා නිසියාකාර පිළියමක් වන්නේ නැත. මෙම දෝෂය ඊළඟ පරම්පරාවේ M1X Chipset එකටද බලපානු ඇති. නමුත් නුදුරු අනාගතයේදී, එසේත් නැතිනම් එය ඊළඟ පරම්පරාවේදී නිසැකවම ගැටළුව නිවැරදි කරනු ඇතයි විශ්වාස කළ හැකියි. ඒ Apple සමාගම තම සන්නාම නාමයට කිසිදු කැළලක් ඇතිවනවාට දක්වන අකමැත්ත නිසයි.

Source: Gizmochina