Loading...
කෘතීම Group selfie සඳහා Apple සමාගම patent එකක් ලබා ගනී

Apple සමාගමෙන් file කරපු patent license එකක් මගින් ඔවුන්ගෙ ඊලඟ අලුත්ම selfie technology එක ගැන ඉඟි පලවෙනවා. ඔව්, බොහෝවිට Selfies වලට වඩා වෙනස් වෙන්න පුලුවන්! ඉතින් මේ patent එකට අනුව iPhone manufacturers ලා මේ දිනවල පවතින අමාරු වාතාවරණය එක්ක social distancing maintain කරන ගමන් selfies ගන්න පුලුවන් අලුත් technology එකක් සම්බන්ධයෙන් වැඩ කටයුතු කරමින් ඉන්නවා.

Patently Apple එකේ spot උන මේ patent එකට අනුව මේ අලුත් technology එක මගින් devices කීපයක ඇති images, videos වගේම live streams වල තියෙන captures පවා combine කරලා synthetic group selfie එකක් හදා ගැනීමෙ හැකියාව ලැබෙනවා.

තව දුරටත් මේ ගැන පැහැදිලි කරනව නම් මෙහි ඇති group selfie mode එක තුලින් users ලට තමන්ගෙ ලඟ ඉන්න යහලුවන්ට invite කරාට පස්සෙ ස්වංක්‍රීයව එම users ලා group selfie එකක position වෙනවා ඉන් පසුව එය modify කිරීමේ හැකියාවත් users ලට ලැබෙනවා.සමහර විට මේ function එක use කරන්න user ට තමන්ගෙ යහලුවන්ට සමීප පරාසයක රැඳෙන්නට සිදු වේවි.

මේකෙ computational workload එක ගැන කතා කරද්දි මේ feature එක process වෙන්නෙ group selfie එකට connect උන සියලුම devices තුලයි ඒ නිසා මේකෙ processing burden එක තනි device එකකට වැටෙන්නෙ නෑ. ඒ වගේම synthetic group selfie එකක් ලබාගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් background removing වගේ task එකක් ඇතුලත් වීමේ ඉඩකඩ තියෙනවා.

Image credit: Patently Apple 

මේ තත්වය අනුව අපිට කියන්න බෑ social distancing කියන දේ කවද වෙනකල් maintain කරන්න වේවිද කියන දේ. ඉතින් මේ වාතාවරණය එක්ක මේ technology එක ගොඩක් ප්රයෝජනවත් වෙයි කියල හිතන්න පුලුවන්.

කෙසේවෙතත් වඩාත් පුදුමයට කාරණය තමා මේ patent එක Apple ලා file කරලා තියෙන්නෙ 2018 දි වීම!

සමහර විට ඔවුන් මේ technology එක හඳුන්වාදෙන්න plan කරන්න ඇත්තේ දුරින් ඉන්න නෑදෑයෝ, යාලුවො එක්ක connect වෙලා selfie එකක් ගන්න අරමුණ නිසා වෙන්න ඇති. ඒත් කොහොම හරි මේ වෙද්දි ඒ අරමුණ වෙනස් වෙලා තියෙනවා කියන දේ නම් පැහැදිලී යි.

ඉතින් මේ patent එක US Patent Office එකෙන් නිකුත් වෙලා තියෙන්නෙ ජූනි 2 වැනිදා ඒ Apple ලට නිකුත් උනු තවත් patents 56ක් එක්ක.

කෙසේ වෙතත් කාලයකට ඉහතදි Pixel ලගෙ camera capabilities වලින් අභියෝගයට ලක් වෙලා හිටපු Apple ලා මේ වෙද්දි ආපහු industry එකේ උඩට ඇවිත් ඒ අරන් තියෙන lead එකට තවත් හොඳ උදාහරණයක් විදිහට මේක දැකගන්න පුලුවන්.

Source: Patently Apple, Mashable