Loading...
Apple Glass සඳහා Face-ID වලට සමාන feature එකක් භාවිතා කිරීමට Apple සමාගම පේටන්ට් බලපත්‍ර ලබාගනී

Apple AR Glass එකේ developments ගැන අපි කාලයක් තිස්සේ විවිධාකාර තොරතුරු වලින් දැනුවත් උනා. විවිධාකාර news සහ rumors පල වුනා. කෙසේ වෙතත් මේ ගැන Apple ලගෙ කිසිම event එකකවත් online platform එකකවත් නිල වශයෙන් තොරතුරක් පල උනේ නෑ. ඉතින් කෙසේවෙතත් අපිට Apple සමාගම ඔවුන්ගේ AR Glass සඳහා Face-ID වගේ capability එකක් යොදාගන්න යනවා කියලා ආරංචියක් ලැබුනා. ලැබුනා විතරක් නෙමේ ඒක තහවුරු කරගන්නත් හැකියාව ලැබුණා. ඒ Apple සමාගම ලබා ගෙන තිබුණු patent බලපත්රයකින්.

ඉතින් මේ patent එකේ සඳහන් වෙන්නේ “Monitoring a user of a head-wearable electronic device” කියලයි. එතනින් Apple ලා ඔවුන්ගේ device එකට integrate කරන්න යන technology එක ගැන ඔවුන් hint එකක් ලබා දෙනවා. මේ technology එක හරහා Apple Glass user ට හැකියාව ලැබෙනවා touching සහ voice commands වලින් නැතුව head gestures හරහා iPhones එක්ක interact වෙන්න.

මේ patent එකේ තවත් එක තැනක මෙහෙම සඳහන් වෙනවා.

“Current device control often requires the user to interact with the sensing components actively, such as via touch or speech”

ඉතින් මීට අනුව Apple ලට උවමනා කරලා තියෙනවා iPhone එකක් එක්ක interact වෙන සාමාන්‍ය ක්‍රමයන් gestures සහ light-pattern detection කියන දේවල් වලින් replace කරන්න.

ඒ කොහොමද? උත්තරේ තමා “Light Sensors”

මේ patent එකට අනුව පරිශීලකයාගේ head movements සහ facial expressions track කරලා ඒවා iPhone එකට සම්ප්‍රේෂණය කරන්න Apple Glass එකට හැකියාව ලැබෙන්න ඕනේ. ඉතින් මේකට පරිශීලකයාගේ ගේ මුහුණ සහ හිස 3D-map එකකින් track කරන්න අවශ්‍ය sensors තියෙන්න ඕන වෙනවා.

ඉතින් Apple සමාගම පවසන්නේ මේ wearable device එකට light sensors pack කරන බවත් ඒ තුලින් පරිශීලකයාගේ හිස track කරන බවයි.

ඒ වගේම මේ patent එකෙන් කියවෙන විදිහට light sensors මේ device එකේ විවිධ ස්ථාන වල place වෙනවා.

“Due to such positioning, the sensor data from the light sensors can capture the movement of anatomical features in the tissue of the head of the user and can be used to determine any suitable gestures of the user.”

ඉතින් සරලවම කීවොත් මේ technology එක් මගින් user ට හැකියාව ලැබෙනවා ඔලුවෙන් සහ අත්වලින් කරන gestures හරහා ඔවුන්ගේ mobile devices control කරන්න. Wearable device එකේ තියෙන light sensors හරහා user ගේ expressions track වීම සිද්ධ වෙනවා. ඒ තුලින් mobile එකේ විවිධ actions trigger වෙනවා.

ඉතින් මේ ගැන තවම 100%ක්ම තහවුරු වෙලා නෑ. Patent එක final confirmation එකක් විදිහට දකින්න අමාරුයි. කොහොම උනත් Apple ලා මේ වගේ තාක්ෂණයක් එකක් භාවිතා කරන එක ලොකු පෙරලියක් නම් වේවි.

Source : Apple Insider