Loading...
iPhone 12 සහ 12 Pro යන දුරකථන සඳහා ලැබෙන pre-orders, iPhone 11 වලටත් වඩා ඉහළ යා හැකි බවට ඇස්තමේන්තුගත කරයි

ප්‍රසිද්ධ විශ්ලේෂක Ming-Chi Kuo ඇස්තමේන්තුගත කර ඇති පරිදි, නවතම Apple දුරකථන වන iPhone 12 සහ 12 Pro සඳහා සති අන්තය වන විට මිලියන 7 සිට මිලියන 9 දක්වා වූ pre-orders ප්‍රමාණයක් ලැබෙනු ඇති බවයි. iPhone 12 Pro Max සහ Mini යන දුරකථන වල විකිණුම් ඇරඹීමෙන් පසු මෙම ප්‍රමාණ තවත් ඉහළ යා හැකිය.

19 වැනි දා Kuo විසින් පවසන ලද්දේ iPhone 12 සහ iPhone 12 Pro යන දුරකථන මාදිලි දෙකෙන් පමණක් වුවද 2019 වසරේ iPhone 11 යටතේ එළි දැක්වූ සියළු උප මාදිලි වල අලෙවිය පසු කළ හැකි බවයි.

පෙර ඇස්තමේන්තු කළ පරිදි, iPhone 11 මාදිලියේ දුරකථන මිලියන 10ත්, 12ත් අතර ප්‍රමාණයක් ඒවා එළිදැක්වූ සතියේ සති අන්තය වන විට විකිණී තිබුණි. නමුත්,  iPhone 12 මාදිලියේ දුරකථන මිලියන 1.7ත්, 2ත් අතර ප්‍රමාණයක්, ඒවා එළිදැක්වීමෙන් පැය 24ක් ගත වූ විටම විකිණී ගොස් තිබුණි.

Ming-Chi Kuo පවසන්නේ, පෙර බලාපොරොත්තු වූවාටත් වඩා iPhone 12 හි pre-orders ඉහළ යාමට හේතු වන්නේ, Apple රසිකයන් වඩා ප්‍රිය වන්නේ ඉහළ පහසුකම් වලින් යුතු high-end ලෙස දැක්වෙන දුරකථන වලට වීමත්, චීන වෙළඳපල ඇති ඉහළ ඉල්ලුමත්, සහ ඉදිරියේදී බලාපොරොත්තු විය හැකි නත්තල් සහ වසර අවසාන සමයේ ඇමරිකාවේ සහ යුරෝපයේ ඇති විය හැකි අධික ඉල්ලුමත් යන කරුණු ය. ඔහු තවදුරටත් පවසන්නේ, iPhone 12 Pro Max සහ iPhone 12 Mini යන මාදිලි වල මෙතරම් විකිණුම් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැකි වුවත්, ඒවායේ එළිදැක්වීම් නිසා මුළු විකිණුම් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති විය හැකි බවයි.

AppleInsider හි වාර්තා කර ඇති ආකාරයට, මෙම වසරේ හතර වන කාර්තුවේදී iPhone 12 සහ iPhone 12 Pro යන මාදිලි, සියළු iPhone 12 මාදිලි අතරින් 30% ත් 35% ත් අතර ප්‍රමාණයක් විකිණෙනු ඇති බව Kuo බලාපොරොත්තු වෙයි. එමෙන්ම, iPhone 12 Mini සහ iPhone 12 Pro Max යන දුරකථන මාදිලි පිළිවෙලින්, 10% ත් 15% අතර ප්‍රමාණයක් සහ 15% ත් 20% ත් අතර ප්‍රමාණයක් විකිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

Source - gizmochina.com